‘නුඹ බිළිඳු වයසේ පටන් දැනගෙන සිටින’
මෑත විද්‍යාත්මක අධ්‍යයනයන්ට අනුව, බිළිඳන්ට කතා කිරීම ඔවුන්ගේ මොළ වැඩීමට ගැඹුරු ලෙස බලපෑමක් වෙන අතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ සිතීමේ, විචාර ශක්තියේ හා ගැටලු විසඳීමේ හැකියාව පිහිටුවනු ලබයි. විශේෂයෙන්ම ළදරුවෙකුගේ ජීවිතයේ මුල් අවුරුද්ද තුළදී සැබෑව මෙයයි. “පසු කලක ඇති වන බුද්ධිමත්භාවය, පාසැලේ සාර්ථකත්වය හා සමාජ කාර්යක්ෂමතාව පුරෝකථනය කෙරෙන ඉතා වැදගත්ම දෙය සෑම දවසකම බිළිඳෙකුගේ සවනට වැකෙන වචන ගණනයි කියා” දැන් ඇතැම් පර්යේෂකයන් විශ්වාස කරන බවට ඉන්ට’නැෂනල් හෙරල්ඩ් ට්රිබ්යූන් වාර්තා කරනවා.
කෙසේවුවත්, කතා කරන වචන පුද්ගලයෙකුගෙන් පැමිණිය යුතුයි. පෙනෙන විදිහට, රූපවාහිනියක් හෝ ගුවන්විදුලි යන්ත්‍රයක් ආදේශකයක් නොවෙයි.
අමෙරිකා එක්සත් ජනපදයේ සිඇටල්හි වොෂිංටන් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥවරියක් මෙසේ ප්‍රකාශ කළා: “ජීවිතයේ ඉතා කුඩා කාලේ ඉඳලම ස්නායු සබඳතා ඇති වන බවත්, මේ සබඳතා සෑදී තිබෙන ආකාරය තීරණය කිරීමට බිළිඳාගේ මොළය ඇත්තෙන්ම බලා සිටින බවත් අපි දැන් දන්නවා. මේ ක්‍රියාවලිය පටන්ගන්නේ මොනතරම් කුඩා කාලයකදීද කියා මෑතක් වන තුරුම අපට වැටහුණේ නැහැ. උදාහරණයක් වශයෙන්, බිළිඳන්ට මාස හයක වයසේදීම ඔවුන් තමන්ගේ මව් භාෂාවේ ශබ්ද ඉගෙනගෙන තිබෙනවා.”
බිළිඳන්ට බහුල ලෙස ප්‍රේමය දැක්වීමෙන් පමණක්ම ඔවුන් බුද්ධිමය ලෙස සඵල වන බවට පුළුල්ව පැතිර පවතින මතයට පර්යේෂණ මගින් තර්ජන එල්ල කරනවා. දරුවෙකුගේ වර්ධනයේදී දෙමාපියන්ගේ වැදගත්කමත් එය ඉස්මතු කොට දක්වනවා.
මෙය ප්‍රේරිත පාවුල් තිමෝතිට ලියූ ආනුභාව ලත් ලිපියේ වචන මතකයට නඟනවා: “ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල [බිළිඳු, NW] වයසේ පටන් දැනගන [සිටිනවා].” එය තිමෝතිගේ ඇදහිලිවන්ත මව හා ආච්චි විසින් බිළිඳු තිමෝතිට කතා කළ ශුද්ධ ලියවිලි විය හැකි අතර, එය දෙවිගේ කැපීපෙනෙන සේවකයෙකු හැටියට ඔහුගේ වැඩීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා.—2 තිමෝති 1:5; 3:15.