ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 10/15 3-4 පි.
  • භය—මිතුරෙක්ද, සතුරෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භය—මිතුරෙක්ද, සතුරෙක්ද?
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවාට භය වන පිණිස ඔබේ හෘදය ගොඩනඟා ගන්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃවහන්සේට භයවීම තුළ ප්‍රීතිය ලැබීමට ඉගෙනගැනීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට භයව ඔහුගේ ආඥා පවත්වන්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃ වහන්සේට භය වී උන් වහන්සේගේ ශුද්ධ නාමය මහිමවත් කරන්න
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 10/15 3-4 පි.

භය—මිතුරෙක්ද, සතුරෙක්ද?

“මට මියයන්ට ඕනෑ විදිහ ගැන මා කල්පනා කරනවා. මට වෙඩි කන්න ඕනෙ නෑ, නමුත් මට එසේ සිදුවුණොත්, හරියටම ඔළුවේ මෙතනට වෙඩි වැදෙනවා නම් මා කැමතියි, එවිට මා එතැනම මැරී වැටෙයි.”

ලොස් ඇන්ජලීස් ටයිම්ස් සඳහා වාර්තාකරුවෙකුට, 14-හැවිරිදි ගැහැනු ළමයෙකුගෙන් එසේ අසන්ට ලැබිණ. යෞවනයන් වැඩිහිටියන්වද, වෙනත් යෞවනයන්වද ඝාතනය කිරීමේ මෑත ඝාතනය කිරීම් ගැන ඔහු ශිෂ්‍යයන්ගෙන් විමසමින් සිටියේය. වාර්තාවෙහි මෙම මාතෘකාව තිබිණ: “භයෙන් පිරුණු ලෝකයක්.”

බොහෝදෙනෙකු ජීවත්වන්නේ භයෙන් පිරුණු ලෝකයක බව ඔබ හොඳින් දන්නා දෙයකි. කුමක් ගැන භයද? විශේෂයෙන් මේ මේ දෙයට භයයි කියා වෙන් කර දැක්වීම දුෂ්කර වනු ඇත. ඔබේ මිතුරන් හෝ ඔබේ ප්‍රදේශයේ බොහෝදෙනෙකු භයවන දේවල් ගැන යාබද කොටුවෙන් සොයාගත හැකිදැයි බලන්න. මෙම කොටුව 1993, නොවැම්බර් 22 නිව්ස්වීක් සඟරාවෙන් වන අතර, එය “වයස 10 හා 17 අතර දරුවන් 758දෙනෙකුද, ඔවුන්ගේ දෙමව්පියන්ද සමඟ” කරන ලද විමසුමක ප්‍රතිඵල දක්වයි.

එම යෞවනයන්ව දැන් සම්මුඛ සාකච්ඡාවකට කැඳෙව්වොත්, ඔවුන් භය සඳහා භූමිකම්පා වැනි අමතර හේතු දැක්විය හැක. වර්ෂ 1994 ජනවාරියේදී ලොස් ඇන්ජලීස්හි සිදුවූ විනාශකාරි භූමිකම්පාවෙන් පසු, ටයිම් සඟරාව මෙසේ වාර්තා කළේය: “කම්පිත කරවන සිද්ධියකින් පසු දැඩි පීඩන අක්‍රමිකතාවේ ලක්ෂණ අතර පාලනය කළ නොහැකි මතකයට නැඟීම්, නපුරු සිහින, අධික සේ අවදිව සිටීම සහ කෙනෙකුගේ ජීවිතය කෙරෙහි පාලනය නොමැතිකම ගැන කෝපය වේ.” එම ප්‍රදේශයෙන් අහක් වීමට තීරණය කර තිබූ ව්‍යාපාරිකයෙක් මෙසේ පැවසීය: “අලාභ හානි ගැන තැකීමට අවශ්‍ය නැහැ. තැකිය යුත්තේ ඇතිවූ භය ගැනයි. ඔබ සපත්තු දාගෙන පහත මාලයේ ඇඳට යනවා. ඔබට නිදාගන්න බැහැ. ඔබ සෑම රාත්‍රියකම එවැන්නක් සිදුවෙයි කියා බලාපොරොත්තුවෙන් ඇහැරගෙන සිටිනවා. එය අප්‍රසන්න දෙයක්.”

“විපත්ති මාලාවක් ජපන් ජාතිකයන්ව ත්‍රාසයට පත් කර තබයි,” යන්න 1995, අප්‍රියෙල් 11, ටෝකියෝ වාර්තාවකට දී තිබූ තේමාව විය. එය මෙසේ පැවසීය: “විෂ වායු ප්‍රහාරය . . . ජපන් ජාතිකයන්ට විශේෂයෙන්ම දරුණු ලෙස බලපෑ දෙයක් වන්නේ මන්දයත්, එය අනාගතය ගැන මුළුමනින්ම ප්‍රධාන නව අවිනිශ්චිතභාවයන් ඇති කළ සිද්ධීන් මාලාවක කොටසක් ලෙස පැමිණි බැවිනි. . . . කලක දවාලේ හෝ රාත්‍රියේ ආරක්ෂා සහිත බවට ප්‍රසිද්ධ වූ වීදිවල, තවදුරටත් ආරක්ෂාව නැතැයි ජනයාට හැඟේ.” එමෙන්ම භය වන්නේ වියපත් වූවන් පමණක් නොවේ. “[සීජො විශ්වවිද්‍යාලයේ] මහාචාර්ය ඉෂිකාවා පැවසුවේ, විශේෂයෙන්ම අනාගතයේ තිබෙන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් බොහෝවිට පැහැදිලි චිත්‍රයක් නැති යෞවන අය අතර කනස්සල්ල . . . පැහැදිලිව පෙනෙන්ට තිබෙන” බවය.

“දශක ගණනාවකට පසුව පවා ඇඩ්රනලින් ප්‍රමාණය ඉහළ යෑම සඳහා මිනිසුන්ව වැඩි සංවේදිතාවකට පත් කරමින්, මොළයේ රසායන ද්‍රව්‍ය වෙනස් කිරීමට, භයෙන් වෙළුණු අවස්ථාවකට හැකි බවට” සාක්ෂි අඟවයි. මොළය මගින් භයගන්වන තත්වයක් අර්ථකථනය කරන ආකාරය—එනම් අප කරුණු වටහාගෙන, භයෙන් ප්‍රතිචාරය දක්වන ආකාරය තේරුම්ගැනීමට විද්‍යාඥයෝ වෑයම් කරති. මහාචාර්ය ජෝසෆ් ලඩ්‍යූ මෙසේ ලීවේය: “සත්වයෙකුට යම් තත්වයකදී භය ගැන ඉගෙනීම සඳහා සලස්වන ස්නායුක මාර්ග ගැන අනාවරණය කිරීම මගින්, මෙයාකාර මතකයක සාමාන්‍ය ක්‍රියාවලියන් පහදා දීමට අපි බලාපොරොත්තු වන්නෙමු.”

එහෙත්, අපෙන් වැඩිදෙනෙකුට, භය සඳහා රසායනික හෝ ස්නායුක පදනම කෙරෙහි එතරම් උනන්දුවක් නැත. අප භයවන්නේ මන්ද වැනි ප්‍රශ්නවලට උත්තර සෙවීමේදී, අපට නිතැතින්ම වැඩි උනන්දුවක් දැක්විය හැක. අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? ඕනෑම භයක් සුදුසුද?

ඇතැම්විට ඔබට භය උපකාර විය හැකි බවට ඔබ සමහරවිට එකඟ වනු ඇත. උදාහරණයක් වශයෙන්, ඔබ නිවසට පැමිණෙන විට කළුවර වැටී තිබේ. ඔබ හොඳින් දොර වසා ගිය නමුත්, එය දැන් යන්තමට ඇරී තිබේ. ඔබට ජනේලය තුළින් සෙවණැලි එහාට මෙහාට යනවා පෙනේ. යම් අහිතකර දෙයක් සිදුවෙමින් තිබෙන බව දැනීමෙන්, ඔබ හදිසියේම කුමකින් කුමක්වේදැයි නොදැන අවිනිශ්චිතභාවයට පත්වේ. සමහරවිට සොරෙකු හෝ පිහියක් ගත් කෙනෙකු බලෙන් ඇතුල්ව සිටිනවා විය හැක.

අනතුරුදායක තත්වයක් තුළට කිසිදු තැකීමකින් තොරව ගමන් කිරීමෙන් ඔබව වැළැක්වීමට, එවැනි අවස්ථා සම්බන්ධයෙන් ඔබ තුළ තිබෙන සහජ භයට හැක. ඔබ යම් අනතුරකට මූණපෑමට පෙර පූර්වෝපායන් ගැනීමට හෝ සහය ලබාගැනීමට, භය ඔබට උපකාරවත් විය හැක. එවැනි උදාහරණ බොහොමයක් තිබේ: අධි වෝල්ටීයතාවට ඔබව අවදි කරන සංඥාවක්; ඔබේ ප්‍රදේශයට හදිසියෙන් පැමිණෙන කුණාටුවක් ගැන ගුවන් විදුලි නිවේදනයක්; සෙනඟ පිරි පාරක ඔබ රිය පදවන විට ඔබේ මෝටර් රථයෙන් නැඟෙන කන් පසාරු කරන හඬක්.

සමහර අවස්ථාවලදී භය පිළිබඳ හැඟීමක් ඇත්තෙන්ම මිතුරෙක් විය හැක. අපව ආරක්ෂා කරගැනීමටත්, ඥානවන්තව ක්‍රියා කිරීමටත් අපට උපකාර කිරීමට එයට හැක. එහෙත්, නිරතුරුව හෝ අධිකව පවතින භය සැබවින්ම මිතුරෙකු නොවන බව ඔබ හොඳින් දන්නා දෙයකි. එය සතුරෙකි. ඉක්මනින් හුස්මගැනීම, හෘත් අභිස්පන්දන, ක්ලාන්ත ගතිය, වෙව්ලීම, ඔක්කාරය සහ කෙනෙකුගේ වටාපිටාවලින් වෙන්ව සිටීමේ හැඟීමක් ඇති කිරීමට එයට හැක.

අපගේ කාලය පොළොවේ භයගන්වනසුලු දේවල් ඇතිවීම මගින් හා අධික භයෙන් සලකුණු වනු ඇතැයි බයිබලය විශේෂ කොට දැක්වීම ඉතා සිත්ගන්නා බව ඔබට පෙනී යා හැක. එසේ වන්නේ මන්ද, එමෙන්ම ඔබේ ජීවිතයට හා සිතිවිලිවලට එයින් ඇතිවන බලපෑම කුමක්ද? තවද, බයිබලයේ දෘෂ්ටිකෝණයෙන් බලන කල, විශේෂයෙන්ම උපකාරවත් හා යහපත් වන දෛනික භයක් තිබේයයි පැවසිය හැක්කේ කෙසේද? අපි සලකා බලමු.

[3වන පිටුවේ කොටුව]

වැඩිහිටියන් සහ දරුවන්ගෙන්, තමන් හා තම පවුල් වඩාත්ම භයවන දේ සම්බන්ධයෙන් විමසද්දී ඔවුහු මෙසේ භය වෙති:

දරුවන් දෙමව්පියන්

56% පවුල් සාමාජිකයෙකුට එරෙහිව සාහසික අපරාධ 73%

53% වැඩිහිටියෙකුට රැකියාවක් අහිමි වීම 60%

43% ආහාර සඳහා මුදල් නොතිබීම 47%

51% වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මුදල් නොතිබීම 61%

47% නිවහනක් සඳහා මුදල් නොතිබීම 50%

38% මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පවුල් සාමාජිකයෙකු සිටීම 57%

38% ඔවුන්ගේ පවුල එකට නොසිටී 33%

මූලාශ්‍රය: 1993 නොවැම්බර් 22, නිව්ස්වීක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න