පරම සත්‍යය
මතෙව් සුවිශේෂයේ P64 ලෙස හැඳින්වෙන, කුඩා අත්පිටපතක කොටස් තුනක් වර්ෂ 1901 පටන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හි, මැග්ඩලෙන් විද්‍යාලයේ තිබිණ. යම් කාලයක් පුරා, මේවා පො.යු. දෙවන සියවසේ අගභාගයේ දාතම කර ඇති බව විශාරදයෝ විශ්වාස කළෝය.
මෑතකදී, ජර්මනියේ පාඩර්බෝන්හි පැපිරස් විද්‍යාව සම්බන්ධ ප්‍රවීණයෙකු වූ කාර්ස්ටන් පී. ටීඩෙ, මතෙව් 26වන පරිච්ඡේදයේ පද 10ක කොටස් අඩංගු P64 සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීය. මෙහි ප්‍රතිඵලය කුමක්වීද? ට්සයිට්ෂ්‍රිෆ්ට් ෆ්‍යර් පාප්‍යරෝලෝජී උන්ට් ඒපිග්‍රාෆික්හි (පැපිරස් සහ ශිලාලේඛන විද්‍යාව නම් සඟරාවේ), ලියමින්, ඔක්ස්ෆර්ඩ්හි එම කොටස් “(අනිවාර්යයෙන්ම) ක්‍රි.ව. 70ට කලින් නොවුවත්, පළමු සියවසේ ක්‍රිස්තියානි කෝඩෙක්ස් කොටසක්” ලෙස ටීඩෙ විස්තර කරයි.
ටීඩෙගේ නිරීක්ෂණ, පුවත්පත් තුළ සහ විශාරද කවයන් තුළ සැලකිය යුතු තරම් කැලඹීමක් ඇති කළේය. ඒ මන්ද? එයට හේතුව නම්, සුවිශේෂ අතුරින් ඉතිරිව පවතින පැරණිතම පිටපත ලෙස දැනට පිළිගනු ලබන්නේ, පො.යු. 125න් නොහොත් දෙවන සියවසට වඩාත් කලින් නොවූ යොහන් සුවිශේෂයේ කොටසක් වන P52 නිසාය.
P64 පැපිරස් කැබලිවලට දී තිබෙන නව දිනය, පුළුල් පිළිගැනීමක් ලබාගනීද නැද්ද යන්න තවමත් නොදන්නා කරුණකි. කෙසේවෙතත්, වඩාත් කලින් සඳහන් දිනය නිසා P64 වඩාත්ම පැරණි සුවිශේෂ කොටස බවට පත්වනවා ඇත; මතෙව්ගේ සුවිශේෂය ඇත්තෙන්ම පළමු සියවසේ, ඇතැම්විට පො.යු. 70ට කලින් පවා, එනම් යේසුස්වහන්සේගේ ජීවිතයේ සිදුවීම් සියැසින් දුටු බොහෝ සාක්කිකරුවන් එම සුවිශේෂයේ සැබෑ කාරණා සනාථ කිරීමට හැකි වන පරිද්දෙන් ජීවතුන් අතර සිටි කාලයේදී ලියන ලද්දක් බව අඟවමින් අමතර සාක්ෂි ඉන් සපයනු ලැබේ.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
President and Fellows of Magdalen College, Oxford යන්නෙහි අවසරය ඇතුව.