ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 1/1 2-4 පි.
  • සාමය අත් කරගත හැකිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාමය අත් කරගත හැකිද?
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • න්‍යෂ්ටික යුද්ධ ගැන බයිබලේ කියන්නේ මොනවාද?
    තවත් ලිපි
  • න්‍යෂ්ටික යුධ තර්ජනය කාගෙන්ද?
    2004 පිබිදෙව්!
  • න්‍යෂ්ටික යුධ තර්ජනයක් තවමත් තිබේද?
    2004 පිබිදෙව්!
  • කල්පවතින සාමය ගෙන දිය හැක්කේ කවරෙකුටද?
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 1/1 2-4 පි.

සාමය අත් කරගත හැකිද?

“කොතැනක හෝ සැමවිටම යුද්ධයක් තිබෙනු ඇත. මිනිස්වර්ගයා පිළිබඳ කනගාටුදායක සත්‍යය එයයි.” නියූස්වීක් සඟරාවෙහි පාඨකයෙකුගෙන් පැමිණි ලිපියක මෙම අශුභවාදී දෘෂ්ටිය මෑතකදී දක්නට ලැබිණ. ඔබ එයට එකඟවන්නෙහිද? යුද්ධය වැළැක්වීමට, එමෙන්ම සාමය අත් කරගැනීමට නොහැකිද? මේ සම්බන්ධව ඉතිහාසයෙන් යම් මිනුම් දණ්ඩක් ලැබේ නම්, මෙම ප්‍රශ්න දෙකටම එසේය කියා උත්තර නොදී සිටිය නොහැක. වාර්තා සටහන් කර ඇති තාක් කල්, මිනිස්වර්ගයා එක් යුද්ධයක් පාසා තවත් යුද්ධයක පටලැවී ඇති අතර, මිනිසුන් එකිනෙකා ඝාතනය කිරීම සඳහා වඩාත් දක්ෂ ක්‍රම බිහි කළ විට, සටන් වඩ වඩා විනාශකාරි ඒවා බවට පත් විය.

විසිවන සියවස මීට වෙනස්ව නොපවතී. ඇත්තෙන්ම, පෙර නොවූ විරූ ආකාරයේ දරුණු යුද්ධ දැකීමට ඇත, එනමුත් යම් අලුත් දෙයක්ද දැකගැනීමට හැකි වී තිබේ. එක්සත් ජනපදය වසර 50කට පෙර, ජපානයට පරමාණු බෝම්බ දෙකක් හෙළීමෙන් න්‍යෂ්ටික යුගය හඳුන්වා දිණ. එවක් පටන් ගත වූ දශක පහ තුළ, ජාතීන් විසින් බොහෝ වාර ගණනක් මිනිස්වර්ගයා විනාශ කළ හැකි න්‍යෂ්ටික යුදඅවි ගබඩා විශාල වශයෙන් තනනු ලැබ ඇත. න්‍යෂ්ටික යුදඅවි තිබීම හේතුවෙන්, අවසානයේදී යුද්ධ දියත් කිරීමෙන් වැළකීමට තරම් බියක් මිනිසා තුළ හටගන්වයිද? තිබෙන සාක්ෂි මේ සඳහා ප්‍රමාණවත් උත්තරයකි. මේ වන තෙක් වෙනත් න්‍යෂ්ටික බෝම්බ හෙළා නැතත්, 1945 පටන් යුද්ධවලින් බොහෝ මිලියන ගණන් මියගොස් ඇත.

මිනිස් ජාතිය එතරම් යුදකාමී මන්ද? ඓතිහාසික ලෙස යුද්ධයට යොමුවීමට තුඩු දී ඇති මිනිස් සමාජයේ යම් පාර්ශ්වයන් එන්සයික්ලොපීඩියා අමෙරිකානාහි සඳහන් වේ. ඒවාට ආගමික නොරිස්සීම, වර්ගවාදය, සංස්කෘතික විභේද, විවිධ මතවාද (කොමියුනිස්ට්වාදය සහ ධනවාදය වැනි) ජාතිවාදය සහ ජාතික ස්වෛරීභාවය පිළිබඳ වාදය, ආර්ථික තත්ව සහ රණපරමවාදය පිළිබඳ ජනප්‍රිය පිළිගැනීමක් ඇතුළත්ව තිබේ. ඔබ එම ලැයිස්තුව කියෙවූ විට, නුදුරු අනාගතයෙහි වෙනස් විය හැකි දෙයක් තිබෙන බවක් ඔබට පෙනී යනවාද? ජාතීන් තම ස්වෛරීභාවය රැකගැනීම සම්බන්ධයෙන් අඩු අධිෂ්ඨානයක සිටිනු ඇද්ද? මිනිසුන්ගේ වර්ගවාදී අදහස් වඩාත් අඩු වේවිද? ආගමික මූලධර්මවාදීහු අඩු භක්ති උන්මත්තකයෝ වෙත්ද? මෙය කොහෙත්ම සිදු විය නොහැක.

එසේනම්, යම් දිනක දේවල් මීට වඩා හොඳ වී, කල්පවතින සාමය තිබෙනු ඇති බවට කිසිම බලාපොරොත්තුවක් නොතිබේද? ඇත්තෙන්ම, බලාපොරොත්තුවක් තිබේ. මෙම ලෝකයේ වියවුල තිබියදී වුවත්, අදදින පවා සාමය සෙවීමට හැකිව තිබේ. මිලියන ගණනක් එසේ කර ඇත. මේ අයගෙන් කීපදෙනෙකු ගැන අපි ඔබට පවසන්නෙමු, ඔවුන්ගේ අද්දැකීම්වලින් ඔබට අදහස් විය හැක්කේ කුමක්දැයි බලන්න.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

කවරයේ පසුතලය හා 32 පිටුව: Reuters/Bettmann

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Reuters/Bettmann

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න