ඔබට රඳා සිටිය හැක්කේ කාගේ පොරොන්දු මතද?
අනාගතය ගැන සාකච්ඡා කිරීම සඳහා, සමාජීය ටීකාකරුවන් 74දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 1893දී චිකාගෝ නුවර පැවැත්වූ ලෝක ප්‍රදර්ශනයේදී හමු වුණා. (ඒ ප්‍රදර්ශනාගාරය ඉහළින් දැක්වෙනවා.) වර්ෂ 1993 දක්වා තිබෙන ඉදිරි වසර 100 දෙස බලමින්, ඔවුන් පළ කළ අනාවැකි අතර මතු දැක්වෙන අනාවැකිද තිබුණා: “මිනිසුන් බොහෝදෙනෙක් අවුරුදු 150ක් ජීවත් වේවි.” “සිරගෙවල් අඩු වේවි; ඒ වගේම දික්කසාදය අනවශ්‍ය දෙයක් ලෙස සලකාවි.” “ජාතියක සැබෑ ශ්‍රේෂ්ඨත්වය සැමවිටම සරලභාවය වෙත යොමු වන බැවින් ආණ්ඩුව වඩාත් සරල වේවි.”
ඒ හා සමානවම 1967දී, ද යිය’ 2000 (වසර 2000) යනුවෙන් නම් කර තිබූ පොතක මේ විදිහට අනාවැකියක් පළ කළා: “සමහරවිට වසර 2000 වන විට, පරිගණක සම තැන හිමි කරගෙන, මිනිසාව සමීපව අනුකරණය කරමින් බොහෝදුරට ‘මිනිසාට සමාන’ බුද්ධිමත් හැකියාවන් සමහරක් ඉක්මවා යන්න ඉඩ කඩ තිබේවි; සමහරවිට, ඔහුගේ ඇතැම් කලා හා නිර්මාණාත්මක හැකියාවනුත් ඊට ඇතුළත් විය හැකියි.” “ගෙදර වැඩවලින් බොහොමයක් කරන ඒ තරම් මිලක් නොවන රොබෝවරු සෑදීමේ අදහස . . වසර 2000 වන විට වඩාත් සාධාරණ එකක් වෙන බව පේනවා.”
අනාගත සිදුවීම් දැකීමට මනුෂ්‍යවර්ගයාගේ නොහැකියාව හා දෙවිගේ හැකියාව අතර විශාල වෙනසක් තියෙනවා. උදාහරණයක් හැටියට, කලින් සඳහන් කළ අනාවැකි සමඟ, ආසන්න වශයෙන් සියවස් 20කට කලින් අපේ කාලය ගැන බයිබලය පුරෝකථනය කළ මේ දේවල් සසඳා බලන්න: “මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, [දෙවිට] වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව, දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය.”—2 තිමෝති 3:1-5.
“අන්තිම දවස්” හා සම්බන්ධ මේ බයිබල් අනාවැකිය, අපේ කාලයේ ඉටු වී තිබෙන බොහෝමයකින් එකක් විතරයි. දේවවචනයේ පුරෝකථනය කර තිබෙනවා, යේසුගේ පැමිණ සිටීමේ ‘ලකුණට’ ලෝක යුද්ධ, ආහාර හිඟකම්, වසංගත, භූමිකම්පා හා දේවරාජ්‍යයේ ශුභාරංචිය ලොව පුරා දේශනා කිරීම ඇතුළත් වන බව.—මතෙව් 24:3-14; ලූක් 21:11.
දෙවිගේ පොරොන්දුවල නොවරදිනසුලු නිවැරදිබව, සියවස් ගණනකට කලින් මෙසේ පැවසීමට බයිබල් ලේඛකයෙකුව පෙලඹුවා: “නුඹලාගේ දෙවිවූ [යෙහෝවා] නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑර [ඉටු වුණේය]. . . . එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය.”—යෝෂුවා 23:14.
ඔව්, දෙවිගේ පොරොන්දු සියල්ලම ඉතාමත් ඉක්මනින්ම ඉටු වන බවට සහතික වෙන්න අපිට පුළුවන්. දේවරාජ්‍යය මගින් අසනීප, අපරාධ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, සාගින්න හා යුද්ධ යනාදිය අවසන් කර දමන්න යනවා—මුළු පොළොවම පාරාදීසයක් වෙනවා. (ගීතාවලිය 37:10, 11, 29; එළිදරව් 21:3, 4) ඔබට පුළුවන් මේ අනාවැකිවල ඉටුවීම නිසැකවම බලාසිටින්න! එය පැමිණෙන්නේ, “බොරු නොකියන” අපේ මැවුම්කරුගෙනුයි.—තීතස් 1:1; සසඳන්න හෙබ්‍රෙව් 6:13-19.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cleveland State University Archive