ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 12/15 32 පි.
  • නිසසල හදවතක ප්‍රයෝජන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිසසල හදවතක ප්‍රයෝජන
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 12/15 32 පි.

නිසසල හදවතක ප්‍රයෝජන

පාලනය නොකරන ලද කෝපය මිනිස් සිරුරට හානිකර බලපෑමක් ඇති කරවන බව නවීන වෛද්‍ය විද්‍යාව විසින් බොහෝ කලක සිට හඳුනාගෙන තිබේ. වසර සිය ගණනකට වඩා වැඩි කලකට පෙර, ද ජර්නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් එසෝසියේෂන්හි (JAMA) මෙසේ පවසා තිබිණ: “හදිසි කෝපය නිසා මිනිසෙක් මරණයට පත් වේ; තවද ඔහුගේ මානසික තත්වයෙන් ඇති කරන ලද දැඩි වෙහෙසට ඔරොත්තු දිය නොහැකි දුර්වල හෘදයක් ඇතැම්විට ඔහුට තිබුණා විය හැකියයි පැවසේ. තමන්ට හානි පමුණුවන අයුරින් නිතර නිතර ඇති වන හදිසි කෝපයන් උච්චාවස්ථාවකට පත්වීමෙන් මරණය සිදු වන බව කිසිවෙකු කල්පනා නොකරන බවක් පෙනේ.”

දේවවචනය, එනම් බයිබලය අධ්‍යයනය කරන අය ඉහත සඳහන් වචනවලින් මවිතයට පත් නොවෙති. කෝපය නිසා සිදු වන අනතුරු ගැන JAMA වාර්තා කිරීමට සියවස් 29කට පෙර, මෙසේ පැවසීමට සාලමොන් රජු ආනුභාවය ලැබීය: “මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය [හෘදයක්ය, NW ].” (හිතෝපදේශ 14:30) මෙම වදන් අදදිනත් සැබෑවක්ව පවතී.

නිසසල චිත්ත ස්වභාවයක් පවත්වාගැනීමෙන්, අධික රුධිර පීඩනය, හිසරදය හා ශ්වසන ආබාධ වැනි බොහෝවිට ආතතිය හා සම්බන්ධ රෝග බොහොමයකින් වැළකී සිටීමට අපට හැක. කෙසේවෙතත්, “තරහෙන් වැලකී උදහස අත්[හැරීමට]” අපි බලවත් උත්සාහයක් දරන්නෙමු නම්, හොඳ සෞඛ්‍යයකට අමතරව, අන්‍යයන් සමඟ අපගේ සබඳතාද හොඳ අතට හැරෙනු ඇත. (ගීතාවලිය 37:⁠8) යේසුස්වහන්සේ මිනිසුන් කෙරෙහි හෘදයාංගම සැලකිල්ලක් දැක්වූ නිසාත්, උන්වහන්සේ තුළ තිබූ මෘදුකම නිසාත්, මිනිස්සු උන්වහන්සේ වෙතට නිරායාසයෙන්ම ඇදී ආවෝය. (මාර්ක් 6:​31-34) ඒ හා සමානවම, අපිත් නිසසල හදවතක් අප තුළ ඇති කරගන්නෙමු නම්, අප අන්‍යයන්ට නැවුම්බවක් ගෙන දෙන උල්පතක් වනු ඇත.—මතෙව් 11:​28-30.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න