ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 4/15 32 පි.
  • ලෝක සාමය කුමන උල්පතකින්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝක සාමය කුමන උල්පතකින්ද?
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 4/15 32 පි.

ලෝක සාමය කුමන උල්පතකින්ද?

අධ්‍යාපනය සහ ආගම ලොව පුරා ව්‍යාප්ත කිරීමෙන් ලෝක සාමය අත් කරගත හැකිද? මෙය ආචාර්ය රොබට් ම’ල’ගේ සිහිනයයි. ඔහු එක්සත් ජාතීන්ගේ හිටපු සහකාර මහ ලේකම් වූ අතර, සාමය පිළිබඳ අධ්‍යාපනය සඳහා 1989 යුනෙස්කෝ ත්‍යාගයද ඔහුට හිමි වුණා. ද වැන්කුව’ සන් නමැති පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට “පෘථිවි ග්‍රහයා, මිනිස්වර්ගයා මෙන්ම අවිහිංසාව හා සම්බන්ධ කරුණු හා සාරධර්ම ඇතුළත් මූලික පාඩම් මාලාවක් ලොව පුරා සිටින සිසුන්ට ඉගැන්විය යුතුයි කියා” ආචාර්ය ම’ල’ට “අවබෝධ වී තිබෙනවා.” ලොව පුරා තිබෙන සියලුම අධ්‍යාපනික ආයතන, සාමය සඳහා හොඳම බලාපොරොත්තුව හැටියට එජා ගැන දරුවන්ට උගන්වන දවස දෙස ඔහු බලා සිටිනවා. “ලෝකයේ සියලුම ආගම්, එක්සත් ආගම් යනුවෙන් හඳුන්වන එජා හා සමාන නව සංවිධානයක සාමාජිකයන් විය යුතුයි” යන්න ඔහුගේ විශ්වාසය බව සන් වාර්තා කරනවා. මෙය සිදු වන විට “සියලුම ආගමික ඉගැන්වීම් අවිහිංසාවට අනුබල දෙයි.”

ලෝක සාමය කවදා හෝ සැබෑවක් වෙයිද? එය එසේ වන බව සහතිකයි! නමුත් එය සිදු කරන්නේ කිසිම මිනිස් ආයතනයක් මගින් නොවෙයි. අවුරුදු 2,700කටත් වඩා වැඩි කලකට පෙර, දෙවිගේ ආනුභාවය ලත් ලේඛකයෙකු සාමය සඳහා අධ්‍යාපනය සපයන උත්තරීතර උල්පතක් හඳුනාගත්තා. අවංක හදවත් ඇති අයට ‘යෙහෝවා උගන්වන’ බවත් ඔවුන්ගේ සමාදානය “මහත්” බවත් ඔහු පුරෝකථනය කළා.—යෙසායා 54:13.

දෙවි “සමාදානයේ” දෙවි කෙනෙකු කියා බයිබලය පවසනවා. (රෝම 16:20) තවදුරටත් ‘යුද්ධ ඉගෙනගැනීමට’ නොව, “සමාදානය සොයමින් එය ලුහුබැඳීමට” හා ‘තමුන්ගේ කඩුවලින් හීවැල් තනාගැනීමට’ යෙහෝවා තම සෙනඟට උගන්වමින් සිටින මේ කාලයේ පවා, ලෝක ව්‍යාප්ත අපූර්ව අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.—1 පේතෘස් 3:11, NW; යෙසායා 2:2-4.

කුහකකමින් හා මුළා කිරීමෙන් තොරව සත්‍යය මත පදනම් වන නමස්කාරයට දෙවිගේ අනුමැතිය හා ආශීර්වාදය ලැබෙනවා. (මතෙව් 15:7-9; යොහන් 4:23, 24) සාමයෙන් හා සමගියෙන් ජීවත් වෙමින් එකිනෙකා කෙරෙහි අව්‍යාජ ප්‍රේමයක් පෙන්වන ජනතාවක් බිහි කළ හැක්කේ, දෙවිගේ වචනය හා සම්පූර්ණ එකඟතාවක් දක්වන එකම සැබෑ නමස්කාරයට පමණයි.—යොහන් 13:35.

ලෝක සාමය ගැන දෙවිගේ වචනයේ පවසන තවත් බොහෝ දේවල් ඉගෙනගැනීම සඳහා මේ සඟරාවේ ප්‍රකාශකයන්ව හමුවන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න