මිලියන ගණන් යනවා ඔබත් යනවද?
කොහෙටද යන්නේ? වාර්ෂිකව පැවැත්වෙන යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන්න. වර්ෂ 1996දී ලොව පුරා 1,29,21,933ක එකතුවක් එයට සහභාගි වුණා.
ජනයා යන්නේ ඇයි? මනුෂ්‍යවර්ගයා සඳහා යේසුගේ මරණයෙන් අදහස් වන දේ නිසයි. අසනීපවලින්, වේදනා විඳීමෙන් සහ මරණයෙන් මිදීමක් ලැබෙන බව ඉන් අදහස් වෙනවා. යළි පාරාදීසයක් බවට පත් කරලා තියෙන පොළොවකට මළාවූ ප්‍රේමනීයයන්ව පවා නැවත නැඟිටුවනවා.
යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයට එවැනි ආශීර්වාද ගෙනෙන්න පුළුවන් කොහොමද? ඒ ගැන සොයා බැලීමට ඔබට ආරාධනා කරන්න කැමතියි. මේ වැදගත් අවස්ථාවේදී ඔවුන් හා රැස්වෙන්න කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට සාදරයෙන් ඇරයුම් කරනවා.
ඔබේ නිවසට කිට්ටුම රාජ්‍යශාලාවට එන්න. මේ අවුරුද්දේ දිනය මාර්තු 23වන ඉරුදින හිරු බැසයෑමෙන් පසුවයි. ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් නියමිත වෙලාව විමසා දැනගන්න.