මහලු අයට දුෂ්කර කාලවල්
වයස අවුරුදු 68ක් වන ඕනියන් අම්මා ජීවත් වන්නේ බටහිර අප්‍රිකාවේ විශාල නගරයකයි. ඇය වඩා තරුණ අවදියේදී, ඇගේ සැඳෑසමය සෑහෙන විවේකීව ඇගේ දරු මුනුපුරු මිනිපිරියන් වට කරගෙන ගත කරන ආකාරය ගැන සිහින මැව්වා. නමුත්, ඇය ඇගේ දවස් ගෙවන්නේ, අධික හිරු රශ්මියේ ඉඳගෙන සීතල වතුර විකුණමින්. ඇය හම්බ කරන සොච්චම පණ ගැටගහගන්න ඇයට උදව් කරනවා. ඇගේ පුතුන් දෙදෙනා ඈත රටක ජීවත් වෙනවා. ඔවුන් ඇයට යම් මුදලක් එවලත් දැනට සෑහෙන කාලයක් ගත වෙලා.
කලකට ඉහතදී, අප්‍රිකාවේ මහලු අයව ඉතා ගෞරවයෙන් සැලකුවා. ඔවුන්ගේ අද්දැකීම සහ දැනුම මෙන්ම ඔවුන්ගේ ප්‍රඥාව සහ විනිශ්චය ගෞරවයට පාත්‍ර වුණා. ඔවුන් මුනුපුරු මිනිපිරියන්ව හදා වඩාගන්න උදව් වුණා. තරුණ අය ඔවුන්ගේ උපදෙස් සහ අනුමැතිය සෙව්වා. බයිබල් උපදේශයට අනුව මිනිසුන් ජීවත් වුණා: “පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ [මහලු ස්ත්‍රියගේ] මුහුණට ගෞරවකරන්න.”—ලෙවී කථාව 19:32.
කාලයන් වෙනස් වෙලා. දිළිඳුකම, උද්ධමනය, විරැකියාව සහ බොහෝ සෙයින් විශාල නගරවලට ඇදී යෑම, තනියම ජීවිකාව සොයාගන්න බොහෝ මහලු අයට සලස්වා තියෙනවා. කෙන්යාවේ හෙල්ප්ඒජ්හි (මහලු ආධාර) අධ්‍යක්ෂක කමිල්ස් වර් මෙහෙම කියනවා: “මහලු අයට සැලකීමේ සහ සහය වීමේ සම්ප්‍රදාය එන්න එන්නම දුර්වල වේගන යනවා.”
ඇත්තවශයෙන්ම, පවුල් බැඳීම් දුර්වල වීම අප්‍රිකානු රටවලට අද්විතීය වූ දෙයක් නෙවෙයි. ගාඩියන් වීක්ලි ජපානය ගැන කතා කරමින් මෙහෙම වාර්තා කරනවා: “දරුවෙකු තුළ තිබිය යුතු භක්තිය, කන්ෆියුෂියන් ධර්මය මගින් උරුම කර දුන් ජපන් සම්ප්‍රදායානුකූල සාරධර්මයන්හි මුල්ගලව පැවතුණා. නාගරීකරණයෙන් සහ පවුල් සබඳතා අඩුවීමෙන් ඒ තත්වය රැකිල නැහැ: අදදින ජපන් ජාතිකයන් 85%ක් රෝහල්වලදී හෝ මහලු මඩම්වලදී මියයනවා.”
තත්වය කුමක් වුණත්, දෙවිව සැබෑවටම සතුටු කරන්න කැමති අය තම දෙමාපියන්ට ගරු කරන්න මහත් පරිශ්‍රමයක් දරනවා. ඔවුන් බයිබලයේ උපදේශයට අවනත වෙනවා: “නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න.” (එපීස 6:2, 3) මහලු දෙමාපියන්ට ගරු කිරීම සහ ඔවුන්ව රැකබලා ගැනීම සැමවිටම පහසු දෙයක් නොවුණත්, එයට පුළුවන් විපුල විපාක ගෙනෙන්න.