‘එක්සත්කම හා සහෝදරත්වය පිළිබඳ ආදර්ශයක්’
පවුලේ සාමාජිකයෙකු අහිමි වීමේ වේදනාකාරි අද්දැකීමට මුහුණ දීමෙන් පසු, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කටයුතු ගැන ස්ත්‍රියක් විස්තර කළේ ඒ විදිහටයි. ඈ මෙසේ පැහැදිලි කරනවා:
“මා ඇතුළු මගේ පවුලේ අය වෙනුවෙන් ජර්මනියේ ෆ්රයිබූග්හි තිබෙන සාක්ෂිකරුවන්ගේ ඉතාලි භාෂාව කතා කරන සභාවේ සිටින අයට ස්තුතිය පුද කර සිටින්න කැමතියි. මගේ සහෝදරයා වන ආන්ටෝනියෝ හා ඔහුගේ භාර්යාව වන ආනා හැර මගේ පවුලේ අනිත් අය යෙහෝවාගේ සාක්ෂිකරුවන් නෙමෙයි. ඔවුන්ගේ ආගමට අපි හැමවිටම ගරු කළත්, ඔවුන් ඒ ආගම තෝරාගත්ත එක ගැන අපි හුඟාක් විවේචනය කෙරුවා.
“කොහොමවුණත් දැන් අපිට අපේ මනස් වෙනස් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තෙන්ම, අපි කවදාවත් හිතුවේ නැති විදිහට සහෝදරත්වය හා ප්‍රේමය පිළිබඳ ආදර්ශයක් අපි අද්දැක්කා.
“රිය අනතුරකින් ආනා අකාලයේ මරණයට පත් වුණු එක හරිම කනගාටුදායකයි. අපි ඉන්නේ ඉතාලියේ හින්දා, මගේ සහෝදරයා වන ආන්ටෝනියෝටයි එයාගේ දරුවන්ටයි උදව් වෙන්න අපිට පුළුවන් වුණේ යම් ප්‍රමාණයකට විතරයි. කොහොමවුණත් එයාගේ සාක්ෂිකාර සහෝදරයන් එයාට උදව් කෙරුවා. ළඟ සිටීමෙන්, වචනවලින්, තමන්ගේ ඇදහිල්ලෙන්, ශාරීරිකව හා මිල මුදල්වලින් සහයෝගය දීමෙන් ඔවුන් එයාට උදව් කළා. මට පෞද්ගලිකව සභාවට ස්තුති කරන්න බැරි නිසා, අපිට කවදාවත් අමතක වෙන්නේ නැති එක්සත්කම හා සහෝදරත්වය සම්බන්ධයෙන් ඔවුන් පෙන්වූ ආදර්ශයට ඔබේ සඟරාව මාර්ගයෙන් ඔවුන්ට ස්තුති කරන්න මම කැමතියි.”
මේ ස්ත්‍රියගේ කාරුණික අදහස් දැක්වීම් අගය කරනවා. ඈ පැවසුවාක් මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන්නේ ජාත්‍යන්තර සහෝදරත්වයක්. (1 පේතෘස් 2:17) ප්‍රේමය “එක්සත්කමේ පරිපූර්ණ බැම්මක්” බව වටහාගනිමින් ඔවුන් එකිනෙකා අතර ප්‍රේමයේ ශක්තිමත් බැමි වර්ධනය කරගන්නවා. (කොලොස්සි 3:14, NW) අප සියලුදෙනාටම සිදු විය හැකි ඉතාමත් කනගාටුදායක තත්වයන්වලදී පවා යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිට හා ඔහුගේ සෙනඟට ඇලී සිටිනවා.—හිතෝපදේශ 18:24; දේශනාකාරයා 9:11; යොහන් 13:34, 35.