මවකගේ ප්‍රේමයට වඩා බලවත් ප්‍රේමයක්
උමං මාර්ගවල, ප්‍රසිද්ධ විවේකාගාරවල හෝ ජනයා ගැවසෙන වීදිවල මව්වරුන් අලුත උපන් බිළිඳුන්ව දමා යනවා. සමහර අවස්ථාවලදී, තම මව ඉල්ලා ඇඬීමෙන් වෙහෙසට පත් පුංචි බිළිඳුන්ව, කුණු එකතු කරන්නන්ට කුණු බාල්දිවල පවා සම්බ වී තිබෙනවා. ඔ එස්ටාඩො ඩි එස්. පාවුලු පවසන ආකාරයට, “වීදිවල අත්හැර දමා යන බිළිඳුන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා.” තරුණ මවක් ඇගේ තීරණය ගැන පසු කාලෙක පසුතැවිලි විය හැකි බවට සැකයක් නැහැ. එනමුත්, ඇය ඇගේ දරුවාගේ මරණය පෙනි පෙනිත් දරුවාව අත්හැර දමනවා.
‘අස්ථිර අනාගතයකට තම බිළිඳාව අත්හැර දැමීමට සිතීම පවා මවකට කළ හැක්කේ කොහොමද’ කියා ඔබ කල්පනා කළ හැකියි. තමාගේම අය වෙනුවෙන් අපේ මැවුම්කරුගේ හැඟීම්වල විශාල වෙනස දැක්වීමට රූපකයක් වශයෙන් බයිබලයෙහි එවැනි දුක්ඛදායක තත්වයක් මෙසේ යොදාගන්නවා: “ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතක නැති නොකරන්නෙමි.”—යෙසායා 49:15.
ඇත්තෙන්ම, ඕනෑම මනුෂ්‍ය මවකට වඩා, දෙවිට අප වෙනුවෙන් ගැඹුරු ප්‍රේමයක් තිබෙන අතර අපේ අවශ්‍යතා සඳහා සංවේදනයක් පෙන්වනවා. ඔබ යෞවනයෙකු වුවත් වැඩිහිටියෙකු වුවත්, ඔබ කුමන ගැටලුවකට මුහුණ දිය හැකි වුවත්, ඔබ තනි වී නැහැ. ඔබට උපකාර කරන්නත්, ඔබේ ශුභසිද්ධිය කෙරෙහි උනන්දුවක් දක්වන්නත් ඔබේ මැවුම්කරුට වුවමනායි. ගීතිකාකරුගේ වචන මෙසේයි: ‘මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නමුත් යෙහෝවා මා පිළිගන්නේය.’—ගීතාවලිය 27:10.
ලොව පුරා, ‘එකම සැබෑ දෙවි’ වූ යෙහෝවා සහ ඔහුගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් ගැන දැනුම සැපයීමට මුරටැඹ හා පිබිදෙව්! පළ කර ඇති අතර, අගයෙන් යුතුව එය ලබාගන්නා අයට සදාකාල ජීවනය අර්ථවත් විය හැකියි.—යොහන් 17:3.