“කතෝලික අපිට මේ අයගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිබඳ මෙම නිරීක්ෂණය කරනු ලැබුවේ ඉතාලියේ බාරිහි ගුරුවරියකි; ඇය මෙය පැවසුවේ, උසස් පාසැලේ ආගමික ඉතිහාසය පිළිබඳව හදාරන පන්තියකදීයි. ඉගැන්වීමේ ආධාරකයක් හැටියට තමා වීඩියෝ කැසට් පටි පාවිච්චි කරන්න යන බව ගුරුවරිය පන්තියට පැවසුවා. මෙය ඇසීමෙන් 18 හැවිරිදි රොබේර්තො නම් එක් සිසුවෙක් තම ආගමත් එම සාකච්ඡාවට ඇතුල් කරන්න කියා යෝජනා කළා. ඔහු ඇයට යෙහෝවාගේ සාක්ෂිකාරයෝ—නාමය පිටුපස තිබෙන සංවිධානය (ඉංග්‍රීසියෙන්) යන වීඩියෝ පටිය ඉදිරිපත් කළා. ඇය රොබේර්තොගේ ඉල්ලීම පිළිගත් අතර, සිසු සිසුවියන් 30දෙනෙකුගෙන් යුත් මුළු පන්තියම වීඩියෝ පටිය නැරඹුවා. “එක්සත්කම, සංවිධානය වගේම යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතරේ තියෙන ගැඹුරු ප්‍රේමය දැකල හැමෝම පුදුම වුණා” කියා රොබේර්තො පවසයි. “හැම මාසෙකටම සැරයක් මුරටැඹ කලාප මිලියන 40කුත් පිබිදෙව්! කලාප මිලියන 36කුත් මුද්‍රණය වෙනවා කියල දැනගත්තහම ඒගොල්ලන් ඊටත් වැඩිය පුදුම වුණා.”
“මම හිතුවේ නැහැ ඕගොල්ලන් ඔය තරම්ම සංවිධානාත්මකයි කියලා;” රොබේර්තොගේ පන්තියේ කිහිපදෙනක් වීඩියෝ පටිය නැරඹුවාට පසුව එසේ පැවසුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිබඳව ගුරුවරිය පන්තියට මෙසේ පැවසුවා: “ඒ තරං එක්සත්ව ඉන්නත් සංවිධානාත්මකව ඉන්නත් ඒගොල්ලන්ගේ ඇදහිල්ල ඒ අයව පොලඹවලා තියෙන හැටි බලන්න. කතෝලික අපිට මේ අයගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.” එම වීඩියෝ පටිය නැරඹීම හා අනතුරුව පැවති පන්ති සාකච්ඡාව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමට ඉවහල් වුණා.