දෙවිගේ නාමයට නැවතත් නියම තැන
“බයිබලයෙන් යෙහෝවා යන නාමය ඉවත් කිරීමෙන් අවුරුදු ගණනාවකට, ඇතැම්විට ශතවර්ෂ ගණනාවකට පසුව, නැවතත් ටෙට්රාග්රැමටනයට නියම තැන ලබා දීම සඳහා පැහැදිලි ස්ථාවරයක් ගත් එකම ක්‍රිස්තියානි ආගම ඔහුගේ නවීන දින සාක්ෂිකරුවන් පමණයි.”a
ඉහත සඳහන් කළ වචන රැගෙන තිබෙන්නේ බ්‍රසීලියානු ලේඛක ආසීස් බ්රාසීල් විසින් රචිත ජියෝවා ඩෙන්ට්රෝ ඩු ජුදායීස්මූ ඊ ඩූ ක්රිස්තියානිස්මූ (යුදෙව් ධර්මය සහ ක්‍රිස්තු ධර්මය තුළ යෙහෝවා) යන පොතෙනුයි. නමුත්, බයිබල් පරිවර්තනයන් සුළු සංඛ්‍යාවක දිව්‍ය නාමය යම් ආකාරයකින් සඳහන් වුවත්, අනිත් ආගම් ඔවුන්ගේ බයිබල්වලින් එය ඉවත් කර තිබෙන්නේ මන්ද යන ප්රශ්නය පැනනැඟීමට පුළුවන්. බ්රාසීල් මෙසේ පවසනවා: “මිථ්‍යා විශ්වාස . . . සැඟවුණු චේතනා හෝ යේසුගේ සහ ඔහුගේ මව වන මරියාගේ නාම උසස් කිරීමට තිබුණු ආශාව නිසා දෙවිගේ නාමය ඉවත් කළා.”
කොහොමවුණත් බ්රාසීල් මහතා, කරුණු මෙසේ නිවැරදි ලෙස ගෙනහැර දක්වනවා: “ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය මගින්, [දිව්‍ය] නාමය ඉවත් කිරීමේ අඩුපාඩුව පෘතුගීසි භාෂාව තුළ සම්පූර්ණයෙන්ම නිවැරදි කර තිබෙනවා.” ඒ කොහොමද? එම බයිබලයේ, යෙහෝවා යන නාමය තිබිය යුතු නිවැරදි ස්ථානයට නැවතත් එය දැමීම මගිනුයි. නව ලෝක පරිවර්තනය තුළ යෙහෝවා යන නාමය 7,200 වාරයකටත් වඩා වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙනවා.
එහි මුල් පිටපත් නිකුත් කළ දා සිට මෙම පෘතුගීසි භාෂාවෙන් කළ, නූතන, වචනානුසාර පරිවර්තනයේ පිටපත් මිලියන හයහමාරකටත් අධික ප්‍රමාණයක් බෙදාහැර තිබෙනවා. මේ අනුව පුවත්පත් කලාවේදියෙකු, ඩියාරිඕ ඩූ නොර්දෙස්ටි (ඊසානදිග දිනපතා පුවත්පත) නම් බ්‍රසීලියානු පුවත්පතට ලියමින් මෙසේ ඇසුවා: “දෙවිට නමක් තිබෙන බව ඔබ දැනගෙන හිටියද?” මෙම නූතන බයිබල් පරිවර්තනයට ස්තුතිවන්ත වන්න මිලියන ගණනකට මෙසේ පිළිතුරු දෙන්න පුළුවන්: “ඔව්, එම දිව්‍ය නාමය නම් යෙහෝවායි.”
[පාදසටහන]
a හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවිගේ නම ලියන්නේ יהוה ලෙසයි. මෙම අකුරු හතරට (දකුණේ සිට වමට කියවන) ටෙට්‍රාග්‍රැමටනය කියා පොදුවේ යොමු දක්වනවා.