නූතන ග්‍රීක් භාෂාවෙන් අලුත් බයිබලයක්
එක්දහස් නවසිය අනූහතේ අගෝස්තු 23වනදා ග්‍රීසියේ පැවැත්වූ “දේවවචනය කෙරෙහි ඇදහිල්ල” නමැති දිස්ත්‍රික් සමුළුවට රැස්වූ සියලුදෙනාටම එදින විශේෂ දිනයක් වුණා. සන්ධ්‍යා සැසිවාරය අවසානයේදී අලුත් බයිබලයක් මුදාහැරියා. එය නූතන ග්‍රීක් භාෂාවෙන් ශුද්ධ ලියවිලිවල නවලෝක පරිවර්තනයයි. පුදුමයට පත් සවන්දෙන්නන් සතුටු කඳුළු සමඟින් ප්‍රීතිමත් දිගු අත්පොළසන් දීමකින් එකවිටම ඊට ප්‍රතිචාරය දැක්වූවා.
එක්දහස් නවසිය පහේ සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන් භාවිත කරමින් සිටියේ ග්‍රීක් ඕතඩොක්ස් පූජකවරයෙක් විසින් නිපදවූ 19වන ශතවර්ෂයේ බයිබල් පරිවර්තනයක්. අවුරුදු ගණනාවක් තුළ මෙම බයිබලය ඔවුන්ට විශාල සේවයක් ඉටු කළා. නමුත් කාලයක සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට, වඩා නිවැරදි සහ පහසුවෙන් තේරුම්ගත හැකි බයිබල් පරිවර්තනයක අවශ්‍යතාව දැනුණා. වර්ෂ 1993දී, ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල නවලෝක පරිවර්තනයේ ග්‍රීක් අනුවාදය ලැබීමෙන් ඔවුන් ප්‍රීතියට පත් වුණා. කොහොම වුණත් නූතන ග්‍රීක් භාෂාවෙන් සම්පූර්ණ බයිබලයම ලැබීම නිසා ඔවුන් ප්‍රීතියෙන් පිනාගියා.
අගය කොට සලකන එක් සාක්ෂිකාරියක් නවලෝක පරිවර්තනය හැඳින්වූයේ “කවියක්, යෙහෝවාගේ කටහඬ රැගෙන එන්නාවූ පවන් රොදක්, ප්‍රථම වරට අපට අපේම භාෂාවෙන් පැහැදිලිව තේරුම්ගන්න පුළුවන්” වූ යමක් ලෙසයි. සමහරුන් නිවෙස්වලට ගිය විගසම තමන්ගේ අලුත් බයිබලය කියවන්න පටන්ගත්තා. සමුළුවට සහභාගි වූ එක් උනන්දුමත් කෙනෙක් ඔහු සම්පූර්ණ යෝබ් පොත කියවා නිම වන තෙක් එනම් අලුයම් එක වන තුරු බයිබලය පසෙකින් තැබුවේ නැහැ!
ග්‍රීක් භාෂාවෙන් වූ ශුද්ධ ලියවිලිවල නවලෝක පරිවර්තනය අවුරුදු හතක පමණ වෙහෙසකාරි වැඩක ප්‍රතිඵලයක්. “අවංක මනුෂ්‍යයන්ට යෙහෝවා ගැන ඉගෙනගැනීමට උපකාර කිරීමේදී නවලෝක පරිවර්තනය මහඟු උපකාරකයක් වේවි කියා ඔබට ස්ථිර විය හැකි” යයි ලැබුණු එක් ලිපියක සඳහන්ව තිබුණා.