සියල්ලම දිව්‍ය එළිදරව් වීම්ද?
ශුද්ධ බයිබලය ලිවීමට දෙවියන්වහන්සේගේ ආත්මයේ ආනුභාවය ලැබූ සේම, ඇතැම් අය විසින් ශුද්ධයයි සලකන වෙනත් පොත් පත් ලිවීමටත් එය මඟ පෙන්වූවා වෙන්න පුළුවන්ද? (2 තිමෝති 3:16) මෙම ප්රශ්නය මතු කරන ලද්දේ, “[වතිකානුවේ] මහලේකම්ගේ අධීක්ෂණය යටතේ” ප්‍රකාශිත ඉතාලි ජේසු නිකායික සඟරාවකිනි (ලා චිවිල්ටා කාටෝලිකා); එබැවින් එය විශ්වාස කටයුතු යමක් වශයෙන් කතෝලික ක්ෂේත්රය තුළ සලකනු ලබනවා.
“ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වය මගින්, දෙවියන්වහන්සේ ඇතැම් යුදෙව් නොවන හා ක්‍රිස්තියානි නොවන සම්ප්‍රදායික ශුද්ධ පොත් පත් තුළට පවා වචනයේ බීජ විහිදෙව් බව” එම ජේසු නිකායික සඟරාවේ පැවසුවා. ජේසු නිකායිකයන්ට නම්, ශරතුස්ත්රවාදී අවෙස්තා ග්‍රන්ථය හෝ කොන්ෆියුශියානු පොත් හතර වැනි “ශුද්ධ” පොත් පත් ලියනු ලැබුවේ, “ශුද්ධ ආත්මයේ යම් පෙලඹීමකින් වන නිසා, ඒවාවල යම් දුරකට ‘දිව්‍ය එළිදරව් කිරීමක්’ අඩංගු වී තිබෙන බව විශ්වාස කරනවා.”
කෙසේවෙතත්, එම ලිපිය පැහැදිලි කිරීමක් කරනවා. “එවැනි ශුද්ධ පොත් පත්වල අඩංගු සෑම පාඨයක්ම දෙවියන්වහන්සේගෙන් ලද වචන නොවේ” යයි එය පවසයි; එය තවදුරටත් පවසන්නේ, මෙම පොත් පත් ලියූ අය ඇතැම්විට තමන් ජීවත් වූ හා ක්‍රියා කළ “බහුදේවවාදී හෝ දර්ශනවාදී වාතාවරණයේ බලපෑමෙන් පෙලඹීම් ලැබුවා” විය හැකි බවයි. ලා රිපූබ්ලිකා නම් ඉතාලියානු පුවත්පතේ වතිකානු කටයුතුවල වාර්තාකරු වන මා’කෝ පෝලිටි පැවසූ ආකාරයට, “කතෝලික සභාව හා ශ්‍රේෂ්ඨ ඓතිහාසික ආගම් අතර ඇති සම්බන්ධය ගත් කල,” මෙම ස්ථාවරය “කලින් සිතාගත නොහැකි වූ සම්බන්ධයකට මඟ පාදයි;” එය 1986දී IIවන ජුවාම් පාවුලු උනන්දුවෙන් දිරිගැන්වූ අසීසි නගරයේ පැවැත්වූ විවිධ අන්තර් ඇදහිලි යාච්ඤා මෙහෙයන්වල පැවති ස්වභාවය නැවත පණගැන්වීමට රුකුලක් වෙනවා.
යෙහෝවඃවහන්සේ අපිළිවෙළේ හා වියවුල්කමේ දෙවිකෙනෙක් නෙවෙයි. (1 කොරින්ති 14:33) එබැවින් තම වචනය වන බයිබලයට සම්පූර්ණ වශයෙන්ම එකඟ නොවන ඕනෑම පොත පතක ඇතැම් කොටස් ආනුභාවයෙන් ලියනු ලැබීමට උන්වහන්සේ තම ශුද්ධ ආත්මය හෙවත් ක්‍රියාකාරික බලය යොදවනු ඇති බව අපට කොහෙත්ම නිගමනය කරන්න බැහැ. විවිධ “ආගමික සම්ප්‍රදායන්” අතර සමගි සන්ධාන එළඹීම් සඳහා දිරිගන්වනවා වෙනුවට, ඇත්තේ “එක බලාපොරොත්තුව[ක්] . . . එක ස්වාමීන්වහන්සෙත්, එක ඇදහිල්ලත්, එක බව්තීස්මයත්” බව ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් ලියනු ලැබුවා.—එපීස 4:4, 5.
ඒ “එක බලාපොරොත්තුව” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත ඇදහිල්ල තැබීම මත රඳා පවතිනවා. හරියාකාරව බයිබලය මෙසේ ප්‍රකාශ කරනවා: “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය.” (ක්‍රියා 4:12) දෙවියන්වහන්සේගේ අරමුණු ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේ ප්‍රධාන තැනක් ගන්නා බව වෙන කිසිම “ශුද්ධ පොතක” පෙන්නුම් කරන්නේ නැහැ. බයිබලය දෙවියන්වහන්සේගේ වචනය හැටියට අපි පිළිගත්තොත් විතරයි, එයට ගැළවීම සඳහා යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ප්‍රේමනීය සැපයුම පිළිබඳව අපට උගන්වන්න පුළුවන් වෙන්නේ.—යොහන් 17:3; 1 තෙසලෝනික 2:13