රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
සත්‍යය සමඟින් සියලු ආකාරයේ අය වෙතට ළඟාවීම
ප්‍රේරිත පාවුල් දේවරාජ්‍යය ජ්වලිතව ප්‍රකාශ කළ කෙනෙක්. ඔහුට “ශුභාරංචිය” දේශනා කරන්න වගකීමක් තිබුණා. ඒ වගේම එයට බාධා පමුණුවන්න විරුද්ධවාදිකම්වලට ඉඩ දුන්නේ නැහැ. (1 කොරින්ති 9:16; ක්‍රියා 13:50- 52) පාවුල් තමාගේ ආදර්ශය අනුකරණය කරන්න කියලා අන්‍යයන්ට ආයාචනා කළා.—1 කොරින්ති 11:1.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ අධිෂ්ඨානපූර්වක දේශනා කිරීමේ ප්රයත්නයන් පිළිබඳව ලෝක ව්‍යාප්ත ප්‍රසිද්ධත්වයක් උසුලනවා. ඔවුන්ට දෙව්-නියම කළ ‘ගෝලයන් සෑදීමේ’ කර්තව්‍යය ඉටු කරන්න, ඔවුන් ඇත්තෙන්ම, “කලටත් අකලටත්” අන්‍යයන්ට කතා කරනවා. (2 තිමෝති 4:2; මතෙව් 28:19, 20) ඔවුන් විරුද්ධවාදිකම් අද්දකින රටවල පවා, අවංක හදවත් තියෙන අයට දේවරාජ්‍යයේ අතිවැදගත් පණිවිඩය ලැබෙනවා. පහත දැක්වෙන අද්දැකීම්වලින් මෙය පැහැදිලි වෙනවා.
◻ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා තියෙන එක බටහිර පැසිෆික් දූපතක, අවුරුදු 12ක ළමයෙක්ට, පාසැලේදී ඔහු නරක ආශ්‍රිතයන්ගෙන් වට වෙලා ඉන්නවා කියලා තේරුණා. ඔහුගේ මිත්‍රයෝ හුඟදෙනෙක් පුරුද්දක් හැටියට දුම්පානය කළා; කාමුක පොත් පත් කියෙව්වා; ගුරුවරුන්ට කරදර කළා වගේම සණ්ඩු සරුවලුත් කෙරුවා. තත්වය කොතරම් නරක අතට පත් වුණාද කිව්වොත් වෙන පාසලකට මාරු වෙන්න පුළුවන්ද කියලා පිරිමි ළමයා එයාගේ තාත්තාගෙන් ඇහුවා. කොහොම වුණත්, ළඟපාත පාසැල්වල ළමයින්ගේ හැසිරීමත් මෙයට වඩා වෙනස් වෙන්න යන්නෙ නැති නිසා, තාත්තා ඒ වගේ අදහසකට විරුද්ධව පුතාට කරුණු පැහැදිලි කරලා දුන්නා. ඒ වුණත්, ඔහු පුතාට උපකාර කරන්න යන්නේ කොහොමද?
යෞවනයන් සඳහා පොතක් ගෙදර තියෙන බව තාත්තාට මතක් වුණා. එය යෙහෝවාගේ සාක්ෂිකාර නෑදෑයෙක්ගෙන් ලැබුණ තෑග්ගක්. ඉතින් ඔහු පොත හොයලා ඒක හොයාගත්තාට පස්සේ, එය ඔහුගේ පුතාට දුන්නා. එහි මාතෘකාව වුණේ, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන්නයි.a පිරිමි ළමයාට “තුල්‍යය පීඩන සමඟ කටයුතු කිරීමට මට හැක්කේ කෙසේ ද?” යන පරිච්ඡේදය විශේෂයෙන්ම උපකාරවත් වෙන බව තේරුණා. එය ඔහුට ආත්ම ගෞරවය රැකගැනීමේ වැදගත්කම කියලා දුන්නා විතරක් නෙවෙයි, ඔහුව අනුවණ ක්‍රියාමාර්ගයක යොදවන්න අන්‍යයන් මාන බලන කොට උපායශීලී ලෙස නැහැ කියලා කියන්නේ කොහොමද කියලත් ඉගැන්නුවා. පොතේ තියෙන ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන්, තුල්‍ය පීඩනය එක්ක සාර්ථකව කටයුතු කරන විදිහත් යෞවනයා ඉගෙනගත්තා.
පුතාගේ මෙවැනි සහ වෙනත් සතුටුදායක වෙනස්වීම් දැකලා, තාත්තා පොත කියවන්න තීරණය කළා. පොතේ තියෙන ප්‍රායෝගික උපදෙස්වලට සිත ඇදී ගිහිල්ලා, නිවාස බයිබල් පාඩමක් ලබා දෙන හැටියට පියා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලුවා. පස්සේ, ඔහුගේ පවුලේ වෙනත් සාමාජිකයන්ද පාඩමට ඉඳගත්තා. එහි ප්‍රතිඵලය? පිරිමි ළමයාත් එයාගේ මල්ලීත් එයාගේ තාත්තා සහ තාත්තාගේ දෙමව්පියෝ දෙන්නාත් දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ.
◻ ඒ රටේම, බයිබල් ප්‍රතිපත්තිවලට දක්වපු නියත කීකරුකම නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙන්නෙක්ව සිරගත කළා. කොහොම වුණත්, දේවරාජ්‍යය ගැන නිර්භීත ලෙස කතා කරන එක වළක්වන්න තමන් වැටිලා හිටපු තත්වයට ඔවුන් ඉඩ දුන්නේ නැහැ. ඔවුන් සිරගෙදර නිලධාරියෙක්ව හමු වෙලා ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය සිහි කරන්න අවසර ලබාගත්තා. සිරකරුවන් 14දෙනෙක් බයිබලය කෙරෙහි උනන්දුව පළ කරලා, මේ අතිවැදගත් උත්සවය සමරන්න සාක්ෂිකරුවන් දෙදෙනාට එකතු වුණ වෙලාවේදී ඔවුන් කොතරම් සතුටු වුණාද! ඔවුන්ව නිදහස් කළාට පස්සේ, සමහර අය බයිබලය දිගටම පාඩම් කළා, ඒ වගේම යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක දිගටම ආශ්‍රය කළා.
තහංචි, විවිධාකාරයේ විරුද්ධවාදිකම් නැත්නම් පීඩන හේතුවෙන් රටවල් 25කට වැඩි ගණනක, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දුක්වේදනා විඳිනවා. කොහොම වුණත්, ප්‍රේරිතයන් වගේ, ඔවුන් “යේසුස් ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය නොනවත්වා ඉගැන්වීමේ සහ ප්‍රකාශ කිරීමේ” නිරත වෙනවා.—ක්‍රියා 5:42, NW.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.