“උත්කර්ෂවත්” සමුළුවක් ප්‍රශංසාවට ලක් කර
පෙරූ, ලිමාහි එක් ගුවන් විදුලි නිවේදකයෙකුට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන නොසෑහෙන සැකයන් තිබුණා. කොහොම වුණත්, ඔවුන්ගේ එක් දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වීමෙන් පසු ඔහුගේ ආකල්පය පුදුමාකාර විදිහට වෙනස් වුණා. ඇත්තෙන්ම, ඔහු තම ගුවන් විදුලි ප්‍රේක්ෂකයන්ට තම අගය ප්‍රකාශ කරන වදන් පවසන තරමටම ඔහුගේ සිත ඇදී ගොස් තිබුණා. පහත දැක්වෙන්නේ ඔහු පැවසූ දෙයින් උපුටා ගත් කොටස් කිහිපයකි:
“සමුළුව ඇත්තෙන්ම උත්කර්ෂවත් එකක්. එකම කොළයක්වත් බිම තිබුණෙ නැහැ; එක වෙළෙන්දෙක්වත් හිටියේ නැහැ. මොනම විදිහෙ වාහන තදබදයක්වත් තිබ්බේ නැහැ. ක්‍රීඩාංගණයට මිනිස්සු පන්දාස් දෙසීයක් තමන්ගේම වියදමින් ගියා. ඒ වගේම ඒ හැම කෙනෙකුගේම අතේ බාල්දියක්, රෙදි කෑල්ලක්, දූලි කඩක්, දූලි ඉවත් කරන භාජනයක්, කොස්සක්, අත් බුරුසුවක්, අත් වැසුම් ඒ වගේම ඒ ස්ථානය සෝදලා අතුල්ලලා හරින්න විෂ බීජ නාශක තිබුණා. තීන්ත ගාන්න අවශ්‍ය වුණ ඕනෙම තැනක් ඒගොල්ලන් තීන්ත ගෑවා. ඉතින් කොහෙන්ද සල්ලි ආවේ? ඒගොල්ලන්ම තමයි සම්මාදම් කළේ! මොනවහරි දෙයක් කරන්න අවශ්‍යයි කියලා ඒගොල්ලන්ට දැනුම් දුන්නාම, ඒගොල්ලෝ කැමැත්තෙන්ම සල්ලි දෙනවා. මම එකක් කියන්නම්, ඒ වගේ දේවල් සම්බන්ධයෙන් කතෝලික පල්ලියට නං නින්ද ගිහිල්ලා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටයි මේ සමුළුව සංවිධානය කරන අයටයි මම සුභ පතන්න කැමතියි. මගේ හද පත්ලෙන්ම මම ඒගොල්ලන්ට කියන්න කැමතියි, දෙවියන් ඕගොල්ලන්ට උපකාර කරන්න ඕනෙ, ඕගොල්ලන්ට ආශීර්වාද කරන්න ඕනෙ කියලා.”
මෙම අවුරුද්දේ ලොව පුරා තිබෙන නගරවල, යෙහෝවාගේ සාක්ෂිකරුවන් “ජීවිතය සඳහා දෙවිගේ මඟ” යන දිස්ත්‍රික් සමුළුව භුක්ති විඳින්න යනවා. ඔබත් පැමිණ සිටින්න යනවාද?
[32වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“එකම කොළයක්වත් බිම තිබුණෙ නැහැ”