විශේෂ අවස්ථාවකට කරුණාකර අප හා එක්වන්න 1998 අප්‍රියෙල් 11වන සෙනසුරාදා
දෙවිගේ ත්‍යාගය වන තම පුත්‍රයා, එනම් යේසුස් ක්‍රිස්තුස්ව තමන් සමඟ සිහි කිරීමට එන මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔබට උණුසුම්ව ඇරයුම් කරනවා. පොළොව මත සදාකාල ජීවනය භුක්ති විඳීමේ අපේක්ෂාව නමැති ත්‍යාගය මෙයින් මනුෂ්‍යවර්ගයාට විවෘත වුණා.—යොහන් 3:16.
මේ වසරේ යේසුගේ මරණය සිහි කිරීම අප්‍රියෙල් 11වන සෙනසුරාදා හිරු බැසයෑමෙන් පසුව පවත්වන්න යනවා. බයිබල් චන්ද්‍ර දින දර්ශනයේ නීසාන් 14ට එම දිනය අනුරූපී වෙනවා. රැස්වීමට නියමිත ස්ථානය සහ වේලාව කරුණාකර ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.