දහනවවන සියවස විනාශ කර දැමූ යුද්ධය
1914
මතු පැමිණෙන අවුරුදු දහස ගැන කල්පනා කරමින්, දි ඔලැන්ඩෝ සෙන්ටිනෙල් පුවත්පතේ වාර්තාකරුවෙකු වූ චාර්ලි රීස් මෙසේ ලිව්වා: “දහනවවන සියවස විනාශ කළ 1914-18 දක්වා වූ යුද්ධය අවසන් වෙලා නැහැ.” ඔහු අදහස් කළේ කුමක්ද? ඔහු මෙසේ පැහැදිලි කළා: “ඉතිහාසය දිනයන් මගින් පාලනය වෙන්නේ නැහැ. විශ්වාසයන්, උපකල්පනයන්, ආකල්ප හා සදාචාර ප්‍රමිති පිළිවෙතක් ලෙස නිර්වචනය කළ හැකි 19වන සියවස 1901 ජන. 1වනදා අවසන් වුණේ නැහැ. එය අවසන් වුණේ 1914යි. එලෙසින්ම නිර්වචනය කළ හැකි 20වන සියවසත් පටන්ගත්තේ එම වර්ෂයේමයි. . . .
“ඇත්තෙන්ම අපේ ජීවිත කාලයේදී අපේ සැලකිල්ලට භාජන වූ සියලුම ඝට්ටන හටගත්තේ ඒ යුද්ධයෙන්. අපේ ජීවිතයේදී අද්දකින්න සිද්ධ වී ඇති බුද්ධිමය හා සංස්කෘතික ප්රවණතා සියල්ලම පාහේ බිහි වුණේ ඒ යුද්ධයෙන්. . . .
“මිනිසුන්ට තමන්ගේ ඉරණම පාලනය කරගත හැකි බවට ජනයා තුළ තිබූ විශ්වාසය බිඳ දැමූ නිසා එය එවැනි හානියක් ඇති කළා කියා මම හිතනවා. . . . යුද්ධය, මිනිසුන්ට ඒ විශ්වාසය අත්හැර දමන්න සැලැස්සුවා. එවැනි විනාශයක් වෙයි කියා එක පැත්තක්වත් සිතුවේ නැහැ. එය බ්‍රිතාන්‍ය හා ප්‍රංශ අධිරාජ්‍යයන් විනාශ කර දැමුවා. එය බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා ජර්මානු මිනිසුන්ගෙන් හොඳම කොටස ඝාතනය කළා. . . . කෙටි කාලයක් තුළදී, එය මිලියන 11ක ජන සංඛ්‍යාවක් ඝාතනය කළා.”
යේසු හැඳින්වූ පරිදි ‘අන්‍යජාතීන්ගේ කාලවල’ අවසානය සිදු වන්නේ 1914 බවට, වර්ෂ 120කට වැඩි කලක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් පෙන්නුම් කළා. (ලූක් 21:24) ඒ වර්ෂයේදී, නැවත නැඟිටෙවූ මෙන්ම මහිමවත් වූ යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගීක රාජ්‍යයේ රජු වශයෙන් සිහසුන දැරුවා. මේ සියවසේ විදහා දැක්වූ සියලු දුක් වේදනා, යෙහෝවා දෙවි ඒ රාජ්‍යය මාර්ගයෙන් නිත්‍ය වශයෙන්ම පහ කර දමනු ඇත.—ගීතාවලිය 37:10, 11; දේශනාකාරයා 8:9; එළිදරව් 21:3, 4.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.S. National Archives photo