ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 12/15 30 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “සියලු සැනසිල්ලේ දෙවි”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්වහන්සේගේ ඊමද, යේසුස්වහන්සේගේ පැමිණසිටීමද—කොයි එකද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ සැනසීම සොයාගත හැක්කේ කොහෙන්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැනසිල්ල සඳහා යෙහෝවඃවහන්සේ දෙස බලන්න
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 12/15 30 පි.

ඔබට මතකද?

මුරටැඹ සඟරාවේ මෑත කලාප කියවීමෙන් ඔබ සතුටක් ලැබුවාද? එසේනම්, මතු දැක්වෙන දෑ යළි සිහියට නැඟීම උනන්දුව ඇති කරවන්නක් බව ඔබට දැනෙනු ඇත:

◻ මතෙව් 24:3, 27, 37, 39හි භාවිත කර ඇති ප·රූ·සිʹආ යන ග්‍රීක් වචනයේ තේරුම කුමක්ද?

වයින්ගේ එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස් මෙසේ කියයි: “පරූසිආ ඊමක් මෙන්ම ඉන් අනතුරුව සිදු වන පැමිණසිටීමක් දක්වයි.” එබැවින්, එය ඊම සිදු වන අවස්ථාවට පමණක් සීමා නොවේ; ඒ වෙනුවට පැමිණෙන මොහොත පටන් දිවයන පැමිණසිටීමකි.—8/15, 11වන පිටුව.

◻ පළමු සියවසෙහි විසූ අයට ගැළවීම ලබාගත හැකි වන අයුරින්, ‘ඒ දවස් ලුහුඬු කරනු ලැබුවේ’ කෙසේද; තවද එය මහා පරිමාණයකින් සිදු වනු ඇත්තේ කෙසේද? (මතෙව් 24:22)

පොදු යුගයේ 66දී රෝමවරුන් අනපේක්ෂිත ලෙස, යෙරුසලම වටලාගෙන සිටීම ලුහුඬු කළ අතර, එමගින් ක්‍රිස්තියානීන්ට පලායෑමට ඉඩ ප්‍රස්තාව ලැබිණ. ඒ හා සමානව, මහ බබිලෝනියට පහර දීම කෙසේ හෝ ලුහුඬු කරනු ඇති බව අපි අපේක්ෂා කරන්නෙමු. මෙසේ පැමිණෙන විනාශයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන්ව හා ඔවුන්ගේ මිතුරන්ව ආරක්ෂා කරනු ලබනවා ඇත.—8/15, 18-20 පිටු.

◻ පුද්ගලයෙකු සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයෙකු වීමට පටන්ගත් විට හෝ එසේ කිරීම නැවැත්වූ විට, අපගේ ප්‍රතිචාරය කුමක් විය යුතුද?

සෙසු ක්‍රිස්තියානීන් ඒ ගැන කලබල වීමට අවශ්‍ය නැත. “මම යහපත් බැටළු එඬේරාය; . . . මම මාගේ බැටළුවන් අඳුනමි” කියා යේසුස්වහන්සේ කීසේක. ආත්මික පුත්‍රයන් වීමට තමන්වහන්සේ තෝරාගෙන තිබෙන්නාවූ අයව යෙහෝවඃවහන්සේ ඊට සමාන ස්ථිරත්වයකින් යුක්තව දන්නාසේක. (යොහන් 10:14; රෝම 8:16, 17)—8/15, 31වන පිටුව.

◻ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ප්‍රධාන අරමුණ වූයේ කුමක්ද?

මූලිකව, ඉශ්‍රායෙල්වරුන්ට තම පව්කාර තත්වයෙන් ගැළවීමක් ලබා දෙන මෙසියස් අවශ්‍ය බව ඉන් උගන්වනු ලැබීය. (ගලාති 3:24) ව්‍යවස්ථාව දේවභයත් කීකරුකමත් ඉගැන්වූ අතර, අවට සිටි ජාතීන්ගේ දූෂිත ක්‍රියාවලින් වෙන්ව සිටීමට එය ඉශ්‍රායෙල්ට උපකාරවත් විය. (ලෙවී කථාව 18:24, 25)—9/1, 9වන පිටුව.

◻ අලුත් ගිවිසුමෙහි අරමුණ කුමක්ද? (යෙරෙමියා 31:31-34)

එය නම් මුළු මනුෂ්‍යවර්ගයාටම ආශීර්වාද සැපයීම සඳහා රජවරුන්ගෙන් හා පූජකයන්ගෙන් යුත් ජාතියක් බිහි කිරීමයි. (නික්මයාම 19:6; 1 පේතෘස් 2:9; එළිදරව් 5:10)—9/1, 14 සහ 15වන පිටු.

◻ සමාව ඉල්ලීමේ කලාව අප ක්‍රියාවට නැංවිය යුත්තේ මන්ද?

සමාව ඉල්ලීම, අසම්පූර්ණකම නිසා සිදු කරනු ලැබූ වේදනාවන් ඉවත් කිරීමට උපකාරවත් විය හැකි අතර, එයට අමනාපකම්ද සුව කළ හැකිය. අප සමාව ඉල්ලන සෑම වාරයක්ම නිහතමානීකම සම්බන්ධයෙන් පාඩමක් වන අතර, වෙනත් අයගේ හැඟීම් ගැන සංවේදී වීමට එය අපව පුහුණු කරවයි.—9/15, 24වන පිටුව.

◻ නෝවාගේ දවස්වල සිදු වූ ලෝක ව්‍යාප්ත ජලගැල්ම ඓතිහාසික සත්‍යයක්ද?

එසේය. ලෝක ව්‍යාප්ත ජලගැල්මක් ගැන පවසන ඉපැරණි වාර්තා ලොව පුරා, එනම් අමෙරිකාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා දක්නට ලැබේ. මෙම අදහස විශාල ලෙස පැතිර පැවතීම, බයිබලයෙහි වාර්තා කර ඇති පරිදි ලෝක ව්‍යාප්ත ජලගැල්මක් සිදු වූ බවට සාක්ෂියකි. (උත්පත්ති 7:11-20)—9/15, 25වන පිටුව.

◻ ආගන්තුක සත්කාරයට අයත් වන්නේ කුමක්ද? (රෝම 12:13)

“ආගන්තුක සත්කාරය” යන්න පරිවර්තනය කර ඇත්තේ, “ප්‍රේමය” හා “අමුත්තා” යන තේරුම ඇති මූලික වචන දෙකකින් සෑදී ඇති ග්‍රීක් වචනයකිනි. මේ නිසා, ආගන්තුක සත්කාරයේ මූලික අදහස “අමුත්තන්ට ප්‍රේම කිරීමය.” නමුත් යුතුකමේ හැඟීමක් පෙන්වන ප්‍රතිපත්ති මත පදනම් වූ ප්‍රේමයට වඩා වැඩි යමක් ඊට අයත් වේ. එය අව්‍යාජ ප්‍රියබවක්, හිතවත්කමක් හා මිත්‍රත්වයක් මත පදනම් වී ඇත.—10/1, 9වන පිටුව.

◻ විවාහය හා තනිකඩභාවය සම්බන්ධයෙන් කොරින්තිවරුන්ට ලියූ තම පළමු ලිපියේ 7වන පරිච්ඡේදයේදී පාවුල් ඉදිරිපත් කරන තර්කය කුමක්ද?

විවාහය නීතියට එකඟ දෙයක් වන අතර, යම් තත්වයන්වලදී ඇතැම් අයට යෝග්‍ය දෙයක් විය හැක. එහෙත් අඩුම බාධාවකින් යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අවශ්‍ය ක්‍රිස්තියානි පුරුෂයන් හා ස්ත්‍රීන්ට තනිකඩභාවය වාසිදායක බවට කිසිම සැකයක් නැත.—10/15, 13වන පිටුව.

◻ වැඩිමහල්ලෙක් ‘තම පවුලේ අයට සපයන්නේ’ කෙසේද? (1 තිමෝති 5:8)

වැඩිමහල්ලෙක් ‘තමාට’—තම භාර්යාවට මෙන්ම දරුවන්ට—ද්‍රව්‍යමයව, ආත්මිකව හා චිත්තවේගීව සැපයිය යුතුය.—10/15, 22වන පිටුව.

◻ යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්ට සැනසිල්ල සපයන්නේ කෙසේද?

දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය “සැනසිලිකාරයෙකු” හැටියට ක්‍රියා කරයි. (යොහන් 14:16) දෙවියන්වහන්සේ සැනසිල්ල සපයන තවත් මාර්ගයක් වන්නේ බයිබලයයි. (රෝම 15:4) දෙවියන්වහන්සේ අපගේ පෞද්ගලික අවශ්‍යතා දන්නා අතර, කොරින්තිවරුන් ගැන තීතස්ගෙන් ලැබූ වාර්තාවෙන් පාවුල් සැනසිල්ල ලැබුවාක් මෙන් එකිනෙකාට සැනසිල්ලක් ගෙන ඒම සඳහා අපවත් යොදාගැනීමට උන්වහන්සේට පුළුවන. (2 කොරින්ති 7:11-13)—11/1, 10 සහ 12 වන පිටු.

◻ “දයාබර කරුණාවල පියවූ” යනුවෙන් 2 කොරින්ති 1:3හි යෙහෝවඃවහන්සේ ගැන පාවුල් ඉදිරිපත් කළ විස්තරයෙන් ඇඟවෙන්නේ කුමක්ද?

“දයාබර කරුණා” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් නාමපදය, වෙන කෙනෙකුගේ දුකේදී දක්වන ශෝකය සඳහා පාවිච්චි කරන වචනයකින් පැමිණේ. මෙසේ, පීඩා විඳින ස්වකීය විශ්වාසවන්ත සේවකයන් සියලුදෙනා කෙරෙහි දෙවියන්වහන්සේ දක්වන දයාබර හැඟීම් ගැන පාවුල් විස්තර කරයි.—11/1, 13වන පිටුව.

◻ වාර්ෂික සමඟි කිරීමේ දවසේදී ඉශ්‍රායෙල්වරුන් නිරාහාරව සිටීමෙන් ඉටු කරගනු ලැබුවේ කුමක්ද? (ලෙවී කථාව 16:29-31; 23:27)

නිරාහාරව සිටීමෙන්, තමන්ගේ පව්කාරකම සහ එයින් ගැළවීම සඳහා ඇති අවශ්‍යතාව ගැන වඩාත් සැලකිලිමත් වීමට ඉශ්‍රායෙල් ජනයාව පොලඹවනු ලැබීය. එමගින් ඔවුහු තම පාපවලට ශෝකවීමත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පසුතැවිලි වීමත් විදහාපෙන්වූහ.—11/15, 5වන පිටුව.

◻ “නුඹේ යෞවන දවස්වලදී නුඹේ [උදාර, NW] මැවුම්කාරයා සිහිකරන්න” යනුවෙන් යෞවනයන්ට දී තිබෙන ආඥාවෙන් අඟවන්නේ කුමක්ද? (දේශනාකාරයා 12:1)

“සිහිකරන්න” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයෙන් “මනසෙහි තැන්පත් හිතවත්කම හා සිහිපත් කිරීම හා බැඳි ක්‍රියාව,” යන්න ඇඟවෙන බව එක් මූලාශ්‍රයක පැවසේ. එනිසා, මෙම ආඥාවට අවනත වීම, යෙහෝවඃවහන්සේ ගැන නිකම්ම කල්පනා කිරීමට වඩා වැඩි දෙයක් අදහස් කරයි. ක්‍රියාවන්, එනම් උන්වහන්සේව සතුටට පත් කරවන දේවල් කිරීම, ඊට අයත් වේ.—12/1, 16වන පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න