‘වලා පටල අතරේ ප්‍රඥාව තැබුවේ කවුද?’
“බස්නාහිරින් වලාකුළක් නගිනවා නුඹලා දකින විට—වර්ෂාවක් එන්නේයයි නුඹලා එවලේම කියන්නහුය; එසේම වන්නේය. දකුණෙන් හුළඟ ගසන කල—ග්‍රීෂ්මය වන්නේයයි නුඹලා කියන්නහුය; එසේම වන්නේය.” සුවිශේෂයේ ලේඛකයෙක් වූ ලූක් විසින් ලියූ යේසුගේ මේ වචන, පුරාණ පලස්තීනයේ නිර්ණය කළ කාලගුණ අනාවැකි සඳහා නිදසුන් වෙයි. (ලූක් 12:54, 55) ඇතැම් අවස්ථාවලදී, ලකුණු නිරීක්ෂණය කර, කෙටි කාලයක් ඇතුළත සිදු වන දේ නිවැරදිව කීමට පැරැන්නන්ට හැකි වුණා.
අදදින, දිගු කාලපරිච්ඡේද පුරා තිබෙන කාලගුණ වෙනස් වීම් මැනීමට කාලගුණ විද්‍යාඥයන්, පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකා, ඩොප්ල’ රේඩාර් යන්ත්‍රය හා ප්‍රබල පරිගණක වැනි සංකීර්ණ උපකරණ පාවිච්චි කරනවා. නමුත් ඔවුන්ගේ අනාවැකි බොහෝවිට වැරදෙනවා. ඇයි?
බොහෝ සාධක, කාලගුණය කලින් නිවැරදිව කීම අසීරු කරවනවා. උදාහරණයක් හැටියට, උෂ්ණත්වයේ, ආර්ද්‍රතාවේ, වායු පීඩනයේ හා සුළං වේගයේ මෙන්ම දිශාවේ හදිසි වෙනස් වීම්, කාරණා සංකීර්ණ කළ හැකියි. විද්‍යාඥයන්ට තවමත් සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට අපහසු ඉර, වලාකුළු හා සාගරවල සංකීර්ණ අන්තර් ක්‍රියාවලිද මීට අමතරව සිදු වෙනවා. ඒ හේතුවෙන්, කාලගුණ අනාවැකි පළ කිරීම අනියත විද්යාවක්ව පවතිනවා.
කාලගුණය පිළිබඳ මිනිසාගේ සීමිත දැනුම, යෝබ්ගෙන් ඇසූ ප්‍රශ්න අපට සිහිගන්වනවා: “පිනි බින්දු ඉපදෙවුවේ කවුද? හිමකැට කාගේ ගැබෙන් නික්මුණාද? . . . වතුර රාශියක් නුඹ පිටට පැමිණෙන හැටියට වලාකුල්වලට නුඹේ හඬ නගන්ට පුළුවන්ද? . . . අධ්‍යාත්මයෙහි [වලා පටල අතරේ, NW] ප්‍රඥාව තැබුවේ කවුද? නොහොත් සිතට නුවණ දුන්නේ [අහසේ ආශ්චර්යයන් තේරුම්ගන්න සැලැස්සුවේ, NW] කවුද? . . . ප්‍රඥාවෙන් වලාකුල් ගනින්ට කාට පුළුවන්ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන්ද?”—යෝබ් 38:28-38.
මේ ප්‍රශ්න සියල්ලටම උත්තරය, මිනිසා නොව යෙහෝවා දෙවි යන්නයි. ඔව්, මිනිසා සෑහෙන්න ඥානවන්ත බව පෙනෙන්න තිබුණත්, අපේ මැවුම්කරුගේ ප්‍රඥාව ඊට වඩා අතිශ්‍රේෂ්ඨයි. අපේ මඟ සාර්ථක කරගත හැකි වන පිණිස ඔහුගේ ප්‍රඥාව බයිබලයෙන් ලබාගැනීමට අපට සලසා තිබීම, ඔහුගේ පැත්තෙන් බලන කල ඇත්තෙන්ම ප්‍රේමනීය දෙයක්.—හිතෝපදේශ 5:1, 2.