ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 4/1 30-31 පි.
  • වසර 403ක සරණ බන්ධනය අනතුරේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වසර 403ක සරණ බන්ධනය අනතුරේ
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 4/1 30-31 පි.

වසර 403ක සරණ බන්ධනය අනතුරේ

ස්වීඩනයේ, පල්ලිය හා රජය වසර 400කට වඩා වැඩි සමීප මිත්‍රත්වයක් භුක්ති විඳ තිබෙනවා. දැන් ආගම හා ආණ්ඩුව අතර සරණ බන්ධනය දුර්වල වෙමින් පවතිනවා.

වර්ෂ 1593දී රාජ්‍ය ආගම වශයෙන් ලූතරන් වාදය පිහිටුවනු ලැබූ අතර, හැම ස්වීඩන ජාතිකයෙකුම බව්තීස්ම ලත් සාමාජිකයෙකු විය යුතුව තිබුණා. වසර ගණනකට පසු, 1850 ගණන්වලදී අලුත් කිරීමක් සිදු කෙරුණා. ස්වීඩන ජාතිකයන් බව්තීස්ම වීම තවදුරටත් අවශ්‍ය වුණේ නෑ; කොහොම වුණත්, ඔවුන්ව තවදුරටත් සැලකුවේ ලූතරන් පල්ලියේ සාමාජිකයන් ලෙසයි. එවැන්නන් හැටියට, පල්ලියේ වැඩකටයුතුවලට අතහිත දෙන්නත්, පල්ලියෙන් ඉටු කෙරෙන ඇතැම් සිවිල් සේවාවන් සඳහා ගෙවන්නත් ඔවුන්ට තමන්ගේ බදු ආදායමෙන් සියයට 1ක් ගෙවන්න සිදු වුණා. ඉතා මෑතකදී තවත් වෙනස් වීමක් සිදු වුණා. වර්ෂ 1952 සිට, ස්වීඩන ජාතිකයන්ට නීත්‍යනුකූලව පල්ලියෙන් අයින් වෙන්න හැකිකම තිබුණ අතර, මේ හේතුවෙන් පල්ලියට ගෙවන බද්දේ විශාල කොටසකින් නිදහස් වුණා.

ස්වීඩනය කෙරෙහි තිබූ ලූතරන් පල්ලියේ බලය මෑත වසරවලදී අඩු වෙන්න පටන්ගෙන තියෙනවා. ස්වීඩන ජාතිකයන්ගෙන් සියයට 10ක්ම, යුදෙව්වන්, කතෝලිකයන් හා මුස්ලිම් ජාතිකයන් ඇතුළු ලූතරන් නොවන සංක්‍රමිකයන් නිසා මෙය වැළැක්විය නොහැකි කාරණයක් වුණා. මේ හේතුවෙන්, 1996 ආරම්භයේදී, ලූතරන් පල්ලියට අයත්ව සිටියේ ස්වීඩන ජාතිකයන්ගෙන් සියයට 86ක් පමණයි; තවද සංඛ්‍යාව පහත වැටෙමින් තිබෙනවා.

වැඩි වන උදාසීනත්වය, පල්ලිය හා රජය අතර භේදයක් ඇති වෙන්න සලස්වනවා. රජු ලූතරන් ධාර්මිකයෙක් වීමටම අවශ්‍ය නැති බවත්, ලූතරන් දෙමාපියන්ට උපදින දරුවන් නිතැතින්ම ලූතරන් රාජ්‍ය පල්ලියේ සාමාජිකයෙක් වන බවට සලකන්නේ නැති බවත් දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. තවදුරටත්, ද ඩැලස් මෝර්නිං නියූස් පවසන විදිහට, වසර 2000 වන විට “ප්‍රාදේශීය මීසම් සහ රජය, තිබෙන වස්තු සම්භාරය තක්සේරු කර බෙදිය යුතුයි. පල්ලිය, එහි වාර්ෂික අයවැය වන ඩොලර් බිලියන 1.68 කපාහැරිය යුතුයි; ඉන් වැඩිහරියක් බදු ගෙවීම්වලින් එකතු කරගත් ඒවායි.” ශතවර්ෂය ඉකුත් වීමත් සමඟම, පල්ලිය විසින්ම තම බිෂොප්වරුන්ව පත් කරාවි.

ක්‍රිස්තියානි ලෝකය පුරා උදාසීනත්වය හා සාමාජිකයන් අඩු වී යෑම ව්‍යාප්ත වෙද්දී, ස්වීඩනයේ ඉන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් වැඩි වෙමින් පවතිනවා. ඒ රටේ, දේවරාජ්‍යය ගැන ප්‍රචාරයකරන්නන් 24,487ක් සිටින බවත්, සියයට 10ක් විතර දේශනා කරන්නේ පූර්ණ කාලීන පුරෝගාමී සේවකයන් වශයෙන් බවත්, නයින්ටීන් නයින්ටි සෙවන් යිය’බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස් වාර්තා කරයි. මොවුන්ගෙන් වැඩිදෙනෙක් වඩා උතුම් වරප්‍රසාද සඳහා වීර්යය කරමින් ඉන්නවා. උදාහරණයක් වශයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 1995 දිස්ත්‍රික් සමුළුවලදී, විවාහක ජෝඩු 20ක් වොච්ටව’ බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි මිෂනාරි පුහුණුව සඳහා ඉල්ලුම්පත් භාර දුන්නා. ඒ වන විටත්, පසුගිය පංතිවල ස්වීඩන් ජාතික උපාධිලාභීන් 75දෙනෙක් පමණ ලෝකයේ විවිධ කොටස්වල මිෂනාරි සේවයේ යෙදෙමින් සිටියා. ඔවුන්ගේ කදිම ආදර්ශය, දිරිගන්වන ලිපි සහ බැහැදැකීම්, මේ උතුම් වරප්‍රසාදය ගැන දැන් සිතා බලන අය මත ප්‍රබෝධවත් කරවන බලපෑමක් ඇති කරන බවට සැකයක් නෑ.

මේ නිසා, ක්‍රිස්තියානි ලෝකයේ මිලියන ගණන් මානසික බිඳවැටීමක් අද්දකිද්දී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් “හෘදයේ පවතින හොඳ තත්වය නිසා ප්‍රීතියෙන් ගී කිය[යි].”—යෙසායා 65:13, 14, NW.

[30වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ස්වීඩනය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න