ඒවා නිහඬව ඒවායෙහි මැවුම්කරුට ප්රශංසා කරයි
හිරුබැසයෑම් ස්වභාවයෙන්ම අපූර්ව දර්ශනයක්. එහෙත් ඉතාලියේ ටස්කනිහි, ආප්යවන් ඇල්ප්ස්හි ඇති මෙම විශේෂිත කන්ද පිටුපසින් බැස යන හිරුගේ දර්ශනය ඇත්තෙන්ම අද්විතීයයි.
ඈතක සිට බැලුවහම, කන්ද පිටුපසින් බැස යනවාට වඩා හරියට හිරු කන්ද තුළට වැටෙනවා වගෙයි පෙනෙන්නේ. ඇයි? එසේ වන්නේ කන්දෙන් කෑල්ලක් නෙළලා තිබෙනවා වගේ පෙනෙන්න සලස්වන ස්වාභාවික ආරුක්කුවක් කඳු මුදුනේ තිබෙන නිසයි. ඇත්තෙන්ම, මේ උස් වූ තුඩුව, මොන්ටෙ ෆෝරාටෝ—එනම් සිදුරු වූ කන්ද යන නම උපයාගෙන තිබෙනවා. හිරු වටා පෘථිවියේ පරිභ්රමණය හේතුවෙන්, ආරුක්කුව තුළින් බලන අයට මොන්ටෙ ෆෝරාටෝ තුළට හිරු වැටෙන්නාක් මෙන් දකින්න ලැබෙන්නේ සෑම වසරකම දෙවතාවක් පමණයි.
මැවිල්ලේ අනිත් අංග ලක්ෂණ වගේම, අප්රාණික ආකාශත් තම මැවුම්කරුට ප්රශංසා කරයි. කෙසේද? අලංකාර චිත්රයක්, එය බිහි කළ කලාකරුවාට ප්රශංසාව ගෙනා හැකි ආකාරයෙන්මයි. ප්රතිඵලයක් වශයෙන්, ආකාශ වස්තූන් යෙහෝවාගේ බලය, ප්රඥාව සහ තේජස්ශ්රීය ගැන කතා කරයි. ගීතිකාකරු දක්වන ආකාරයට, “අහස [දෙවිගේ] මහිමය ප්රකාශකරයි; ගුවන්තලය [ඔහුගේ] හස්ත කර්මාන්තය දක්වයි.” (ගීතාවලිය 19:1; 69:34) හිරු සහ වෙනත් අප්රාණික වස්තූන් තම මැවුම්කරුට ප්රශංසා කරන බැවින්, අප ඊට වඩා කොපමණ වැඩියෙන් කළ යුතුද!—ගීතාවලිය 148:1, 3, 12, 13.