රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
යටහත් පහත්ව යෙහෝවාගේ මාර්ගයට අනුකූල වීම
“දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, [යෙහෝවාව] සොයන්න.” සියවස් 26කට වැඩි කලකට පෙර හෙබ්‍රෙව් ජාතික ප්‍රොපේත ශෙපනියා ප්‍රකාශ කළ මේ ආරාධනය, අදදිනත් පොළොව පුරාම සිටින ජනයා වෙත ඉදිරිපත් කෙරෙමින් තිබෙනවා. (ශෙපනියා 2:3) යෙහෝවාව සොයන්න කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙසේ කිරීම ඇරඹෙන්නේ එකම සැබෑ වූ, ජීවමාන දෙවි, යෙහෝවා ගැන දැනුම ලබාගැනීමෙනි.—යෙරෙමියා 10:10; යොහන් 17:3, NW.
කෙසේවුවත්, දැනුම ලබාගැනීම පමණකින්ම දෙවි ඉදිරියේ අනුමැතිය ලත් තත්වයකට පත්වීමට මඟ පාදන බවක් අදහස් කරන්නේ නැහැ. දෙවිගේ අනුග්‍රහය ලැබීම සඳහා පුද්ගලයෙක් මේ දැනුම අදාළ කරගැනීමත් අවශ්‍යයි. කෙසේද? සුරිනාම්හි මතු අද්දැකීමේ නිදර්ශනය කර තිබෙන ආකාරයට, තමාගේ සිතුවිලි හා හැසිරීම දේවප්‍රමිතිවලට යටහත් පහත්ව අනුකූල කරගැනීමෙන්.—එපීස 4:22-24.
තිස්වන වියේ මැදභාගයේ පසු වන පාසැල් ගුරුවරයෙක් වන එඩී, මෙවැනි ප්‍රශ්න සඳහා සෑහීමට පත් කරවන උත්තර දැනගැනීමට ආශාවෙන් සිටියා: ‘අදදින සමාජය තුළ ආගම දරන්නේ කුමන කාර්යභාරයද?’ සහ ‘පැරණි පොතක් වන බයිබලය, නවීන දින විද්‍යාව සමඟ එකඟ වෙනවාද?’ යෙහෝවාගේ සාක්ෂිකරුවන් පැමිණීමෙන් අනතුරුව, ඔවුන් මේ ප්‍රශ්නවලට බයිබලය මත පදනම් උත්තර දෙන විට, එඩී සාවධානව සවන් දුන්නා. සාක්ෂිකරුවන්ගේ පැහැදිලි කිරීම් වඩා හොඳින් සහතික කරගැනීමට ඔහු සටහන් පවා ගත්තා.
දෙවි, වානරයාව වෙනස් කිරීමේ හේතුවෙන් අන්තිමේදී මනුෂ්‍යයන් ඇති වූ බව ඉගැන්වූ ආගමක් සමඟ එඩී කලින් ඇසුරු කර තිබුණා. එබැවින් සාක්ෂිකරුවන් ජීවය—මෙහාට පැමිණියේ කොහොමද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (ඉංග්‍රීසියෙන්) යන පොත ඔහුට ඉදිරිපත් කළ විට, ඔහු කැමැත්තෙන්ම එය ලබාගත්තා. මැවිල්ල පිළිබඳ බයිබල් වාර්තාව ගැන පොතේ පැහැදිලි විස්තරය ඔහුගේ සිත්ගත්තා. බයිබලය පාඩම් කිරීම මගින් සත්‍යය ලැබී තිබෙන බව ඔහුට ඒත්තුගියා!
නමුත් මේ අවස්ථාවේදී ඔහු පරීක්ෂණයකට මුහුණ දුන්නා. එඩී ජීවත් වුණේ සොරකම හා වංකභාවය ජීවිත ක්‍රමයක් වී තිබුණ නිවසකයි. මෙබැවින්, ඔහුට තේරීමක් කරන්න තිබුණා: එක්කෝ ඔහුගේ කාමර කලත්‍රයන්ගේ දූෂිත ජීවිත ක්‍රමය අනුගමනය කරන්න ඕනෙ; එහෙමත් නැත්නම් දෙවිව මහිමවත් කරන ජීවන-රටාවකට අනුග්‍රහය දැක්වීමට එවැනි හැසිරීම ප්‍රතික්ෂේප කරන්න ඕනෙ යන්නයි. ඥානවන්තව එඩී දෙවැන්න තෝරාගත්තා. ඔහු සියලු නරක ආශ්‍රයන් කපාහැර, නිවසෙන්ද ඉවත් වුණා.—1 කොරින්ති 15:33, 34.
එඩී රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට යෑමට පටන්ගත් පසු ඉක්මන් ප්‍රගතියක් අද්දැක්කා. ඔහු අඳින පළඳින විදිහත් යහපත් අතට හැරවූ අතර, ඔහු උගනිමින් සිටි දේවල් ඔහුගේ මිත්‍රයන්ට හා නෑදෑයන්ට කතා කරන්න පටන්ගත්තා. පසුව, ප්‍රසිද්ධියේ “ශුභාරංචිය” දේශනා කිරීමේ හවුල් වීමට ඔහුට අනුමැතිය ලැබුණ විට ඔහු ප්‍රීතියෙන් පිනාගියා. (මතෙව් 24:14; ක්‍රියා 20:20) වර්ෂ 1996 දෙසැම්බරයේදී, ආශාවෙන් බලා සිටි දවස පැමිණි විට වතුර බව්තීස්මය මාර්ගයෙන් ඔහු යෙහෝවාට ඔහුගේ කැපවීම සංකේතවත් කළා.
සෑම වසරකම, ‘යෙහෝවාව සොයන්න’ යන ආරාධනයට අවංක හෘද ඇති සියදහසක්දෙනා ප්‍රතිචාරය දක්වනවා. එසේ කිරීමෙන්, ඔවුන් හිතෝපදේශ 22:4හි සත්‍යතාව අද්දකිනවා; එහි මෙසේ පවසනවා: “යටත්කමේද [යෙහෝවා] කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.” ඔව්, යටහත් පහත්ව යෙහෝවාගේ මාර්ගයට එකඟ වීමෙන්, සත්‍යයට ප්රේමවන්නන් එවැනි ආශීර්වාද දැන් භුක්ති විඳින අතර, මේ මිහිපිටම සදාතන ආශීර්වාද ලැබීමට නිසැකකමින් යුක්තව ආශාවෙන් බලා සිටිනවා.—ගීතාවලිය 37:29.
[18වන පිටුවේ සිතියම්]
(මුද්‍රිත පිටපත බලන්න)
කැරිබියන් මුහුද
සුරිනාම්
ගයනාව
ප්‍රංශ ගයනාව
බ්‍රසීලය
[හිමිකම් විස්තර]
පෘථිවිය: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.