ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 11/15 24-25 පි.
  • ඔවුන්ගේ ආලෝකය නිවී ගියේ නැත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔවුන්ගේ ආලෝකය නිවී ගියේ නැත
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙරෙමියා මෙන් ධෛර්යවත් වන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “විඩාවට පත්ව සිටින්නන්ව මම ප්‍රාණවත් කරමි”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • ‘ඔබ පැවසිය යුතු දේ මම ඔබට දැන්වූවෙමි’
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • ඔබ දිනපතා “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්” පතනවාද?
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 11/15 24-25 පි.

ඔවුන්ගේ ආලෝකය නිවී ගියේ නැත

බයිබල් කාලවලදීද, බාධා හැලහැප්පීම් සහ දුෂ්කරතා අද්දුටු යෙහෝවඃවහන්සේගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ සිටියහ. ඔවුහු විරුද්ධවාදීකම් සහ පෙනෙන ප්‍රකාරයට යම් අසමර්ථවීම්වලට මුහුණ දුන්හ. කෙසේවෙතත්, ඔවුන් අධෛර්යයට පත්වීම හේතුවෙන් බලාපොරොත්තු අත්හැරියේ නැත. ඇත්තෙන්ම කියනවා නම්, ඔවුන්ගේ ආලෝකය නිවී ගියේ නැත.

එක් උදාහරණයකට, යුදයේ ඇදහිල්ල අත්හළ ජාතීන් කෙරෙහි දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා වීමේ පැවරුම අනාගතවක්තෘ යෙරෙමියාට දෙන ලදි. ඔහු යෙරුසලමට පැමිණෙන්නාවූ විනාශය පිළිබඳව අනතුරු ඇඟවීම ප්‍රකාශ කළේය. (යෙරෙමියා 1:11-19) ප්‍රතිඵලයක් ලෙස, යෙරෙමියාව විපත්ති ප්‍රකාශකරන්නෙකු ලෙස සැලකූ ඔහුගේ රටේ සහකාර ජනතාවගෙන් ඔහුට බොහෝ විරුද්ධවාදීකම්වලට මුහුණ දීමට සිදුවිය.

දෙවියන්වහන්සේගේ ගෘහයේ ප්‍රධාන මුලාදෑනියා වූ පූජක පෂ්හූර්, වරක් යෙරෙමියා පුරෝකථනය කළ දෙය හේතුවෙන් ඔහුට පහර දී, දඬුකඳේ ගැසුවේය. පෙනෙන ප්‍රකාරයට සිදුවූ බාධා හැලහැප්පීම් මැද යෙරෙමියා මෙසේ කීවේය: “මම සෑමදාම කවටකමක්ව සිටිමි, සියල්ලෝම මට කවටකම්කරති. මක්නිසාද මම කථාකරන සෑමවිටම මොරගසමි; බලාත්කාරය හා නාස්තියයයි කෑගසා කියමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනය සෑමදාම මට නින්දාවක් සහ කවටකමක් කරනලද්දේ විය.” “උන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] සඳහන් නොකරන්නෙමියි කියාද උන්වහන්සේගේ නාමයෙන් තවත් කථා නොකරන්නෙමියි කියාද” කියන තරමට අනාගතවක්තෘවරයා අධෛර්යයට පත්ව සිටියේය.—යෙරෙමියා 20:1, 2, 7-9.

කෙසේවෙතත්, යෙරෙමියා අධෛර්යය වීමට යටත් වූයේ නැත. “යෙහෝවඃවහන්සේගේ වචනය” [NW] ගැන කතා කරමින්, ඔහු මෙසේ ප්‍රකාශ කළේය: “එය මාගේ ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන් මාගේ සිත තුළ තිබේ, දරන්ට මා වෙහෙසෙන නුමුත් මට බැරිය.” (යෙරෙමියා 20:8, 9) දෙවියන්වහන්සේගේ ප්‍රකාශය පිළිබඳ කතා කිරීමට දැඩි ලෙස පොලඹවනු ලැබූ යෙරෙමියා, ශුද්ධාත්ම බලය මගින් උසුලනු ලැබ ඔහුගේ පැවරුම සම්පූර්ණ කළේය.

ප්‍රේරිත පාවුල්ටද අධෛර්යයට පත්වීමට හේතු වන කාරණා රාශියක් තිබුණු අතර, ඔහු ඒවාට යටත් නොවීය. ඔහු ස්වාභාවික විපත්ති, නැව් බිඳී යෑමෙන් සිදුවූ උපද්‍රව, පීඩා සහ පහර දීම් විඳදරාගත්තේය. මීට අමතරව, ‘සියලු සභාවන් ගැන සිතේ බරක් දවස්පතා ඔහුට තිබුණේය.’ (2 කොරින්ති 11:23-28) ඔව්, පාවුල්ට දිනපතා ප්‍රශ්න සමඟ කටයුතු කිරීමටත්, ඔහු පිහිටුවීමට උපකාර කළ අලුත් සභා පිළිබඳ කනස්සලු වීමටත් සිදුවිය. එපමණක්ද නොව, ඔහු අසම්පූර්ණව සිටි අතර, ‘මාංසයේ උලක්’ සමඟ සටන් කරන්ටද සිදුවිය, ඇතැම් විට එය පෙනීමේ දුර්වලතාවක් වන්ට ඇත. (2 කොරින්ති 12:7; රෝම 7:15; ගලාති 4:15) සමහරුන් ඔහුට විරුද්ධව හොර රහසින් කතා කළ අතර, මේවා ඔහුගේ කනට ළඟා විය.—2 කොරින්ති 10:10.

එසේ වුවත්, පාවුල් අධෛර්යයට පත්වීම්වලට ඔහුව පරාජය කිරීමට අවසර දුන්නේ නැත. නැත, ඔහු සුපිරි මනුෂ්‍යයෙක් වූයේද නැත. (2 කොරින්ති 11:29, 30) ඔහුගේ “අභ්‍යන්තර ගින්න” දිගටම දැල්වීමට කුමක් ආධාර වූයේද? එක් දෙයක් නම්, ඔහුට සහයෝගී සහකාරයන් සිටි අතර, රෝමයේ ඔහුව නිවාස අඩස්සියේ තබන්ට යන විට සමහරු ඔහු කැටුව ගියෝය. (ක්‍රියා 28:14-16) දෙවැන්න නම්, ප්‍රේරිතයා ඔහුගේ තත්වය පිළිබඳව සමබරව සැලකුවේය. වරදෙහි නියැලී සිටියේ ඔහුගේ පීඩාකරන්නන් සහ විරුද්ධකාරයන් මිස, පාවුල් නොවේ. ඔහුගේ භූමික ජීවිතයේ අවසානය කරා ළඟා වන විට, ඔහු ඔහුගේ දේවසේවය පිළිබඳව ඒකාන්ත ආකාරයකින් තක්සේරු කළ අතර, මෙසේ පැවසුවේය: “මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ, එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත.”—2 තිමෝති 4:8.

මේ සියල්ලට වඩා, පාවුල් නිතිපතාම යෙහෝවඃ දෙවියන්වහන්සේට යාච්ඤාව තුළින් ළඟා වූ අතර, ‘ස්වාමීන්වහන්සේ ඔහු ළඟ සිට ඔහුව ශක්තිමත් කළසේක.’ (2 තිමෝති 4:17) “මා බලවත්කරන්නාවූ තැනැන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන” යනුවෙන් පාවුල් පැවසුවේය. (පිලිප්පි 4:13) පාවුල්ට යෙහෝවඃවහන්සේගේ සේවය තවදුරටත් කරගෙන යෑමට, දේවසේවය පිළිබඳව ඒකාන්ත ලෙස තක්සේරු කිරීමත්, දෙවියන්වහන්සේ සහ සහකාර ක්‍රිස්තියානීන් සමඟ අදහස් හුවමාරු කිරීමත් උපකාරවත් විය.

දෙවියන්වහන්සේ පාවුල්ට මෙසේ ලිවීමට ආනුභාව දුන්සේක: “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමු.” (ගලාති 6:7-9) කුමක් කපාගැනීමටද? සදාකාල ජීවනයය. එසේනම්, යෙරෙමියා, පාවුල් සහ ශුද්ධ ලියවිලිවල සඳහන් අනිකුත් බොහෝ යෙහෝවඃවහන්සේගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන් මෙන් වන්න. එසේය, ඔවුන් මෙන් වී, අධෛර්යයට පත්වීමට යටත් නොවන්න. ඔබගේ ආලෝකය නිවී යෑමට ඉඩ නොදෙන්න.—මතෙව් 5:14-16 සසඳන්න.

[25වන පිටුවේ පින්තූර]

පාවුල් සහ යෙරෙමියා ඔවුන්ගේ ආලෝකය නිවී යෑමට ඉඩ නොදුන්නෝය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න