ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 7/15 3 පි.
  • ඔබ පාපය සලකන්නේ කෙසේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ පාපය සලකන්නේ කෙසේද?
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාපය තවත් නැති කල්හි
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාපය ගැන මිනිසුන් තුළ ඇති ආකල්ප වෙනස් වී ඇත්තේ ඇයි?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි මැරෙන්නේ ඇයි?
    බයිබලයෙන් උත්තර
  • මුල්ම පාපය මොකක්ද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 7/15 3 පි.

ඔබ පාපය සලකන්නේ කෙසේද?

“ඔබ තුළ පාපය නැහැ; ඔබ තුළ කාලකණ්ණිකමක් නැහැ; සර්ව බලධාරි බලයේ ගබඩාකරු ඔබයි.” ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් වූ විවේකනන්ද මේ ප්‍රකාශය ඉදිරිපත් කළේ බගවත් ගීත යන හින්දු ශුද්ධ පොතක කොටසක් විස්තර කරන විටයි. වේදාන්තයෙන් උපුටා දක්වමින් ඔහු මෙහෙම ප්‍රකාශ කරනවා: “ඔබ දුර්වලයි, ඔබ පව්කාරයෙක් කියන එක තමයි ලොකුම වරද.”a

එහෙත්, මිනිසා තුළ පාපයක් නැතැයි කීම සැබෑවක්ද? තවද පුද්ගලයෙක් උපතේදී උරුම කරගන්නා යමක් ඇත්නම්, ඒ ගැන කියන්න පුළුවන් මොකක්ද? “උරුමයෙන් තීරණය වන්නේ ශාරීරික ගතිලක්ෂණ” පමණයි කියා හින්දු සාමිවරයෙක් වූ නිකිලානන්ද පවසයි. අනිත් ගතිලක්ෂණ නියම වන්නේ කෙනෙක්ගේ “පෙර ජීවිතවල ක්‍රියා” මගිනුයි. විවේකනන්ද පවසන පරිදි, “ඔබේ ඉරණමේ නිර්මාතෘ ඔබමයි.” හින්දු ධර්මය උරුම වූ පාපය ගැන කිසිවක් උගන්වන්නේ නැහැ.

ශරකුස්ත්‍රවාදීන්, ෂින්ටෝ භක්තිකයන්, කොන්ෆියුසියානු භක්තිකයන් හා බෞද්ධයන් අතරද උරුම වූ පාපය ගැන සංකල්පය නැහැ. උරුම වූ පාපයේ දහම සිරිතක් හැටියට ඉගැන්වූ යුදෙව්-ක්‍රිස්තියානි ආගම්වල පවා පාපය කෙරෙහි තිබූ ආකල්පය වෙනස් වෙමින් පවතිනවා. අදදින වැඩිදෙනෙක් තමන් පව්කාරයන් කියා සිතන්නේ නැහැ.

“නවීන විඥානය සදාචාර දෝෂාරෝපණයකට දිරි දෙන්නේ නැහැ; විශේෂයෙන්ම, එය ආත්ම-දෝෂාරෝපණයකට දිරි දෙන්නේ නැහැ” කියා කනිෂ්ඨ දේවධර්මාධර කොර්නෙලියස් ප්ලැටින්ඥ පවසයි. පාපයේ බරපතළකම අඩු කිරීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ලෝකයේ සභා යම් දුරකට වැරදිකරුවන්. “ඔබට පාපය ගැන සවන් දෙන්න ඕනෙ නම් පල්ලියට යන්න එපා” කියා ඩ්‍යූක් විශ්වවිද්‍යාලයේ කුලගුරු පවසයි. එමෙන්ම ප්ලැටින්ඥ පවසන පරිදි, සමහර සභා සාමාන්‍යයෙන් පාපය ගැන කතා කරන්නේ සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් පමණයි.

මේ දිනවල සමාජ ව්‍යසන බොහෝමයක් තිබෙනවා යන්න පිළිගත හැකි දෙයක්. සාහසිකකම, අපරාධ, යුද්ධ, ජනවාර්ගික ඝට්ටන, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, වංකකම, පීඩිතබව සහ දරුවන්ට එරෙහි සාහසිකකම බහුලව පවතිනවා. ඇත්තවශයෙන්ම, මනුෂ්‍යවර්ගයා දන්නා තරමින් ලේ හෙල්ලූ ශතවර්ෂවලින් එකක් ලෙස 20වන ශතවර්ෂය හඳුන්වා තියෙනවා. මීට අසනීප, මහලු විය සහ මරණය හේතුවෙන් ඇති වන වේදනාව සහ දුක් විඳීමද ඇතුළත් වෙනවා. අදදින ලෝකයෙහි පවතින දැවැන්ත ගැටලුවලින් මිදෙන්න ආශාවක් නැත්තේ කාටද?

පාපය ගැන ඔබේ ආකල්පය මොකක්ද? පාපය උරුම වූ දෙයක්ද? වේදනාව හා දුක් විඳීමෙන් කවදා හෝ අපිට නිදහස් වෙන්න පුළුවන් වෙයිද? මීළඟ ලිපිය ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරයි.

[පාදසටහන]

a වේදාන්ත දර්ශනය පදනම් වී තිබෙන්නේ හින්දු ලියවිලිවල, එනම් වේද ග්‍රන්ථවල අවසානයේ දක්නට තිබෙන උපනිෂද්වලයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න