ඔබේ කතාව අනිනසුලුද නැත්නම් සුවය දෙනසුලුද?
දුෂ්කර මෙම කාලවලදී, බොහෝදෙනෙක් “බිඳුණු සිත්” හා “තැළුණු ආත්ම” ඇතුව සිටීම ඒ තරම් පුදුමයක් නොවෙයි. (ගීතාවලිය 34:18) මේ හේතුවෙන්, ප්‍රේරිත පාවුල්ගේ වචනවල, ‘ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්ය කරන ආකාරයෙන් [කතා කිරීමට, NW]’ හා “දුර්වලයන්ට ආධාර” වීමට නිරතුරු අවශ්‍යතාවක් තිබේ. (1 තෙසලෝනික 5:14) නමුත් අපේ සෙසු මිත්‍රයෙක් අපේ සිත රිදවනවා නම් හෝ යම් බරපතළ වරදක් කරනවා නම් කුමක්ද? එවැනි අවස්ථාවකදී, පුද්ගලයාව නිවැරදි කිරීමට තදබල ලෙස දඬුවම් කිරීම සාධාරණයි කියා අපට හැඟිය හැකියි. කෙසේවුවත්, පරෙස්සම් වීම සුදුසුයි. අවවාදය, වලංගුව තිබෙන විට පවා, එය දැඩි ආකාරයකින් දුන්නොත් හානිකර විය හැකියි. හිතෝපදේශ 12:18 මෙසේ ප්‍රකාශ කරයි: “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ.”
එබැවින්, අපි නිවැරදි කිරීමක් කිරීමට ඉදිරිපත් වන විට හෝ වරදවා තේරුම්ගැනීමක් සම්බන්ධයෙන් කටයුතු කරන විට, හිතෝපදේශ 12:18 දෙවන කොටස මතක තබාගැනීම වැදගත් වෙනවා: “ඥාණවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.” හැමවිටම ඔබෙන් අසන්න, ‘මට නිවැරදි කිරීමක් අවශ්‍ය වුණා නම්, මා සම්බන්ධයෙන් කොයි ආකාරයකින් ක්‍රියා කරනවාටද මම කැමති වන්නේ?’ අපෙන් වැඩිදෙනෙක් විවේචනයට වඩා දිරිගැන්වීමට වැඩි ප්‍රතිචාරයක් දක්වනවා. ඒ නිසා ලෝභ නොවී ප්‍රශංසා කරන්න. මෙය බොහෝවිට වරදකරුවාට හරි අතට හැරෙන්න දිරිගැන්වීමක් වන අතර, ඉදිරිපත් කරනු ලබන යම් උපකාරයක් සඳහා ඔහු කෘතඥතාව දක්වන්න ඇති ඉඩ කඩ වැඩි විය හැකියි.
සැමවිටම අපේ වචනවලට මෘදුකම මුසු කරගැනීම මොනතරම් වැදගත්ද! සුවය ගෙන දෙනසුලු වචන, ගීතිකාකරුට හැඟුණාක් මෙන් සවන් දෙන්නාට හැඟීමට සලස්වයි; ඔහු මෙසේ ලිව්වා: “ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා.”—ගීතාවලිය 141:5.