සිහි කිරීමට දවසක්
යේසු මියගිය දාට කලින් රාත්‍රියේ, ඔහු මුහුන් නුමුසු රොටියක් සහ මුද්‍රිකපානය අඩංගු කුසලානයක් තම ප්‍රේරිතයන් අතින් අත යවා, එය අනුභව කිරීමට සහ පානය කිරීමට ඔවුන්ට උපදෙස් දුන්නා. ඔහු ඔවුන්ට මෙසේද පැවසුවා: “මා සිහිකිරීම පිණිස මේක කරන්න.”—ලූක් 22:19.
මෙම වසරේදී, මේ සිද්ධියේ අනුස්මරණය යෙදී තිබෙන්නේ අප්‍රියෙල් 1වන බ්‍රහස්පතින්දා හිරු බැසයෑමෙන් පසුවයි. යේසු ආඥා කළ ආකාරයට මෙම සිහි කිරීම පැවැත්වීම සඳහා, ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙම විශේෂ රාත්‍රියේදී එක්රැස් වෙනවා. අප සමඟ එක් වන මෙන් ඔබට ඉතාමත් උණුසුම් ලෙස ආරාධනා කරනවා. කරුණාකර ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන්, මෙම විශේෂිත රැස්වීම පවත්වන වේලාව සහ ස්ථානය හරියටම නිශ්චය කරගන්න.