රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
පෙර සතුරෝ එක්සත්ව යෙහෝවඃවහන්සේට සේවය කරති
“මට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන පළමු වතාවට යමක් අහන්ට ලැබුණේ මා බොස්නියාවේ සන්නද්ධ භටයෙකු ලෙස සේවය කරමින් සිටියදීයි,” කියා බ්රැංකෝ පැහැදිලි කරයි.a
තුවාලකරුවන්ට ප්‍රතිකාර කරනු ලැබූ රෝහලක බ්රැංකෝ මුර සේවයේ යෙදෙමින් සිටියේය. වෛද්‍යවරුන්ගෙන් එක් කෙනෙකු සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින් සිටි අතර, එක් රාත්‍රි වැඩ මුරයක් තුළදී, ඔහු බයිබලයෙන් ඉගෙනගත් දේවලින් බොහොමයක් බ්රැංකෝට පැහැදිලි කළේය.
එදින රාත්‍රියේ බ්රැංකෝට ඇසුණු දේවල් ඔහුව කෙතරම් පෙලඹුවාද කිවහොත්, ඔහු වහාම සිය රැකියාව අත්හැරියේය. තවදුරටත් ඉගෙනගැනීමට ආශාවෙන්, ඔහු සාක්ෂිකරුවන්ව මුණගැසුණේය. ටික කලකට පසු, වෙනත් යුරෝපීය රටකට යෑමෙන් පසු, බ්රැංකෝ රාජ්‍ය ශාලාවක් සොයාගත් අතර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ යුගොස්ලෝවියානු සභාවක රැස්වීමකට ගියේය. බ්රැංකෝට, ස්ලෝබෝඩැන්ව මුණගැසුණේ එතැනදීය.
ස්ලෝබෝඩැන්ද බොස්නියාවෙන් පැමිණි අතර, බ්රැංකෝ සේවය කළ යුද්ධයේ ස්වේච්ඡා සේවකයෙකු ලෙස සේවය කර තිබිණ—නමුත් ඊට ප්‍රතිවාදී කඳවුරේය. ස්ලෝබෝඩැන් සර්බිවරුන් වෙනුවෙන් ක්රොඇට්වරුන්ට විරුද්ධව සටන් කර තිබුණේය. ඔවුන් දෙදෙනා මුණගැසුණු අවස්ථාවේදී, ස්ලෝබෝඩැන් යෙහෝවඃවහන්සේගේ බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙක් වී සිටියේය. ඔහුගේ පෙර සතුරෙකු වූ බ්රැංකෝ සමඟ බයිබලය පාඩම් කිරීමට ඔහු ඉදිරිපත් වූයේය. පාඩම දිගටම කරගෙන යද්දී, බ්රැංකෝ යෙහෝවඃවහන්සේ ගැන තව බොහෝ දේ ඉගෙනගත් අතර, දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ ප්‍රේමය වර්ධනය වූයේය. මෙය බ්රැංකෝව, තම ජීවිතය මැවුම්කරුවාණන්ට කැප කිරීම සඳහා පෙලඹවීය. එක්දහස් නවසිය අනූතුනේ ඔක්තෝබර් මාසයේදී, ඔහු තම කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළේය.
ස්ලෝබෝඩැන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වූයේ කෙසේද? ඔහු ටික කලකට පෙර, බොස්නියාවේ යුද කලාපය අතහැර ගොස් තිබිණ. ඔහු සාක්ෂිකරුවන්ගෙන් ලැබූ ප්‍රකාශන සමහරක් කියවා තිබුණත්, දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි ඔහුගේ උනන්දුව වර්ධනය වූයේ, 1992දී සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඔහුගේ නිවසට පැමිණි විටය. ස්ලෝබෝඩැන් සමඟ බයිබලය පාඩම් කිරීමට ඉදිරිපත් වෙමින්, ඔහුව මුණගැසීමට ගියේ කවුරුද? ඒ මූයෝ විය, ඔහුත් පැමිණියේ බොස්නියාවෙන්ය, නමුත් ඔහු මුස්ලිම්වරයෙකු ලෙස ඇති දැඩි කරනු ලැබීය. බයිබල් පාඩම දිගටම කරගෙන යද්දී, එකිනෙකාගේ ඇදහිල්ලෙන් ශක්තිමත් වීම සඳහා, පෙර සතුරෝව සිටි මූයෝ සහ ස්ලෝබෝඩැන් සෑම දිනකම එකට යම් කාලයක් ගත කළෝය.
කලින් යුගොස්ලෝවියාවේ පැවති යුද්ධ, ජනයා සියදහස් ගණනකගේ ජීවිත බිලිගෙන තිබේ. එහෙත් දැන් බ්රැංකෝ, ස්ලෝබෝඩැන් සහ මූයෝ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ එකම සභාවක, ශුභාරංචිය පූර්ණ කාලීනව දේශනාකරන්නෝ වශයෙන් සේවය කරති. ඔවුන් ජාතික සහ වාර්ගික ආරවුල් ජයගෙන තිබෙන අතර, ඔවුහු දැන් මැවුම්කරුවාණන් වන යෙහෝවඃවහන්සේට යටත් වෙමින්, සාමය සොයමින් සිටිති.
එහෙත් එවැනි වෙනස්වීම් සිදුවීමට හේතු වූයේ කුමක්ද? එය යෙහෝවඃවහන්සේට තිබුණු ඔවුන්ගේ ප්‍රේමය, බයිබලයට දැක්වූ ඔවුන්ගේ ගෞරවය සහ ජීවිතය තුළ බයිබල් සත්‍යය අදාළ කරගැනීමට තිබුණු ඔවුන්ගේ දැඩි ආශාව විය. ශුද්ධ ලියවිලි පවසන ආකාරයට, “දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, . . . සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.”—හෙබ්‍රෙව් 4:12.
[පාදසටහන]
a සැබෑ නම් භාවිත කර නැත.