ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 3/15 11 පි.
  • “එක ඇඟිල්ලේ බයිබලය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “එක ඇඟිල්ලේ බයිබලය”
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දේවවචනයට ප්‍රේමකරන්නන්ට සුවිශේෂි මොහොතක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලොව පුරා මිලියන ගණනක් අගය කළ නව ලෝක පරිවර්තනය
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි තම අදහස් මිනිසුන් සමඟ බෙදාගනියි
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 3/15 11 පි.

“එක ඇඟිල්ලේ බයිබලය”

සූර්යාඝාතයක් හේතුවෙන් අංශභාග වීමෙන් පසු, ජෝසෆ් ෂේරෂෙව්ස්කිට ලියන්න හැකි වුණේ යතුරු ලියනයෙන් පමණයි, එයත් එක් ඇඟිල්ලක් පාවිච්චි කිරීමෙනුයි. එහෙත් විදේශිකයෙකුට ජයගැනීමට වඩාත් අපහසුම භාෂාවලින් එකක් වූ චීන භාෂාවෙන් බයිබලය පරිවර්තනය කිරීමට වූ ඔහුගේ ඉලක්කය ඔහු සාක්ෂාත් කරගත්තා.

උපතින් යුදෙව්වෙකු වූ ෂේරෂෙව්ස්කි වැඩිහිටියෙක් වශයෙන් ක්‍රිස්තියානි ධර්මය පරීක්ෂා කර එය පිළිගත්තා. අන්තිමේදී ඔහු චීනයේ මිෂනාරිවරයෙක් වුණා. එහිදී, 1866 තරම් කාලයක සිට 20වන සියවසේ මුල් අවුරුදු දක්වා, ඔහු පරිවර්තන වැඩසටහන් රාශියක සහභාගි වුණා. ඔහුගේ යුදෙව් පසුබිම නිසා, තමාගේ සෙසු විශාරදයන්ට වඩා ෂේරෂෙව්ස්කි හෙබ්‍රෙව් බස වඩාත් හොඳින් දැන සිටියා. ඒ හේතුවෙන්, මුළු හෙබ්‍රෙව් ලියවිල්ලෙහිම පරිවර්තනය ඔහුට විශ්වාසයෙන් යුතුව භාර දුන්නා. ඔහුගේ දීර්ඝ කර්තව්‍යයේ අවසානය වන විට, යොමු සටහන් සමඟ මුළු බයිබලයේම චීන පරිවර්තනයක් ඔහු බිහි කළා.

බයිබල් පරිවර්තකයෙක් හැටියට, ජෝසෆ් ෂේරෂෙව්ස්කි පොදු භාෂාවේ අනුවාදවලට ප්‍රබල ලෙස දිරි දුන් අයෙකි. නමුත් ඔහුගේ කාර්යය පහසු එකක් වුණේ නැහැ. “එය සවිස්තරාත්මක වූ නිසාත් බාධා රැසක් මැද ඉටු කරගත් නිසාත්” චීන බයිබලයට ඔහු කළ දායකත්වය අද්විතීය එකක් බව ද බුක් අෆ් අ තෞව්සන්ඩ් ටන්ග්ස් (දිව් දහසක පොතක්) ප්‍රකාශ කරනවා.

ෂේරෂෙව්ස්කිගේ අත් ක්‍රියා විරහිත වූ විටත්, ඔහු තම වැඩ ඉදිරියටම ගෙන ගියා. තමාගේ අත්වල සාමාන්‍ය භාවිතය ඔහුට නැතුව ගිය නිසා, යතුරු ලිවීම සඳහා මහත් වෑයමක් අවශ්‍ය වුණා. ඒ නිසා ඔහු මෙම පරිවර්තනය හැඳින්වූයේ එක ඇඟිල්ලේ බයිබලය කියායි. තමාගේ ආබාධය මැද එය නිපදවීම සඳහා, ෂේරෂෙව්ස්කි අවුරුදු 25ක් නොනවත්වා කරගෙන ගියා. අත්නෑර දිගටම කටයුතු කිරීමෙන්, වෙනත් කිසිම භාෂාවකට වඩා වැඩිම මිනිසුන් ප්‍රමාණයක් විසින් කතා කරන භාෂාව වන චීන භාෂාවෙන් දෙවිගේ වචනය තේරුම්ගැනීමට සැලැස්වීමෙහි ඔහු දායක වුණා.

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

රූප දෙකම: American Bible Society Archives අනුග්‍රහයෙනි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න