“යෙහෝවඃවහන්සේගෙන් ලද පුදුමාකාර ත්‍යාගයක්”
එක්දහස් නවසිය අනූහයේ මැයි 1වනදා මුරටැඹ කලාපයේ, ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය ගැන කරන ලද ගැඹුරු සාකච්ඡාවක් සහ යෙහෝවඃවහන්සේට මෙන්ම “කායිසර්ට” ඇති අපගේ වගකීම් සමබරව පවත්වා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ලිපි අඩංගු විය. (මතෙව් 22:21) සපයන ලද අලුත් තොරතුරු වෙනුවෙන් අගය කිරීමෙන් යුත් බොහෝ ප්‍රකාශයන් ලැබිණ. ඒවා අතර ග්‍රීසියේ පදිංචිව සිටින සාක්ෂිකරුවෙකු විසින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය වෙත ලියන ලද ලිපියක් විය; එය පහත සඳහන් වේ:
“අපගේ ආත්මිකත්වය පිළිබඳව මෙතරම් කදිම සැලකිල්ලක් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රිය සහෝදරයන් වන ඔබ සියලුදෙනාටම මගේ ගැඹුරුම කෘතඥතාව ප්‍රකාශ කිරීමට මම කැමැත්තෙමි. මගේ ක්‍රිස්තියානි ඇදහිල්ල නිසා අවුරුදු නවයක් පමණ මම සිරබාරයේ ගත කර ඇත්තෙමි; එසේම 1996 මැයි 1 මුරටැඹ කලාපයේ තිබූ විශිෂ්ට අදහස් මම ඇත්තෙන්ම අගය කරමි. (යෙසායා 2:4) මෙය යෙහෝවඃවහන්සේගෙන් ලද පුදුමාකාර ත්‍යාගයකි.—යාකොබ් 1:17.
“මා මේ ලිපි සතුටින් කියවන විට, මීට පෙර පළ වූ මුරටැඹ කලාපයක අදහසක් මට මතක් විණ (1994 අගෝස්තු 1, 14 පිටුව): ‘පැහැදිලිවම, සාධාරණකම යනු ඉතා අගනා ගුණාංගයකි, සියල්ලටම වඩා වැඩියෙන් යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීමට අපව පොලඹවන ගුණාංගයකි.’ ඔව් සහෝදරයෙනි, යෙහෝවඃවහන්සේගේ ඥානය පැහැදිලිවම පිළිබිඹු කරන උන්වහන්සේගේ කාරුණික සංවිධානයේ කොටසක් වීම ගැන මම උන්වහන්සේට ස්තුතිවන්ත වෙමි.—යාකොබ් 3:17.
“මෙහි ග්‍රීසියේ සිටින අය, මැයි 1 මුරටැඹ සඟරාවෙහි තිබුණාවූ වැඩි කරන ලද ඥානාවබෝධය සන්තෝෂයෙන් පිළිගෙන ඇති අතර, විශේෂයෙන්ම මෙසේ පිළිගෙන තිබෙන්නේ වසර ගණනාවක් සිරබාරයේ ගත කර තිබෙන නැතහොත් තම ඇදහිල්ල නිසා තවමත් සිරබාරයේ සිටින අයය. නැවත වරක් ඔබලාට ස්තුතියි. මෙම කලබලකාරි කාලවලදී වටිනා ආත්මික ආහාර නොකඩවා අපට සැපයීමට, යෙහෝවඃවහන්සේ ඔබ සියලුදෙනාවම උන්වහන්සේගේ ආත්මයෙන් ශක්තිමත් කරනු ලැබේවා!”