“ඔබ සතු දෙය රැකගන්න”
ග්‍රීසියේ සික්ලඩීස් දූපත්වලට අයත් දූපත් 30න් එකක සාක්ෂිකරුවන් කණ්ඩායමක් දේශනා කරමින් සිටියා. ඔවුන්ගෙන් දෙදෙනෙක් වීදියේ ගෙයින් ගෙට සාක්ෂිදරමින් සිටියදී ඔවුන්ට පොලිස් නිලධාරියෙක් හමු වූ අතර, තමා සමඟ පොලීසියට එන ලෙස ඔවුන්ට පැවසුවා. ඔවුන් පොලීසියට පැමිණ ටික වෙලාවකින් දූරකථනය නාද වුණා. එය ගමේ පූජකයාගෙන්. “මට දැනගන්න ලැබුණා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගමේ ඉන්නවා කියලා” කියා පූජකයා පැවසුවා. “ඔව් මෙතන මා ළඟ දෙන්නෙක් ඉන්නවා” පොලිස් නිලධාරියා පිළිතුරු දුන්නා. “මම ඉක්මනින්ම ඔතනට එන්නම්” යයි පූජකයා පැවසුවා. සාකච්ඡාවේ විලාසය සම්බන්ධයෙන් සහෝදරයන් තරමක් බියට පත් වුණා.
කොහොම වුණත් පූජකයා පැමිණි වහාම, සිනාසී, ඔවුන්ට අතට අත දී ආචාර කළා; පසුව ඔහු පොලිස් නිලධාරියා ළඟම තිබුණු පුටුවෙන් වාඩි වුණා. සාකච්ඡාව ඉදිරියට යද්දී, පූජකයා සන්සුන්ව මෙන්ම ආචාරසම්පන්නව සිටියත්, පොලිස් නිලධාරියා විවාදශීලී වෙන්න පටන්ගත්තා. සාක්ෂිකරුවන්ව පහත් ආකාරයට නොසලකන ලෙස ඔහු පොලිස් නිලධාරියාට පැවසුව අතර, එයට මෙසේද එකතු කළා: “ඔවුන්ට දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් පුහුණුව ලැබෙන නිසා ඔවුන්ට ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්ගේ ඇදහිල්ල වෙනස් කරනවාට වඩා ලෝකය පෙරළන එක පහසුයි.”
ඊළඟ උදෑසන දේශනා කරන විට, සහෝදරයන් නැවත පූජකයාව මුණගැසී: “පොලීසියේ කරපු සාකච්ඡාවේදී ඔබ අපට එතරම්ම මිත්‍රශීලී වුණේ ඇයි” කියා ඇසුවා. සයිරෝස්හි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක්ව ඔහු හඳුනන බවත්, මුරටැඹ සහ පිබිදෙව්! සඟරා අවුරුදු ගණනාවක සිට කියවා ඇති බවත් පූජකයා ඔවුන්ට පැවසුවා. ඇත්තවශයෙන්ම පවසනවා නම් බොහෝ අවස්ථාවලදී ඔහු මුරටැඹ සඟරාවක් රැගෙන, එය ලිපි ගොනුවේ සඟවා තබා, පල්ලියේදී ඔහුගේ දේශනය දීමට භාවිත කර තිබෙනවා. ඔහු මෙසේ ප්‍රකාශ කළා: “ඔබේ පොත් පත් මට තිබුණේ නැතිනම් මම සිතන්නේ නැහැ මගේ ජීවිතය අර්ථවත් වෙයි කියල. ඒවා තමයි මට බලාපොරොත්තුව දුන්නේ.”
පසුව පූජකයා සාක්ෂිකරුවන්ට මෙහෙම පැවසුවා; “මම ඔබට එක දෙයක් කිව යුතුයි. ඔබ සතු දෙය රැකගන්න. එය අතහැරියොත් කරගන්නේ ලොකු පාඩුවක්. මම දැන් ඔබට පවසන දේ තමයි මෙතෙක් මම දීලා තියෙන හොඳම දේශනය, ඒක මගේ කටින් නිකම්ම කියනවා පමණක් නෙමෙයි ඒක මගේ මුළු හෘදයෙන්මයි කියන්නේ.”