රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව “ඔබේ සෙනඟ තමන්ව කැමැත්තෙන්ම ඉදිරිපත් කරයි”
සිරියාවේ වික්‍රමාන්විත සේනාධිපති නාමන් කුෂ්ඨ රෝගයෙන් පෙළෙනවා. සුව නොකළොත්, විකෘති කර මරණය පවා ගෙනෙන්න මේ පිළිකුල් රෝගයට පුළුවන්. නාමන්ට කරන්න තියෙන්නේ මොකක්ද? නාමන්ගේ ගෙවැසියන් අතරේ “ඉශ්රායෙල් දේශයෙන් . . . අල්ලාගෙන” ආ කුඩා කෙල්ලක් ඉන්නවා. ඇය නිර්භයව කතා කරමින්, නාමන්ව සුව කළ හැකි පුද්ගලයා ප්‍රොපේත එලිෂා බව හඳුන්වා දෙනවා.—2 රාජාවලිය 5:1-3.
ඇගේ ධෛර්යවත් ඉදිරිපත් වීම නිසා, නාමන් එලිෂාව සොයාගෙන ගොස් සුවය ලැබුවා. ඒ විතරක් නොවෙයි, නාමන් යෙහෝවාගේ නමස්කාරකයෙක් බවටත් පත් වෙනවා! බයිබලයේ වාර්තා වී ඇති මේ අද්දැකීම සිදු වුණේ පො.යු.පෙර දහවන සියවසේදීයි. (2 රාජාවලිය 5:4-15) අදදින, රාජ්‍ය අවශ්‍යතා උදෙසා නිර්භයව කතා කිරීමේදී, බාලයන් බොහෝදෙනෙක් සමාන ධෛර්යයක් පෙන්වනවා. මොසැම්බික්හි පහත සඳහන් අද්දැකීම මේ කාරණය සනාථ කරනවා.
සයහැවිරිදි නූනූ, ශුභාරංචියේ බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක්. බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වීමට කලින් පවා, නූනූ ඔහුගේ අසල්වැසි ළමුන්ව එක් කරගෙන, යාච්ඤාවක් කියා, මගේ බයිබල් කතන්දර පොත කියන ප්රකාශනය ආධාරයෙන් ඔවුන්ට බයිබලය උගන්වනවා.
බොහෝ අවස්ථාවල නූනූ සෙනසුරාදා උදෑසනින්ම නැඟිට “අද අපි ක්ෂේත්‍ර සේවයේ යනවා” කියා ඔහුගේ පවුලේ අයට මතක් කරනවා. ක්ෂේත්රය ගැන ඔහුට ඇති ජ්වලිතය වෙනත් මාර්ගවලින්ද පිළිබිඹු වෙනවා. ඔහුගේ දෙමාපියන් සමඟ මපුටෝහි වීදි සේවයේ යෙදී සිටින විට, නූනූ බොහෝවිට තනියම මිනිසුන් වෙත එළඹෙනවා. එවන් විටෙක, ව්‍යාපාරිකයෙක් ඔහු වෙතට පැමිණ මෙසේ ඇසුවා: “ඇයි ඔයා මේ සඟරා විකුණන්නේ?” “මම මේ සඟරා විකුණන්නේ නැහැ, ඒත් මම දේශනා කිරීමේ වැඩයට මූල්‍ය උපකාර සඳහා සම්මාදම් නම් පිළිගන්නවා” කියා නූනූ උත්තර දුන්නා. මේ ව්‍යාපාරිකයා මෙසේ ප්‍රතිචාරය දැක්වුවා: “ඕක ගැන මට උනන්දුවක් නැති වුණත්, ඔයාගේ ආකල්පයයි, හැකියාවයි ගැන මට හරිම පුදුමයි. ඔය වැඩයට සම්මාදමක් කරන්න මම කැමතියි.”
වෙනත් අවස්ථාවක, නූනූ පාරේ යන එක්තරා මිනිසෙකු වෙත එළඹී, සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය ඔබට ලබාගත හැක්කේ කෙසේ ද? කියන පොත ඔහුට ඉදිරිපත් කළා. “ඔයා අර අතන තියෙන ඉස්කෝලෙට නේද යන්නේ?” කියා ඒ මිනිසා ඇසුවා. “ඔව්, මම ඒ ඉස්කෝලෙට තමයි යන්නේ, ඒත් අද මම මේ පොතෙන් වැදගත් පණිවිඩයක් ඉදිරිපත් කරනවා. මේ පොතේ පින්තූරයේ පෙන්වන විදිහට දෙවි ගේන්න යන අලුත් ලෝකයේ ඔයාට ජීවත් වෙන්න පුළුවන් කියල ඒක ඔයාට පෙන්වනවා” කියා නූනූ උත්තර දුන්නා. නූනූ දැනගෙන හිටියේ නැහැ ඔහු කතා කළ මිනිසා ඔහුගේ පාසැලේ ගුරුවරයෙක් බව. ගුරුවරයා පොත පිළිගත්තා විතරක් නෙවෙයි, දැන් ඔහු පවා මුරටැඹ සහ පිබිදෙව්! සඟරා නූනූගෙන් නිතිපතාම ලබාගන්නවා.
දේශනා කිරීමේ වැඩයේ යෙදෙන්න ඔහු කැමති ඇයි කියා නූනූගෙන් ඇසුවාම ඔහු මෙසේ පවසනවා: “යෙහෝවා ගැනත් එයාගේ පුතා යේසුස් ක්‍රිස්තුස් ගැනත් මිනිස්සුන්ට කතා කරන්නයි උගන්වන්නයි මට ඕනෙ.” ඔහු තවදුරටත් ඊට එකතු කරමින් පවසන්නේ, “මිනිස්සුන්ට ඕනෙ නැත්නම් ඇහුම්කන් දෙන්න, හිත අවුල් කරගන්න කිසිම හේතුවක් නැහැ” කියායි.
ලොව පුරාම, නූනූ හා සමාන බාලයන් දහස් ගණනක් දෙවිගේ රාජ්‍යය ගැන උගන්වන්න සහ දේශනා කරන්න “තමන්ව කැමැත්තෙන්ම ඉදිරිපත්” කරනවා. (ගීතාවලිය 110:3, NW) නමුත් එය ඉබේ සිදු වන්නේ නැහැ. තම දරුවන්ට යෙහෝවා ගැන බාල වයසේ පටන් උගන්වන, ක්ෂේත්රයේ හොඳ ආදර්ශයක් තබන මෙන්ම රාජ්‍ය අවශ්‍යතාවන් ජ්වලිත ලෙස ලුහුබඳින දෙමාපියන් මහත් සේ විපාක ලබන්න යනවා.