“ශුද්ධ” භූමියක් වෙනුවෙන් සටන් කිරීම
රෝමයේ පාප්ගේ අනුමැතිය ඇතුව 1099 ජූලි 15වනදා දියත් කළ ප්‍රථම කුරුස යුද්ධය තුළින් යෙරුසලමේ පාලනය සියතට ගැනීමේ ඉලක්කය අත් පත් කරගත්තා. සිදු කළ ඝාතනය තැතිගන්වනසුලුයි! වැසියන්ගෙන් බේරුණේ පාලකයා හා ඔහුගේ ආරක්ෂක භටයා පමණයි; එයත් ඔහු ලොකු පගාවක් දී තිබුණු නිසයි. ඉතිරි මුස්ලිම් හා යුදෙව් වැසියන්ට සිදු වුණ දේ ගැන, ඇන්ටනි බ්‍රිජ් නම් පූජකයා කුරුස යුද්ධ (ඉංග්‍රීසියෙන්) නමැති සිය පොතෙහි මෙසේ වාර්තා කරනවා: “නගරය තුළ තමන්ට කැමති දෙයක් කරන්න නිදහස ලැබුණු විට, ඔවුන් ඉමහත්, දරුණු ලේ පිපාසයකින් සිටියා. . . . ඔවුන් නගරය තුළ සිටි තමාට හම්බ වුණු හැම පුරුෂයෙක්වම, ස්ත්රියකවම හා දරුවෙකුවම ඝාතනය කළා . . . මරන්න කිසිවෙක් ඉතුරු නොවුණ විට, ජයග්‍රාහකයන් දෙවිඳුන්ට ස්තුති කිරීම සඳහා නගරයේ වීදි ඔස්සේ ශුද්ධ සොහොනේ පල්ලියට . . . පෙළපාළියකින් ගියා.”
කුරුස යුද්ධයේ ජයග්‍රහණයත් සමඟම, යෙරුසලමේ සිටින ක්‍රිස්තියානි ලෝකයේ සාමාජිකයන්, එනම් රෝමානු කතෝලික, පෙරදිග ඕතඩොක්ස් හා වෙනත් නාමික ක්‍රිස්තියානි ආගම් අතර බොහෝ ගැටුම් ඉස්මතු වී තිබෙනවා. යෙරුසලමේ ශුද්ධ භූමි හා එහි අවට ප්‍රදේශය වෙනුවෙන් විවිධ පල්ලි නායකයන් අතර ඇති වූ අරගලයක්, 1850දී ක්රිමියානු යුද්ධය හටගැනීමට ප්‍රධාන හේතුවක් වුණා. මිලියන අඩක ජීවිත සංඛ්‍යාවක් බිලිගනිමින් එංගලන්තය, ප්‍රංශය හා තුර්කීය රජය රුසියාවට එරෙහිව සටන් කළා.
එම යුද්ධය, යෙරුසලම හා එහි ශුද්ධ භූමි වෙනුවෙන් ක්‍රිස්තියානි ලෝකයේ පැවති ගැටුම් කෙළවරකට පත් කළේ නැහැ. එකල රට පාලනය කරමින් සිටි තුර්කීයයන්, ශුද්ධ භූමිය විවිධ ඇදහිලි ක්‍රම අතර බෙදා වෙන් කිරීම මගින් සාමය ගෙන ඒමට වෑයම් කළා. “වර්ෂ 1947 නොවැම්බර් මාසයේ විබෙදුම් සම්මතයත් සමඟම එක්සත් ජනපදය මගින් . . . මෙම ප්‍රතිපත්තිය පිළිගත්තා. මෙනිසා එය අන්තර්ජාතික නීතියේ කොටසක් වෙනවා” යයි මේ යෙරුසලමයි (ඉංග්‍රීසියෙන්) යන තම පොතෙහි ආචාර්ය මනාෂ හාරෙල් පැහැදිලි කරනවා. ප්‍රතිඵලයක් වශයෙන්, ශුද්ධ සොහොනේ පල්ලිය රෝමානු කතෝලික, ග්‍රීක් ඕතඩොක්ස්, ආමේනියානු, සිරියානු හා කොප්ට් සභා අතර බෙදා වෙන් කරනු ලැබුවා. අවසානයේදී, මෙම පල්ලියේ වහල මත තමන්ගේ සාමාජිකයන් කීපදෙනෙකුව පදිංචි කරවීම මගින් ඉතියෝපීය ජාතිකයන් එයට ඇති තම අයිතිය ප්‍රකාශ කළා. බොහෝදෙනෙක් ශුද්ධ සොහොනේ පල්ලිය දෙස බලන්නේ ක්‍රිස්තියානි ලෝකයේ අතිශුද්ධ භූමිය හැටියටයි. එය පූජා මණ්ඩප, රූප හා ප්‍රතිමාවලින් පිරී තිබෙනවා. ගෝර්ඩන්ගේ කල්වාරිය නම් තවත් එවැනි නාමික ශුද්ධ භූමියක්, යේසුව ඝාතනය කොට වළලනු ලැබූ ස්ථානය වශයෙන් සලකන ඇතැම් රෙපරමාදු භක්තිකයන්, එයට ගරුබුහුමන් කරනවා.
බොහෝ කලකට පෙර, ශුද්ධ භූමි කෙරෙහි විශ්වාසය තැබූ ස්ත්‍රියකට යේසු මෙසේ පැවසුවා: “මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා [පියාට] නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය. . . . සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද [පියාට] නමස්කාරකරන කාලය පැමිණෙන්නේය.” (යොහන් 4:21-24) මෙනිසා, සැබෑ ක්‍රිස්තියානීන් ශුද්ධ භූමි භක්ත්‍යාදරයෙන් සලකන්නේ නැහැ. පොදු යුගයේ 70දී රෝමානු හමුදා විසින් නොඇදහිලිවන්ත යෙරුසලම විනාශ කර දැමීම ක්‍රිස්තියානි ලෝකයට අනතුරු ඇඟවීමක් ලෙස පවතිනවා. ඇගේ රූප වන්දනාව, බෙදීම් හා ලේ වැගිරවීම, ඇය ක්‍රිස්තියානියයි කියා සිටීම බොරුවක් බව පෙන්වනවා. එනිසා, ඇය මහා බබිලෝනිය සෑදෙන සියලු ආගම් සඳහා දෙවි පුරෝකථනය කර තිබෙන ඉරණම විඳින්න යනවා.—එළිදරව් 18:2-8.