“සත්‍යයේ මැණික්”
“සත්‍යයේ මැණික්.” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නයිජීරියානු ශාඛා කාර්යාලයට එවන ලද ලිපියක විශේෂ සඟරා දෙකක් ගැන විස්තර කරන්නේ එලෙසයි. ලියූ යෞවනයා මෙහෙම පැහැදිලි කරනවා:
“ඇත්තෙන්ම මුරටැඹ සහ පිබිදෙව්! මගින් එදිනෙදා ජීවිතයේ සියලුම පැති ගැන අදහස් පළ කිරීමට ඔබ දරන වෑයමට, මගේ අවංක ස්තුතිය ප්‍රකාශ කරන්නයි මම මේ ලිපිය ලියන්නේ.
“මට අවුරුදු 17යි. පසුගිය වසරේ ප්‍රාදේශීය ගුවන්විදුලි ස්ථානයක ‘ලිංගික කාරණාවලට වඩා ප්‍රේමයෙහි වැඩි දෙයක් ගැබ්ව තිබේ—ඒඩ්ස් යථාර්ථයකි’ යන තේමාව යටතේ රචනා තරඟයක් පැවැත්තුවා. සෑම රචනාවක්ම වචන හාරසියයකට වඩා අඩු නොවිය යුතු වුණා. හොඳම රචනාවට නයිරා 1,000ක [රු. 750.00ක] ත්‍යාගයක් ප්‍රදානය කරන්න නියමිතව තිබුණා. සැබවින්ම, ත්‍යාගයක් ලබාගැනීමට පමණක් නොව, නමුත් යමක් ඉගෙනගැනීමට . . . ජනයා ලිවිය යුතුයි කියා ඔවුන් පැවසුවා.
“මට සඟරා දෙකෙන්ම ඒඩ්ස් ගැන තොරතුරු ලැබුණා. ප්‍රේමය සම්බන්ධයෙන් තොරතුරු බරිත ලිපි පෙළක් තිබුණා. මම 1978 අගෝස්තු 8, පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ කරුණු යොදාගත්තා.
“මගේ රචනාව යවා මාස දෙකක් විතරයි ගියේ, ප්‍රතිඵල ආවා. මාව පුදුමයට පත් කරවමින්, ක්‍රොස් රිව’ සහ අක්වා ඉබෝම් ප්‍රාන්තවල ප්‍රථම ස්ථානය මට ලැබුණා!
“මම යොදාගත් තොරතුරු සියල්ලම ලබාගත්තේ සඟරාවලින්. මේ කරදරකාරි සහ දූෂිත ලෝකයේ, යෙහෝවා අපට කාලෝචිත තොරතුරු සැපයීම ඇත්තෙන්ම ආශ්චර්යවත් දෙයක්. සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන්, ලිංගික කාරණාවලට වඩා ප්‍රේමයෙහි බොහෝ සෙයින් වැඩි දෙයක් ගැබ්ව තිබෙන බව අපි දන්නවා. ඒ වගේම, පවිත්‍ර, සදාචාරවත් ජීවිතයක් ගත කිරීමෙන් අපව ඒඩ්ස් වැනි රෝගවලින් ආරක්ෂා වන බව නිසැකයි.
“ඔබ වෙහෙස නොබලා නිකුත් කරන මෙම සත්‍යයේ මැණික් සඳහා ඔබට ස්තුති නොකර ඉන්න මට බැහැ. ඔබ මේ වටිනා සඟරා දිගටම සපයද්දී ඔබේ වෑයමට යෙහෝවා නොකඩවා ඔබට ආශීර්වාද කරත්වා!”