‘අපිට අවංක මිනිස්සු ඕනෙ’
අවංකකම අදදින ලෝකයේ විරලයි. ඒත්, එය ක්‍රිස්තියානීන්ගේ මූලික අවශ්‍යතාවක්. “සියලු කාරණාවලදී අවංක ලෙස හැසිරෙන්න අප ආශා කර[න්නේය]” කියල පාවුල් ලිව්වා. (හෙබ්‍රෙව් 13:18, NW) ඉතාලියේ ෆඑන්ස’හි පදිංචි යෙහෝවාගේ සාක්ෂිකාරියක් වූ විල්මාටත් කරන්න ඕනෙ වුණේ ඒ දේයි.
විශාල මුදල් සම්භාරයක් අඩංගු පසුම්බියක් ඇගේ නගරයේ සුපිරි වෙළඳසැල් භූමියේදී ඇය සොයාගත්තාම, එහි අයිතිකාරයාට භාර දෙන්න පුළුවන් වෙන විදිහට “කිසි පැකිලීමක් නැතුව” එය පොලිසියට භාර දුන් බව එල් රෙස්ටෝ ඩෙල් කාර්ලිනෝ පුවත්පත සැල කළා.
නගරාධිපති මේ ගැන දැනගත් විගස විල්මාට ස්තුති දැන්වීමක් යැව්වා. ඔහු මෙහෙම ලිව්වා: “නගරයේ නාමයෙන්, ඔබගේ විශිෂ්ට ක්‍රියාව ගැන හෘදයාංගමව ඔබට ස්තුති කරමි. අපේ සත්කීර්තිමත් ෆඑන්ස’ නගරයට යහපත් සහ අවංක මිනිස්සු ඕනෙ.”
යහපත් ක්‍රියා ප්‍රසිද්ධ වුණත් නැතත්, සෑමවිටම අපි අවංක වෙන්න වෑයම් කළ යුතුයි. ශුද්ධ ලියවිල්ල අනුශාසනා කරන විදිහට, “දෙවි ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට උත්සාහ කරමු.”—2 කොරින්ති 8:21, ද ජෙරූසලම් බයිබල්.