ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 2/1 3 පි.
  • ඔබ ගැළවීම ලබා ඇද්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ ගැළවීම ලබා ඇද්ද?
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ගැළවීමට අප කුමක් කළ යුතුද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගැළවීම එය ඇත්තටම අදහස් කරන දේ
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් නිසා අපිට ගැලවීම ලැබෙන්නේ කොහොමද?
    බයිබලයෙන් උත්තර
  • එක වතාවක් ගැලවීම ලැබුවොත් හැමදාටම ගැලවීම ලැබෙනවා කියලා බයිබලයේ තියෙනවද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 2/1 3 පි.

ඔබ ගැළවීම ලබා ඇද්ද?

“ළමයෝ, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඔබගේ ස්වාමීන්වහන්සේ සහ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගන්නවාද?” කියා සල්පිලකදී මිනිසෙකු ජොනීගෙන් ඇසූ විට ඔහුට වයස අවුරුදු 10ක් විය. ඔහු සැමවිටම යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කර තිබුණු බැවින්, එම ප්‍රශ්නය ජොනීට අමුතු දෙයක් ලෙස පෙනෙන්ට තිබිණ. එබැවින් ඔහු මෙසේ උත්තර දුන්නේය, “මම විශ්වාස කරනවා.” “ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා!” කියා එම මිනිසා සියලුදෙනාටම ඇසෙන පරිදි කීවේය. “ක්‍රිස්තුස්වහන්සේ උදෙසා තවත් ආත්මයක් ගැළවී තිබෙනවා!”

ගැළවීම එතරම් පහසු දෙයක්ද? එම වදන් පැවසූ මොහොත පටන් ජොනී තම ජීවිත කාලය තුළදී කුමක් කළත් ඔහුව “ගළවා” තිබිණද? බොහෝ අවංක මනුෂ්‍යයන් එසේය කියා පිළිතුරු දෙනු ඇත. ඔබ “ගැළවීම” ලැබූ දිනය ඔබට මතක තබාගත හැකි වන සේ ලියා තබන්ට කියා ඇතැම් ආගමික පත්‍රිකාවල සඳහන් වේ.

“ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සුළු ඇදහිල්ලක් ඇති කරගන්නා මොහොතේදීම . . . කෙනෙකුගේ ඉරණම ස්ථිර වශයෙන් තහවුරු කරවන” බව එක් පූජකවරයෙක් ලීවේය. ගැළවීම රඳා පවතින්නේ එක් වතාවකට “දක්වන ඇදහිල්ල මත මිස, එම ඇදහිල්ල දිගටම පවත්වාගැනීම මත නොවෙයි,” කියා බයිබලය පවසන බව ඔහු කියා සිටියේය. තවත් ආගම් කර්තෘවරයෙක් මෙසේ ලීවේය: “මෙය සම්පූර්ණ වූ කාර්යයක්. එය ඔබ වෙනුවෙන් දැනටමත් ඉෂ්ට වී තිබේ. . . . ඔබගේ ‘සටන අවසාන වී තිබේ.’ ඔබගේ ‘අයුක්තිය පහ කර තිබේ.’” එහෙත් මෙය සත්‍යය බව ස්ථිර වශයෙන් විශ්වාස කරන මනුෂ්‍යයන්ට පවා මෙහි ගැටලුවක් තිබෙන බව දැකිය හැකිය. ඔවුන් “ගැළවී” සිටින බව පවසනු ලැබූ බොහෝ මනුෂ්‍යයන් බයිබලය පවසන ආකාරයට ජීවත් නොවන බව පැහැදිලිය. පොදු පැහැදිලි කිරීමක් වන්නේ, සමහරවිට ඔවුන් ක්‍රිස්තුස්වහන්සේව ඇත්තෙන්ම “පිළිගෙන” නොතිබීමය.

එබැවින් යේසුස්වහන්සේව “පිළිගැනීම” යන්නෙන් සැබවින්ම කුමක් අදහස් කරයිද? එය එක අවස්ථාවකදී කරනු ලබන ඇදහිල්ලේ ක්‍රියාවක්ද එසේ නැතහොත් පවත්වාගන්නා ජීවන රටාවක්ද? අපව ක්‍රියා කිරීමට පොලඹවන තරමටම අපගේ විශ්වාසය ශක්තිමත් විය යුතුද? අපට යේසුස්වහන්සේව අනුගමනය කිරීමේ වගකීම උසුලන්නේ නැතුව, උන්වහන්සේගේ පූජාවේ ප්‍රයෝජන සැබවින්ම පිළිගත හැකිද?

බොහෝ මනුෂ්‍යයන්ට අවශ්‍ය වන්නේ, යේසුස්වහන්සේව අනුගමනය කිරීමේ සහ උන්වහන්සේට කීකරුවීමේ වගකීම දැරීමට නොව, නමුත් ආශීර්වාද ලැබීමටය. ඇත්තවශයෙන්ම, “කීකරුවීම” යන වදන ඔවුන්ව බොහෝවිට කලබලයට පත් කරවයි. එහෙත් යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “මා අනුවයන්ට වරෙන්න.” (ලූක් 18:18-23) තවද බයිබලය මෙසේ ප්‍රකාශ කරයි: ‘අපගේ ස්වාමි වූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන අය සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය.’—2 තෙසලෝනික 1:6ආ-8අ, 10; මතෙව් 10:38; 16:24.

ගැළවීම සම්බන්ධයෙන් උගන්වා තිබෙන දේවල් ගැන බැරෑරුම් ප්‍රශ්න මතු කරවන කාරණා බොහොමයක් බයිබලය පවසයි. මෙම විෂය සම්බන්ධයෙන් බයිබලයට ඇත්තෙන්ම පැවසීමට තිබෙන දේ සැබෑදැයි පරීක්ෂා කිරීමට ඔබ කැමති නම්, විශේෂයෙන්ම මීළඟ පිටු උනන්දුව දනවනසුලු බව ඔබ සොයාගන්නෙහිය. මෙම වැදගත් කාරණය සම්බන්ධයෙන් යේසුස්වහන්සේ සහ සිය ප්‍රේරිතයන් ඉගැන්වූ දේවල් දැනගැනීමට, ඔබගේ බයිබලය විවෘත කර සඳහන් කර ඇති බයිබල් පද කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න