“අපි ඔය ක්‍රමයට ඉන්නවාට තමයි දෙවි කැමති”
‘ස්වාමීන් නිසා’ ලෞකික අධිකාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේදී, ‘යහපත කරන්නන් [ලෙස] ප්‍රශංසාව’ ලැබෙයි කියා ක්‍රිස්තියානීන්ට අපේක්ෂා කළ හැකියි. (1 පේතෘස් 2:13-15) විශ්වවිද්‍යාලීය ශාලාවක පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවකදී, දකුණු අප්‍රිකාවේ වසන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මෙය අද්දැකීමට හැකි වුණා.
වෙනත් සමුළුවලදී මෙන් කලහකාරි සහයෝගය නොදක්වන පිරිස් පැමිණේවිය යන අපේක්ෂාවෙන්, සමුළුවේ පළමු දිනයේදී, ආරක්ෂක පොලීසිය ඒ සඳහා සූදානම් වුණා. කොහොම වුණත්, ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ මීට පෙර කටයුතු කර නොතිබූ නිසා, ඔවුන් නම් ඇත්තටම පුදුමයට පත් වේවි.
ගේට්ටු අසල සාමාන්‍යයෙන් ආරක්ෂක සෝදිසි කිරීම් සිදු කරන අතර, එම භූමියට ඇතුල් වූ හා ඉන් පිටත් වූ සෑම වාහනයක්ම ආරක්ෂක පොලීසිය විසින් එයාකාරයෙන්ම සෝදිසි කළා. සෝදිසි කිරීම් හේතුවෙන් සහභාගිවූවන්ට ප්‍රමාදයක් ඇති වුණත්, තමන්ට සුහදව, ඉවසීමෙන් හා ගෞරවයෙන් යුතුව ආචාර කළ ආකාරය සම්බන්ධයෙන් නිලධාරීන් පුදුම වුණා. සාමාන්‍යයෙන් දක්නට ලැබෙන විරෝධයන්, වාද කිරීම් හෝ අපහාසාත්මක කතා අසන්න ලැබුණේ නැහැ. “මෙතනට එන අනිත් අය වගේ නෙවෙයි, ඕගොල්ලන් හරිම නිහතමානි, සන්සුන් පිරිසක්. ඒ වගේම ඒක හැමෝටම දැනෙනවා” කියා එක් ආරක්ෂක නිලධාරියෙක් පැවසුවා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සහයෝගී හැසිරීම ගැන ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට දැනගැනීමට ලැබීමත් සමඟ, වාහන සෝදිසි කිරීමේ අවශ්‍යතාවක් නැහැයි කියා ඔහු තීරණය කළා. “මොකද, ඕගොල්ලන් හරිම විනයානුකූල සෙනඟක්” කියා ඔහු පැවසුවා. ප්‍රතිඵලයක් හැටියට, “යෙසා” (යෙහෝවාගේ සාක්ෂිකරුවන්) යන ස්ටිකරය ඇතුව සිටි වාහනවලට සෝදිසි කිරීමකින් තොරව ඇතුල් වීමට අවසර දුන්නා.
සමුළුවේ අවසානයෙන් පසු, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නැවත ඉක්මනින් දැකගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රධාන ආරක්ෂක නිලධාරියා පැවසුවා. “ඕගොල්ලන් වගේ හොඳට හැසිරුණ කණ්ඩායමක් අපි මීට කලින් නං දැකල නැහැ. අපි ඔය ක්‍රමයට ඉන්නවාට තමයි දෙවි කැමති” කියා ඔහු පැවසුවා. මිනිසුන්ට ‘දකින්න ලැබෙන යහපත් ක්‍රියා නිසා, දෙවිට ගෞරව කරන පිණිස ඔබින හැසිරීමක් පවත්වාගැනීමට’ මෙවැනි ප්රශංසාත්මක ප්‍රකාශයන් සැබෑ ක්‍රිස්තියානීන්ව තව තවත් පොලඹවන්න යනවා.—1 පේතෘස් 2:12.