ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 11/15 31 පි.
  • ‘අසම ලෙස සම්බන්ධ නොවන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘අසම ලෙස සම්බන්ධ නොවන්න’
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 11/15 31 පි.

‘අසම ලෙස සම්බන්ධ නොවන්න’

පින්තූරයෙහි සිටින ගවයන් දෙදෙනාට බොහෝ ශක්තිය ඇත, මෙනිසා උන්ට පහසුවෙන්ම අධික බර ඇදීමට හැක. එහෙත් එක් ගවයෙකු වෙනුවට බූරුවෙකු යොදනු ලැබුවොත් තත්වය කුමක්ද? බූරුවෙකු ගවයෙකුට වඩා කුඩා මෙන්ම දුර්වල වන හෙයින්, මෙම අසම වියගහට ඌව සම්බන්ධ කරන දම්වැලට පයින් ගැසීමෙන් ඌ විරෝධය පෑමට ඉඩ ඇත. එසේනම්, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ “ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳ නොහාන්න” යනුවෙන් ප්‍රකාශ වුණේ හොඳ හේතු ඇතුවය.—ද්විතීය කථාව 22:10.

මනුෂ්‍යයන් සම්බන්ධව මෙයට සමාන යමක් ප්‍රේරිත පාවුල් ලීවේය. ඔහු මෙසේ පැවසුවේය: “නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙල්ලා.” (2 කොරින්ති 6:14) විවාහ කලත්‍රයෙකු තෝරාගැනීමේදී මෙය විශේෂයෙන් මතක තබාගත යුතුය. විවාහය වනාහි නිත්‍ය සම්බන්ධකමකි, මන්දයත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසූසේක: “දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා.” (මතෙව් 19:6) විවාහ වූ යුවළක් එකම විශ්වාසයන්, ප්‍රතිපත්ති සහ ඉලක්ක ඇතුව නොසිටින විට, එහි විපාකය සිත්තැවුල් රාශියකි. එබැවින් “ස්වාමීන්වහන්සේ තුළ පමණක්” විවාහ වීමට බයිබලය දෙන අවවාදය පිළිපැදීම සාධාරණ දෙයකි. (1 කොරින්ති 7:39) ඔබේම ආගමික විශ්වාසය නොදරන යමෙකු සමඟ විවාහ බන්ධනයට ඇතුල්වීම, ගවයෙක් සමඟ බූරුවෙක් වියගහකට සම්බන්ධ කිරීමට වඩා උග්‍ර ගැටලුවකට හේතු පාදක විය හැකිය.

ආගමික විශ්වාසය තුළ වෙනස්කම් තිබීම වනාහි යුවළක් අසම ලෙස සම්බන්ධ වීමට එක් හේතුවක් පමණි. එකම ඇදහිල්ලේ සිටියත්, කලත්‍රයන් වීමට බලාපොරොත්තු වන අය තමන්ගෙන්ම මෙසේ ඇසීම යහපති, අපට ‘එකම ඉලක්කයන් තිබෙනවාද? අප ජීවත්වන්ට යන්නේ කොහේද? අයවැය හසුරුවන්නේ කවුද? අප දෙදෙනාම රැකියාවල යෙදෙන්ට යනවාද? දරුවන් ගැන කුමක් කිව හැකිද? කරුණාවන්තකම හා සැලකිල්ල සබඳතාව පාලනය කරයිද?’

වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරනු ලබන ආකාරයෙන්, සම්බන්ධයක් සම වේද අසම වේද යන්න යම් ප්‍රමාණයකට අඟවනු ලැබේ. යම් පුද්ගලයන් දෙදෙනෙකු සම්පූර්ණයෙන්ම එකිනෙකාට නොගැළපෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෙසේවෙතත්, හැම දෙයක්ම සලකා බැලූ විට, පූර්ව විවාහ ඇසුරේ යෙදෙන යුවළකට ගැටලුවලට එකට මුහුණ දී ඒවා විසඳීමට හැකි නම්, එමෙන්ම ඔවුන්ට අදහස් හුවමාරු කිරීමේ මාර්ග විවෘතව තබාගැනීමට හැකි නම්, ඔවුන් අසම ලෙස සම්බන්ධ නොවීමට ඉඩ ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න