අපි කවදා හෝ මේ වගේ දර්ශනවලින් මිදෙයිද?
මේ දවස්වල අපි කොහෙ බැලුවත්, කලබලකාරිත්වය, ගැටුම් සහ යුද්ධ තිබෙන බව පැහැදිලිව දකින්න තියෙනවා. ඒත් ඔබ දැනටමත් දන්න අශුභ ආරංචි සියල්ලට තවත් ඒවා එකතු කිරීම නෙවෙයි මේ සඟරාවේ අරමුණ. ඒ වෙනුවට, මේ විශේෂ කලාපය අඩුම තරමින් සැනසිලිදායක සත්‍යයන් දෙකක්වත් ඔබට හඳුන්වා දෙනවා. ප්‍රථමයෙන්ම, අපේ යුගයේ හද කම්පිත කරවන අශුභ ආරංචි බොහොමයක් ගැන බයිබලයේ පැරණි අනාවැකි ඇත්තෙන්ම පුරෝකථනය කර තිබීම; දෙවනුව, මෙහි පෙන්වා ඇති පරිදි එවැනි දර්ශන අතීතයට අයිති ඒවා බවට පත් කරවන දිනයක් ඇති වන බවට මේ අනාවැකි පොතම පුරෝකථනය කර තිබීම. යුද්ධ තවත් නෑ. බෝම්බ ගැසීම්, වෙඩි තබන්නන්, බිම් බෝම්බ හෝ ත්‍රස්තවාදය තවත් නෑ. වේදනාවෙන් පෙළෙන අනාථයන් හෝ උන්හිටි තැන් අහිමි වූ සරණාගතයන් තවත් නෑ. අව්‍යාජ, හද-සනසන සාමයෙන් පිරි ලොවක්. එවැනි කාලයක් දකින්න ඔබ කැමතිද? බයිබලයට මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ කියලා සලකා බලන මෙන් අපි ඔබෙන් උනන්දුවෙන් ඉල්ලා සිටින්න කැමතියි. ඔබ හිතන්නේවත් නැති විදිහට ඔබට එයින් සහනයක් ලබාගන්න පුළුවන් වේවි.