“යෙහෝවඃවහන්සේට මම අනර්ඝ වෙමි!”
යෙහෝවඃවහන්සේගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් බොහෝදෙනෙක් මෙම ‘කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවලදී’ නොවටිනාකමේ හැඟීම් සමඟ නිරන්තර සටනක් විඳදරාගනිමින් සිටිති. (2 තිමෝති 3:1) මෙය පුදුමයක් නොවේ, මන්දයත් අපගේ මැවුම්කරුවාණන්ගෙන් පවා අප ප්‍රේමය නොලබන බව අපට හැඟෙන්ට සැලැස්වීම යක්ෂයාගේ ‘කපටි ක්‍රියාවලින්’ එකකි! (එපීස 6:11, NW පාදසටහන) උචිත ලෙස, 1995 අප්‍රියෙල් 1, මුරටැඹ කලාපයේ සභාවෙහි අධ්‍යයනය සඳහා “දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ඉතා අනර්ඝය! සහ “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන්න—කෙසේද?” යන මාතෘකාවලින් යුත් පාඩම් ලිපි දෙකක් අඩංගු විය. මෙම ලිපි සැලසුම් කරන ලද්දේ යෙහෝවඃවහන්සේ අපගේ උත්සාහයන් නිධානයක් සේ සලකන බව අපට මතක් කර දීමටය. පහත සඳහන් වන්නේ ලැබුණු අගය ප්‍රකාශ කිරීම් සමහරකි:
“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකුව සිටි වසර 27ක කාලය තුළ මට මෙතරම් බලපෑ සඟරාවක් කිසිදාක තිබුණේ නැහැ. කිසිවක් කරගත නොහැකිව මම කඳුළු සලන්ට වුණා—මෙම ලිපි මට එතරම් සහනයක් ගෙන දුන්නා. යෙහෝවඃවහන්සේ මට ඉමහත් සේ ප්‍රේම කරනු ලබන බව මට දැන් හැඟෙනවා. එය මගේ උර මත තිබූ විශාල බරක් ඉවත දැමුවාක් මෙන් වුණා.”—සී. එච්.
“මම දිනක් තුළ මෙම සඟරාව හතර වතාවක් කියෙව්වා. ඔබ වටිනාකමෙන් තොර බව විශ්වාස කරනවා නම්, ඔබට බොරුවක් උගන්වා තිබෙනවා යනුවෙන් ලිපිය ප්‍රකාශ කළ ආකාරය මම අගය කළා. එඬේර බැහැදැකීම්වලට සහ ගෙයින් ගෙට දේශනා කිරීමට මම මෙම ලිපිය පාවිච්චි කරන්ට යනවා.”—එම්. පී.
“යෙහෝවඃවහන්සේට ප්‍රේම කරන්නාවූ අයට පවා නොවටිනාකමේ සහ ප්‍රේමය නොලබන බව හැඟෙන්ට සැලැස්වීමෙන් සාතන් කදිම වැඩක් කර තිබෙනවා. යෙහෝවඃවහන්සේ අපට ගැඹුරු ලෙස ප්‍රේම කරන බව සහ අප උන්වහන්සේ උදෙසා කරන සියලුම කුඩා දේවල් උන්වහන්සේ අගය කරන බව ‘විශ්වාසවන්ත දාස’ පන්තිය මගින් නැවත මතක් කර දීම මම කියවා ඇති වඩාත් දිරිගන්වන දේවලින් එකක්. මෙම ලිපිවල ඔබ සඳහන් කළ හැඟීම් මට බොහෝ වසර ගණනකට පැවත තිබෙනවා. යෙහෝවඃවහන්සේගේ ප්‍රේමය ලබන්ට වටින බව මට කිසිදාක හැඟී නැහැ, එමනිසා එම ප්‍රේමය දිනාගැනීමේ මාර්ගයක් ලෙස මම උන්වහන්සේගේ සේවයේ වඩ වඩාත් නියැලීමට උත්සාහ කළා. එහෙත් මම වරදකාරිභාවයෙන් සහ ලජ්ජාවෙන් පොලඹවනු ලැබුවා. එනිසා මම දේවසේවයෙහි කොපමණ පැය ගණනක් ගත කළත්, නැතහොත් කොපමණ මනුෂ්‍යයන් ප්‍රමාණයකට උපකාර කළත්, මට හැඟුණේ එය ප්‍රමාණවත් නොවන බවයි. මා දැක්කේ මා තුළ තිබෙන අඩුපාඩුව පමණයි. දැන් මම යෙහෝවඃවහන්සේට ප්‍රේමයෙන් යුතුව සේවය කරන විට, උන්වහන්සේ සිනාසෙන බවත්, මා පිළිබඳව ආඩම්බරයෙන් සිටින බවත් මම සිතින් මවාගන්නවා. මෙය උන්වහන්සේ කෙරෙහි වූ මගේ ප්‍රේමය තවත් වැඩි කරන අතර, තවත් වැඩියෙන් කිරීමටද මාව පොලඹනවා. යෙහෝවඃවහන්සේට වූ මගේ සේවයෙන් මම දැන් පුදුම එළවන ප්‍රීතියක් අද්දකිනවා.”—ආර්. එම්.
“මම මෙතෙක් කියවා ඇති හොඳම, අපගේ හෘදයන්ට කාවදින, වඩාත්ම ගොඩනංවනසුලු, ඔව් ඇත්තෙන්ම වඩාත්ම කැපීපෙනෙන ලිපි මේවායි! මම මුරටැඹ වසර 55ක කාලයක් පුරා කියවා ඇති අතර, ප්‍රමුඛ ස්ථානයක් ගන්නා කලාප බොහොමයක් තිබිලා තියෙනවා. නමුත්, අපගේ බිය සැක දුරු කිරීමටත්, අප ‘නොවටිනා’ මෙන්ම ‘ප්‍රේමය නොලබන’ අය බවට හා යෙහෝවඃවහන්සේගේ ප්‍රේමය ‘දිනාගැනීමට’ ඇති තරම් කිසිවක් අපට කළ නොහැකි බවට වූ බිය දුරු කිරීමටත්, මෙම කලාපය අප මෙතෙක් ලබා ඇති ඕනෑම දෙයක් ඉක්මවා යනවා. අපගේ සහෝදරයන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය විදිහේ ආත්මික උපකාරය මෙම මුරටැඹහි අඩංගු වෙනවා. එඬේර බැහැදැකීම් කරන විට මෙම ලිපි නැවත නැවතත් උපයෝගි කරගැනීම මගේ අභිප්‍රායයි.”—එෆ්. කේ.
“පහත් ආත්ම-අභිමානයක් සමඟ පොරබදින්නාවූ හෝ ආත්ම-පිළිකුල් කිරීමේ හැඟීම් ඇත්තාවූ අපගෙන් සමහරෙකුට, ශක්තිමත් වී නොකඩවා ඇදහිල්ලේ සිටීමට අමාරු විය හැකියි. මෙම ලිපිය මෙතරම් ගැඹුරු දයානුකම්පාවක් හා අවබෝධයක් පිළිබිඹු කළ බැවින්, එය හරියටම හෘදයට සුමුදු කාරක සුවය ලබා දෙන ආලේපයක් ලැබුණා වගේ. එවන් වචන මුරටැඹහි කියවීම මෙන්ම කිසි සැකයක් නොමැතිව යෙහෝවඃවහන්සේ අපව තේරුම්ගන්නා බව දැනගැනීම කොතරම් සැනසිලිදායකද! යෙහෝවඃවහන්සේ, උන්වහන්සේගේ ජනයාව වරදකාරිභාවයෙන්, ලජ්ජාවෙන් හෝ බියෙන් පොලඹවන්නේ නැති බව අපට මතක් කර දුන්නාට ස්තුතියි. මෑතකදී අපගේ පවුලේ මූල්‍යමය කරදර සහ සෞඛ්‍ය ප්‍රශ්න හේතුවෙන් දේශනා සේවයට මගේ දායක වීම අතිශයින් සීමා සහිත වුවත්, මට කළ හැකි දෙයින් තෘප්තියක් මම තවම ලබමින් සිටිනවා. මාව පෙලඹවීමට ප්‍රේමයට ඉඩහැරීමට මම වෑයම් කරන විට, මට සේවයේ වැඩි සතුටක් ලැබෙන බව තේරෙනවා.”—ඩී. එම්.
“ ‘දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ඉතා අනර්ඝය’ යන ලිපිය මා කියවා අවසන් වූවා පමණයි! සෑම ඡේදයක්ම මගේ දෙනෙත් කඳුළින් පිරෙව්වා. මම පැමිණියේ ප්‍රේමය ස්වල්ප වශයෙන් පෙන්වූ පවුලකින්. මාව පහත් කොට සැලකුවා, විහිළුවට සහ සමච්චලයට භාජන වුණා. එමනිසා, ජීවිතයේ මුල් කාලයේදීම නොවටිනා බවක් මට හැඟුණා. මම විපත්ති අද්දකින විට මා පහතට හෙළා දමන මගේ අතීතයෙන් ලද පැලපදියම් වූ හැඟීම් මට තවමත් තිබෙනවා. මා සභාවේ වැඩිමහල්ලෙකු හැටියට සේවය කිරීම නතර කළ විට, මට සුපුරුදු පරිදි හැඟුණේ, මම දෙවියන්වහන්සේ, මගේ පවුල හා සභාවේ මගේ සහෝදරයන් ඉදිරියේ අසමර්ථ වුණ බවයි. මෙම හැඟීම් දවසකින් අහක්ව යන්නේ නැහැ, නමුත් මෙම කාලෝචිත ලිපිය තරමක් දුරට සමබරතාව නැවත ලබාගැනීමට මට උපකාරවත් වුණා. එය මගේ බලාපොරොත්තුව දීප්තිමත් කර තිබෙනවා.”—ඩී. එල්.
“ ‘දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ඉතා අනර්ඝය’ යන ලිපියට බොහොම ස්තුතියි! ළමා කාලයේ දූෂණය හේතුකොටගෙන, මුල්බැසගත් අධිකතර වෛරය සහ නොවටිනාකමේ ගැඹුරු හැඟීම් සමඟ මම කටයුතු කරනවා. සාතන් විසින්ම කරන ලද කපටි ක්‍රියාවක් ලෙස මෙම විකෘති සිතුවිලි දෙස බැලීම ඒකාන්තයෙන්ම උචිතයි. එයට කෙනෙකුගේ ජීවත්වීමේ කැමැත්ත පවා යටපත් කර දැමීමට හැකියි. මට ප්‍රේම කළ නොහැකි බවට වූ බොරුවට විරුද්ධව සිටීමට මම සැබවින්ම දිනපතා වීර්යය කළ යුතුයි. ඔබට සිතාගත නොහැකි තරමින් මෙම ලිපියෙන් මට ඉමහත් ප්‍රයෝජනයක් ලැබෙනවා.”—සී. එෆ්.
“බලාත්කාරය හෝ පීඩනය මගින් වඩා ප්‍රේමය මගින් පොලඹවනු ලබන ක්‍රියා, යෙහෝවඃවහන්සේ අගය කරනවා යන අදහසට අදදින සහෝදරයෝ විශේෂයෙන්ම ප්‍රතිචාර දක්වනවා. යෙහෝවඃවහන්සේගේ උණුසුම් සහ ස්නේහවන්ත පෞද්ගලිකත්වය, උන්වහන්සේ ස්වකීය ජනයා වෙත දක්වන උනන්දුව, උන්වහන්සේ අප වෙනුවෙන් ඉදිරිපත් වන ප්‍රේමනීය ආකාරය සැබවින්ම නැවුම්බව ගෙන දෙන්නක් වෙයි, එවගේම පොලඹවනසුලුයි. මේ පිළිබඳ සලකා බැලීමේදී, ‘දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ඉතා අනර්ඝය’ යන ලිපිය ලැබුණු වහාම බොහෝදෙනෙක් අගය ප්‍රකාශ කර සිටියා. බොහෝදෙනෙකුට යෙහෝවඃවහන්සේ සමඟ වඩාත් පෞද්ගලික සබඳතාවක් වර්ධනය කරගැනීමට එය මාර්ගය විවෘත කළාක් මෙන් පෙනුණා. මෑතක පළ වූ මුරටැඹ සඟරාවල ප්‍රකාශ වූ විලාසයට සහ සංවේදීතාවට මගේ බිරිඳ සහ මම අගය ප්‍රකාශ කරන්ට කැමතියි. අපි සභාවන් බැහැදකින්ට යන විට මෙම කරුණුවලින් බොහොමයක් අදාළ කිරීමට අපි උත්සාහ කරනවා.”—සංචාරක අවේක්ෂකයෙකුගෙනි.
“මා ආසන්න වශයෙන් වසර 30ක විශ්වාසවන්ත පාඨකයෙකු ලෙස සිටියත්, මෙතරම් පොලඹවනසුලු සහ ගොඩනංවන කිසිවක් මම කිසිදාක කියවා නැහැ. මගේම අදහස් තුළ සැඟවී මුල්බැසගෙන තිබූ බොරු ඉවතට ඇද දැමීමට, බලසම්පන්න සහ දක්ෂ ලෙස අදාළ කරගත් ශුද්ධ ලියවිලි මට උපකාර වුණා. බොහෝ වසර ගණනාවකට මම යෙහෝවඃවහන්සේට වරදසහිතභාවයකින් යුතුව සේවය කර තිබෙනවා. මිදීමේ මිලය සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය කෙරෙහි මට තිබුණේ මානසික තේරුම්ගැනීමක් පමණයි. එවන් තීක්ෂ්ණ බුද්ධිය සහිත විචාරශීලී ලිපිවලට බොහොම ස්තුතියි. එවන් ලිපි තව බොහොමයක් කියවීමට මම බලාපොරොත්තු වෙනවා.”—එම්. එස්.
“සත්‍යය තුළ වසර 29ක කාලයක් සිටියත්, මා තුළ මෙවන් කෘතඥපූර්වක සහ ගැඹුරු බලවත් හැඟීමකින් යුක්තව ප්‍රතික්‍රියා කිරීමට හේතු වූ ලිපියක් පිළිබඳ මට මතක නැහැ. බලවත් ප්‍රේමය සහ සැලකිල්ල දැක්වූ පවුලක මම ඇති දැඩි වුවත්, ජීවත්ව සිටීමට වටිනාකමක්වත්, ඒ හැර යෙහෝවඃවහන්සේට සේවය කිරීමට ඇති වටිනාකමක්වත් මට කිසිදාක හැඟිලා නැහැ. මෙම ලිපියෙන් පසු, දණින් වැටී, බලවත් ලෙස ඉකි බිඳිමින් මම යෙහෝවඃවහන්සේට ස්තුති කළා. මෙම ලිපිය මම සදාකාලයටම රැකගන්නවා. දැන් මම යෙහෝවඃවහන්සේට අනර්ඝයි යන තේරුම්ගැනීම මට තිබෙන නිසා, මම මා දෙස වෙනස් ආකාරයකින් බලන්ට යනවා.”—ඩී. බී.