හෘදයට කිඳාබසින සඟරාව
තොරතුරු හෝ විනෝදාස්වාදය සඳහා තිබෙන පාඨකයාගේ රුචිය පිනවීමට ලොව පුරාම සඟරා අසංඛ්‍යාත ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කෙරේ.
ඔබ දෑතේ තිබෙන සඟරාව එතරම්ම විශිෂ්ට වීමට සලස්වන්නේ කුමක්ද? ජර්මනියේ පිහිටි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට ලැබුණු පහත සඳහන් ලිපියට මෙයට පිළිතුරක් සැපයිය හැක.
“ප්‍රිය සහෝදරයෙනි, ඔබගේ උත්සාහයන් හා ක්‍රියාකාරකම් සඳහා ඔබට බොහොම ස්තූතියි. මගේ පුතුන් දෙදෙනාත් මමත් රැස්වීම්වලින් පස්සේ ආපහු ගෙදර එද්දී, වේලාව ප.ව. 9:30 වුණත්, [පටිගත කරලා තිබුණු] අලුත්ම මුරටැඹ සඟරාවට ඇහුම්කන් දෙන්න මට ලොකු ආශාවක් තිබුණා. දීසි සෝදන ගමන්ම මම මුල් පාඩම් ලිපියට ඇහුම්කන් දෙන්ට පටන්ගත්තා (1995 අප්‍රියෙල් 1). තවත් සැරයක් ඒකට ඇහුම්කන් දෙන්න ඕනෙ කියලා මට හිතුණා, ඉතින් මම කුස්සියේ වැඩ අතරමඟ නවත්වලා මුරටැඹ සඟරාවේ තියෙන [“දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ඉතා අනර්ඝය!”] කියන ලිපිය ටේප් පටියත් එක්කම කියවන්ට පටන්ගත්තා. විශේෂයෙන්ම හතරවන සහ පස්වන ඡේද මගේ හෘදයට කිඳාබැස්සා. ඒත් එක්කම මගේ ඇස්වලින් කඳුළු ගලා එන්න පටන්ගත්තා—ඒත් වැඩි වෙලාවකට නෙවේ. මම ජීවත් වෙලා ඉන්න එක ගැනත්, යෙහෝවඃවහන්සේගේ ජනයාට අයිති වෙලා ඉන්න එක ගැනත්, ඒ වගේම තවත් හුඟදෙනෙක් එක්ක උන්වහන්සේගේ නාමය දන්වන්ට මට ලැබිලා තියෙන එක ගැනත් මම උන්වහන්සේට හුඟක් ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම වටින්නේ නැහැයි කියලා හැඟෙන්න කිසිම හේතුවක් නැහැ. යෙහෝවඃවහන්සේගේ ආත්මය උන්වහන්සේගේ ජනයා එක්කයි. අපි හැමෝම එකමුතුව විඳදරාගෙන විශ්වාසයේ ස්ථිරව සිටිමු. ක්‍රිස්තියානි ස්නේහය සමඟ, මීට ඇදහිල්ලේ ඔබගේ සහෝදරිය.”
මුරටැඹ සඟරාව තොරතුරුවලට වඩා වැඩි යමක් ලබා දේ. එහි පාඨකයන්ගේ හෘදයට එය කිඳාබසින අතර, ආත්මික පෝෂණය හා කාලෝචිත දිරිගැන්වීම සඳහා තිබෙන ඔවුන්ගේ කැමැත්ත සෑහීමකට පත් කරවයි. ඔව්, මුරටැඹ සඟරාව “නියම වේලාවට කෑම” සපයයි.—මතෙව් 24:45.