ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 2/1 29 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • රුධිරය සමඟින් ජීවිතය බේරා ගැනීම—කෙසේ ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රුධිරය—ජීවිතය සඳහා අත්‍යවශ්‍යයි
    ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද?
  • ඔබේ ජීවිතය නමැති ත්‍යාගය නිසි ලෙස අගය කරන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 2/1 29 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, දරුවෙකු ප්‍රසූත කළායින් පස්සේ, වැදෑමහේ හා පෙකණිවැලේ අඩංගු රුධිරයෙන් දේවල් ලබාගැනීමට සමහර රෝහල් එය ආරක්ෂා කර තබාගන්නවා. ක්‍රිස්තියානියෙක් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුද?

රෝහල් බොහොමයකම, ඒ වගේ දෙයක් සිදු වෙන්නේ නැති නිසා, ක්‍රිස්තියානීන් එතරම් සැලකිල්ලක් දැක්වීමට අවශ්‍ය වන්නේ නැහැ. ක්‍රිස්තියානියෙක් දරුවෙකු ප්‍රසූත කරන්න යන රෝහලක එවැනි ක්‍රියාවක් අනුගමනය කරන බව විශ්වාස කිරීමට හොඳ හේතු තිබෙනවා නම්, වැදෑමහ හා පෙකණිවැල කිසිදු ආකාරයකින් පාවිච්චි නොකර, ඉවත් කළ යුතු බවට වෛද්‍යවරයාට දැනුම් දීම යෝග්‍ය දේ වෙන්න යනවා.

විවිධ ඖෂධ, ජෛවවේදී මූලාශ්‍රවලින් එනම් සත්ව හෝ මනුෂ්‍යයන්ගෙන් ලබාගෙන තිබෙනවා. නිදසුනක් වශයෙන්, ඇතැම් හෝමෝන ගැබ්ගෙන සිටින වෙළඹුන්ගේ මූත්‍රාවලින් ලබාගෙන තිබෙනවා. අශ්ව රුධිරය, ටෙටනස් ප්‍රතිධූලකය ලබාගත් එක් මූලාශ්‍රයක් වී තිබෙන අතර, රෝගවලට එරෙහිව සටන් කරන්න බොහෝ කාලයක ඉඳලා (ප්‍රසූතයකින් පස්සේ) මනුෂ්‍ය වැදෑමහවල රුධිරයෙන් ගැමා ග්ලොබියුලින් ලබාගෙන තිබෙනවා. සමහර රෝහල් වැදෑමහ ශීත කර තබාගෙන ඇති අතර, පස්සේ ඖෂධ පරීක්ෂණාගාර මගින් ඒවා එකතු කර තිබෙනවා. එහෙම කළේ ප්‍රතිදේහවලින් පිරිලා තිබෙන රුධිරයෙන් ගැමා ග්ලොබියුලින් ලබාගැනීමට පුළුවන් වෙන්නයි.

ප්‍රසූතයකින් පස්සේ ගලන රුධිරය, ලිව්කීමියා රෝගයේ එක් වර්ගයකට ප්‍රතිකාර කිරීමට පාවිච්චි කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිලා තිබෙනවා කියලා පර්යේෂකයෝ ඉතා මෑතකදී කියා තිබෙනවා; එවැනි රුධිර, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතැම් අක්‍රමිකතාවලට හෝ අස්ථි මිඳුළු බද්ධ කිරීම් වෙනුවට ප්‍රතිකාර කිරීමටද ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලත් අනුමාන කරලා තිබෙනවා. මේ නිසා, අනාගතයේදී තම දරුවන්ට ප්‍රතිකාර කරන්න ප්‍රයෝජනවත් වුණොත් පාවිච්චි කරන්න, දෙමාපියන් ප්‍රසූතයකින් පස්සේ ගලන රුධිරය එකතු කරලා ශීත කර ගබඩා කර තැබීම ජනමාධ්‍යයේ යම් ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා.

වැදෑමහේ රුධිරය ඒ ආකාරයෙන් වානිජ්‍යකරණය කිරීම, දෙවිගේ පරිපූර්ණ ව්‍යවස්ථාවට අනුකූලව තමන්ගේ සිතිවිලි හැඩගස්වාගන්න සැබෑ ක්‍රිස්තියානීන්ට කිසිසේත්ම සිත් ඇදගන්නක් නෙවෙයි. අපේ මැවුම්කරු රුධිරය සලකන්නේ පරිශුද්ධ දෙයක්, දෙවිගෙන් ලද ජීවිතය නියෝජනය කරන දෙයක් හැටියටයි. ඔහුගේ නියෝගයට අනුව, රුධිරය පාවිච්චි කරන්න පුළුවන් එකම ක්‍රමය පූජාවන් සම්බන්ධ කරගෙනයි; ඒ කියන්නේ පූජාසනය පිට. (ලෙවී කථාව 17:10-12; සසඳන්න රෝම 3:25; 5:8; එපීස 1:7.) එහෙම නැත්නම්, සත්වයෙකුගෙන් ඉවත් කරන ලද රුධිරය භූමියට වගුරුවා ඉවත් කරන්න අවශ්‍යයි.—ලෙවී කථාව 17:13; ද්විතීය කථාව 12:15, 16.

ක්‍රිස්තියානියෙකු සත්වයෙක් දඩයම් කරන කොට හෝ නිවසේ ඇති කරන කුකුළෙක් නැතහොත් ඌරෙක්ව මරද්දී, රුධිරය බේරෙන්න ඇර ඉවත් කර දමනවා. ඔවුන්ට වචනානුසාරයෙන්ම එය භූමියට වත් කරන්න අවශ්‍ය වෙන්නෙ, රුධිරය කිසිම දේකට පාවිච්චි නොකර ඉවත් කර දැමීම මූලික කාරණය වන නිසයි.

රෝහල්ගත වී සිටින ක්‍රිස්තියානීන් තේරුම්ගන්න දෙයක් තමයි, ඔවුන්ගේ ශරීරවලින් ඉවත් කරනු ලබන දේ, ඒ කියන්නේ ශරීර අපද්‍රව්‍ය, මැරුණු පටක හෝ රුධිරය වැනි ජෛවවේදීය ද්‍රව්‍ය හෝ වෙනත් දෙයක් හෝ වේවා, ඒ ද්‍රව්‍ය ඉවත දමනු ලබන බව. මුලින්ම වෛද්‍යවරයෙකුට ඇතැම් පරීක්ෂණ, ඒ කියන්නේ මූත්‍රා පරීක්ෂා කිරීමක්, අර්බුද පටක සම්බන්ධයෙන් ව්‍යාධීය පරීක්ෂා කිරීමක් හෝ රුධිර පරීක්ෂණයක් පවත්වන්න ඕනෑ කරන බව සැබෑවක් වෙන්න පුළුවන්. ඒත් ඊට පස්සේ, දේශීය නීතියට අනුව ඒ ද්‍රව්‍ය ඉවත් කරනු ලබනවා. මේ කාරණය සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කරන්න රෝහල්ගත වූ රෝගියාට සාමාන්‍යයෙන් අවශ්‍ය නැහැ; ඇයි කිව්වොත්, එවැනි ජෛවවේදීය ද්‍රව්‍ය ඉවත් කිරීම සාධාරණ වන අතරම වෛද්‍යමය වශයෙන්ද නුවණැති දෙයක් වන නිසයි. එවැනි සාමාන්‍ය ක්‍රියාවක් අනුගමනය කරනවාද කියන එක සැක කිරීමට රෝගියෙකුට වලංගු හේතු තිබෙනවා නම්, ඔහුට හෝ ඇයට ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයාට කතා කරන්න පුළුවන්; ඒ අවස්ථාවේදී ආගමික හේතු මත ඔහුට හෝ ඇයට එවැනි ද්‍රව්‍ය සියල්ලක්ම ඉවත් කිරීම අවශ්‍ය කරන බව පවසන්න පුළුවන්.

කොහොම වුණත්, මුලින් සඳහන් කළ විදිහට, සාමාන්‍ය රෝගියෙකුට මේ සැලකිල්ල දක්වන්න සිදු වන්නේ ඉතා කලාතුරකින්; එයට හේතුව ප්‍රසූතියකින් පස්සේ නිකුත් වන ද්‍රව්‍ය හා වෙනත් ජෛවවේදීය ද්‍රව්‍ය ආරක්ෂා කර තබාගැනීම හෝ ඒවා නැවත භාවිත කිරීම බොහෝ ස්ථානවල සලකන්නේවත්, පුරුද්දක් වශයෙන් කරන්නේවත් නැති නිසයි.

එක්දහස් නවසිය අනූහතේ, ජනවාරි 1 මුරටැඹ කලාපයේ දකින්න තියෙන “දුෂ්ට දේවලට ද්වේෂ කරමු” කියන ලිපිය කෞමාර කාමුකත්වයට අවධානය යොමු කරන බව පේනවා. මේ ක්‍රියාවේ අරුත පැහැදිලි කරන්නේ කොහොමද?

වෙබ්ස්ට’ස් නයින්ත් නිව් කොලීජියට් ඩික්ෂනරිහි “කෞමාර කාමුකත්වය” නිර්වචනය කරන්නේ “දරුවන්ව අතකොළුවක් ලෙසට යොදාගැනීමට කැමති වන විකෘති ලිංගික ක්‍රියාව” ලෙසටයි. ද්විතීය කථාව 23:17, 18හි මේ ක්‍රියාවේ වෙනත් පැතිද දෝෂාරෝපණයට ලක් කර තියෙනවා. එහිදී, දේවමාළිගා වේශ්‍යාවෙකු (“නැත්නම් ‘කුමාරිකයෙක්,’ එනම් විකෘති ලිංගික ක්‍රියාවන් සඳහා තබාගෙන සිටින පිරිමි ළමයෙක්,” NW පාදසටහන) බවට පත්වනවාට විරුද්ධව දෙව් කතා කළා. මේ පද, “බල්ලෙකුගේ” (“බොහෝවිට කාමාතුරයෙක්; විශේෂයෙන්ම පිරිමි ළමයෙක් සමඟ ගුදයෙන් ලිංගික සබඳතා පවත්වන කෙනෙක්ගේ,” NW පාදසටහන) කුලිය ‘යෙහෝවාගේ ගෘහය තුළට’ ගෙනඒම තහනම් කළා. එමනිසා මුරටැඹ සඟරාව සාකච්ඡා කරමින් හිටියේ වැඩිහිටියෙක් විසින් ලිංගික දූෂණය සඳහා ළමයෙක්ව අතකොළුවක් බවට පත් කරවාගැනීම බවත්, එමෙන්ම සිරුරේ රහස්‍ය කොටස් අතපත ගෑමද මෙයට ඇතුළත් බවත් මෙම ශුද්ධ ලියවිලිමය හා ලෞකික මූලාශ්‍ර තහවුරු කරයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න