හුදකලාවේ පිහිටි කුඩා දූපතක්
ශාන්ත හෙලේනා දූපත විස්තර කිරීමට “හුදකලාවේ පිහිටි” සහ “කුඩා” යන විශේෂණ නිතරම භාවිත කරනවා. දිගින් කි.මී. 17ක්ද පළලින් කි.මී. 10ක්ද වන මෙම දිවයින, එයට කිට්ටුවෙන්ම තිබෙන ප්‍රදේශය වන නිරිතදිග අප්‍රිකානු වෙරළ තීරයට කි.මී. 1,950ක් ඈතින් පිහිටා ඇත. එමනිසා මෙම දූපතට එවන් යෙදුම් මනාව ගැළපෙනවා. එක්දහස් අටසිය පහළොවේදී, නැපෝලියන් බොනපාට්ව ඔහුගේ ජීවිතයේ අවසාන අවුරුදු කීපය ගත කිරීම සඳහා පරාජිත පිටුවහලෙක් ලෙස එව්වේ මෙහාටයි.
සාගරයේ සිට බලද්දී මෙම දූපත දිස්වන්නේ දැවැන්ත බලකොටුවක් ලෙසයි. එය ඇත්තෙන්ම, මීටර 500 සිට 700 අතර දුර ප්‍රමාණයක් දක්වා ඉතා තියුණු ලෙස උස් වූ පර්වතවලින් සමන්විත, අධික බෑවුමක් ඇති, අත්ලාන්තික් සාගරයේ සිට ඉහළට නැඟුණු නිවීගිය ගිනි කන්දක්. මුළු දූපතේම අණසක පතුරුවන්නේ මීටර 818ක් උසැතිව දූපත මධ්‍යයේ පිහිටි ඇක්ටියොන් ගිනි කන්දයි. සිහිල්ව හමන අත්ලාන්තික් වෙළඳ සුළං සහ සාගර සැඩ පහර නිසා, දූපතේ ඉතාමත් සෞම්‍යය හා ප්‍රියමනාප දේශගුණයක් පවතිනවා. එහෙත් පහතින් පිහිටි වෙරළ තීරයේ සිට අභ්‍යන්තර කඳුකරය දක්වා යන විට, එහි විවිධ කාලගුණ තත්වයන් සහ නානාවිධ තුරුලතාදිය දක්නට ලැබෙනවා.
දහහත්වන ශතවර්ෂයේ අගභාගයේ සිට ශා. හෙලේනා, බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවතුණා. මෙහි සිටින 5,000දෙනෙක් පමණ වන කුඩා ජනගහනයට, යුරෝපීය, ආසියාතික සහ අප්‍රිකානු මූලාරම්භයක් තියෙන මිශ්‍ර ජන සමූහයක් ඇතුළත් වෙනවා. දූපත පුරා ඉංග්‍රීසි භාෂාව භාවිත කෙරුවත්, එය කතා කරන්නේ වෙනස් වූ උච්චාරණ ක්‍රමයකිනුයි. මෙහි ගුවන්තොටුපොළක් නැති අතර, බාහිර ලෝකයත් සමඟ සම්බන්ධ වීමට තිබෙන එකම ක්‍රමය වන්නේ, නිතරම දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට ගමනාගමනයේ යෙදෙන නැව් මාර්ගයයි. ඇත්තෙන්ම කියනවා නම්, චන්ද්‍රිකා විකාශන සම්බන්ධතාවන්ට ස්තුතිවන්ත වන්න, මෙම දූපතට රූපවාහිනිය හඳුන්වා දෙනු ලැබුවෙත් 1990 ගණන්වල මැද භාගයේදීයි.
දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රථම වරට 1930 ගණන්වල මුල්භාගයේදී මේ වෙරළට ළඟා වුණා. (මතෙව් 24:14) ගෙවී ගිය අවුරුදු ගණන තුළදී, දූපත්වාසීන් බොහෝදෙනෙක් මෙම අනර්ඝ වස්තුව අත් කරගෙන තිබෙන අතර, එමගින් ඔවුන්ට ද්‍රව්‍යමය පොහොසත්කම නොවැදගත් දෙයක් බවට පත් වී තිබෙනවා. (මතෙව් 6:19, 20) අදදින, එහි එක් සාක්ෂිකරුවෙකුට තිබෙන ජනගහන අනුපාතය 1ට 31ක් වීමෙන් ලෝකයෙන්ම හොඳම අනුපාතය අත් කරගැනීමේ භාග්‍යය එයට උදා වී තිබෙනවා!
[24වන පිටුවේ සිතියම්]
(සඟරාව බලන්න)
ශා. හෙලේනා
ජේම්ස්ටවුන්
ලෙවල්වුඩ්
අප්‍රිකාව
අත්ලාන්තික් සාගරය
ශා. හෙලේනා