රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
‘ඉතා අනර්ඝ වූ මුතු ඇටයක්’ ඔහු සොයාගත්තා
“හොඳ මුතු සොයන්නාවූ වෙළෙන්දෙකුට ස්වර්ගරාජ්‍යය සමානය. ඉතා අනර්ඝවූ එක මුතු ඇටයක් ඔහුට සම්බවී, ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒක මිලදී ගත්තේය.” මේ වචනවලින් දෙවිගේ රාජ්‍යයේ අධික වටිනාකම යේසු නිදර්ශනය කරනවා. (මතෙව් 13:45, 46) රාජ්‍යයේ වටිනාකම හඳුනාගන්නාවූ අය එය අල්ලාගැනීමට බොහෝවිට පෞද්ගලිකව විශාල කැප කිරීම් සිදු කරනවා. තායිවානයේ පිංඩොං ප්‍රාන්තයෙන් එන අද්දැකීමෙන් මෙය නිදර්ශනය වෙනවා.
වර්ෂ 1991දී ලින් මහත්මයා සහ මහත්මිය යෙහෝවාගේ සාක්ෂිකාරයන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ප්‍රාදේශීය පූජකයෙක් මෙය දැනගත් විට ඔවුන්ව ඔහුගේ පල්ලියට බඳවාගන්න උත්සාහ කළා. ලින් දෙපළ, වෙළඳපොළේ ඌරන්ගේ සහ තාරාවන්ගේ ලේ විකිණීමේ ව්‍යාපාරයේ යෙදී සිටි නිසා මේ කාරණය ගැන පූජකයාගේ අදහස ඇසීමට තීරණය කළා. “දෙයියෝ මවල තියෙන ඕන දෙයක් මිනිස්සුන්ගේ කෑමට පාවිච්චි කරන්න පුළුවන්” කියල ඔහු උත්තර දුන්නා. අනිත් අතට සාක්ෂිකාරයෝ ඔවුන්ව දිරිගැන්වූයේ, මේ ගැන දේවවචනයට කියන්න තියෙන්නේ මොකක්ද කියා සලකා බලන හැටියටයි. “ජීවියෙකුගේ පණ තියෙන්නේ ලෙයෙහි” නිසා, දෙවි යෙහෝවා රුධිරය පරිශුද්ධ ලෙස සලකන බව ඔවුන් ඉගෙනගත්තා. (ලෙවී කථාව 17:10, 11, ද නියූ ඉංග්ලිෂ් බයිබල්) එමනිසා සැබෑ ක්‍රිස්තියානීන් ‘ලෙයින් වැළකී’ සිටිය යුතුයි. (ක්‍රියා 15:20) මේ විෂය ගැන ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීමක ප්‍රතිඵලයක් හැටියට, ලේ විකිණීම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණත් එය නවතා දමන්න ලින් දෙපළ තීරණය කළා. කෙසේවෙතත් කෙටි කාලයක් තුළ, ඊටත් වඩා විශාල පරීක්ෂණයකට ඔවුන් මුහුණ දුන්නා.
සත්‍යය ඉගෙනගන්න කලින් ලින් දෙපළ ඔවුන්ගේ ඉඩමේ පුවක් ගස් 1,300ක් සිටුවා තිබුණා. මේ ගස්වලින් ලාභ ලබාගන්න අවුරුදු 5ක් ගත වෙනවා වුණත්, ඒවා සම්පූර්ණයෙන්ම ඵලදරන්න ගත්තාම අවුරුද්දකට ඔවුන්ට ඩොලර් 77,000ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මුල් ඵලදාව ලබන්න කිට්ටු වෙද්දී ලින් දෙපළට වැදගත් තීරණයක් ගන්න සිදු වුණා. දුම්පානය, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ බුලත් විට හැපීම වැනි අපිරිසිදු පුරුදුවල යෙදීමෙන් හෝ ඒවාට අනුබල දීමෙන් වැළකී සිටීම මගින්, “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින්” ක්‍රිස්තියානීන් තමන්වම පවිත්‍ර කරගත යුතු බව ඔවුන්ගේ බයිබල් පාඩමෙන් ඔවුන් ඉගෙනගෙන තිබුණා. (2 කොරින්ති 7:1) ඔවුන් මොනව කරාවිද?
වද දෙන හෘදය සාක්ෂියක පීඩනය යටතේ ලින් මහත්මයා ඔහුගේ බයිබල් පාඩම නවත්වන්න තීරණය කළා. මේ අතර, ලින් මහත්මිය ඔවුන්ගේ පරණ ගස්වලින් ලබාගත් පුවක්වලින් ඩොලර් 3,000කට වැඩි ලාභයක් ඉපදෙව්වා. මෙය ඔවුන්ගේ පුවක් ගස් තබාගත්තොත් ඉක්මනින් ලබන්න යන දෙයෙහි පෙර රස විඳීමක් විතරයි. කෙසේවෙතත්, ලින් මහත්මයාගේ හෘදය සාක්ෂිය ඔහුට දිගටම මහත් සේ වද දෙන්න පටන්ගත්තා.
ඔහු වෙනුවෙන් පුවක් ගස් කපා දෙන්න කියලා, දවසක්දා ප්‍රාදේශීය සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටින තුරු මේ කාරණය සමඟ ඔහු පොරබැදුවා. සාක්ෂිකාරයන් පැහැදිලි කළේ, ඒක ඔහුගේ තීරණයක්; ඒ නිසා, ‘ඔහුගේ බර දරාගෙන,’ ගස් කපා දමන්න ඔහුටම සිද්ධ වෙනවා කියලයි. (ගලාති 6:4, 5) පළමුවන කොරින්ති 10:13 කියන පොරොන්දුව මතක තියාගන්න ඔවුන් ඔහුව දිරිගැන්වූවා. එහි කියන්නේ මෙහෙමයි: ‘මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවි විශ්වාස කෙනෙක්ය. ඔහු නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකි වන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදා දෙන්නේය.’ සාක්ෂිකරුවන් ඔහු සමඟ කරුණු සලකා බලා මෙහෙම කිව්වා: “අපි ඔයාගෙ ගස් ටික කපල දුන්නොත්, පස්සේ ඔයා දුක් වෙලා වෙච්ච පාඩුව ගැන අපිට දොස් කියන්න ඉඩ තියනවා.” වැඩිකල් යන්න මත්තෙන් එක උදෑසනක, දම්වැල් කියතක සද්දෙට ලින් මහත්මිය ඇහැරුණා. ඇගේ පුරුෂයාත් දරුවනුත් පුවක් ගස් කපකප ඉන්නවා!
යෙහෝවා තමන්ගේ පොරොන්දු සම්බන්ධයෙන් සැබෑ බව ලින් මහත්මයා සොයාගත්තා. ඔහුට පිරිසිදු හෘදය සාක්ෂියක් තබාගන්න පුළුවන් වගේම, යෙහෝවාගේ ප්‍රශංසා කරන්නෙක් වෙන්න පුළුවන් වන විදිහේ රැකියාවක් ලැබුණා. වර්ෂ 1996 අප්‍රියෙල් මාසයේ පැවති යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ චාරිකා එක්රැස්වීමකදී ඔහු බව්තීස්ම වුණා.
ඔව්, ප්‍රතිඵලයක් හැටියට ලින් මහත්මයා “තමා සන්තක සියල්ල විකුණා,” ‘ඉතා අනර්ඝ වූ මුතු ඇටයක්’ මිල දී ගත්තා. යෙහෝවා දෙවි සමඟ පෞද්ගලික සබඳතාවක් සහ ඔහුගේ රාජ්‍ය අවශ්‍යතා උදෙසා සේවය කිරීම කියන තක්සේරු කරන්න බැරි තරම් වරප්‍රසාදයක් දැන් ඔහු සතුව තියෙනවා.