රුධිර ප්‍රවේශන යළි සැලකිල්ලට භාජන වී
ඒඩ්ස් සමන්විත මෙම අන්ධකාර යුගයේදී, රෝහල්ගත රෝගියෙකුගේ සෞඛ්‍යයට විශාලතම තර්ජනය සැත්කම් කාමරය තුළ සැඟවී තිබෙනවා විය හැක. “රුධිර සැපයුම මුළුමනින්ම ජීවාණුහරණය කිරීමට කිසිදු මඟක් නැත” යයි දශකයට වැඩි කලක් පුරා, අ.එ.ජ. නිව් ජර්සිහි කැම්ඩන්වල, කූපර් රෝහල්-සරසවි වෛද්‍ය මධ්‍යස්ථානයේ, රුධිරයෙන් තොර ශල්‍යකර්මය සඳහා මධ්‍යස්ථානය අධ්‍යක්ෂණය කර තිබෙන වෛද්‍ය රිචඩ් ස්පෙන්ස් කියයි.
රුධිර ප්‍රවේශන ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව බයිබලය මත පදනම් වූ මතය දැරීම ගැන හොඳින් ප්‍රචලිත වූ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට මෙම මධ්‍යස්ථානය මගින් සාත්තු කිරීම පුදුමයට හේතුවක් නොවේ. (ලෙවී කථාව 17:11, ක්‍රියා 15:28, 29) කෙසේවෙතත්, යාකෘත් ප්‍රදාහය, ඒඩ්ස් හා වෙනත් රෝග බෝවීම ඇතුළත්ව, රුධිරය ප්‍රවේශනය කිරීම ආශ්‍රිතව තිබිය හැකි අන්තරායන් ගැන සැලකිලිමත් වන සාක්ෂිකරුවන් නොවන රෝගීන් සෑහෙන සංඛ්‍යාවක්, මෙම මධ්‍යස්ථානයට පැමිණෙමින් සිටිති. “රුධිරය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව ඒඩ්ස්වල වැඩිවර්ධනය මගින් පැහැදිලි කර තිබේ” කියා කුරියර්-පෝස්ට් වීක්ලි රිපෝර්ට් ඔන් සයන්ස් ඇන්ඩ් මෙඩිසින් සටහන් කරයි. “පරීක්ෂාවක වෛරසය එළිවීමට පෙර යමෙකුට එය තිබිය හැකි නිසා, ඇතැම් විට පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියෙන් එය ගිලිහී යා හැක.”
එවන් අන්තරායන් නිසා, රුධිරයෙන් තොර ශල්‍යකර්මය සඳහා මධ්‍යස්ථානයේ රුධිර ප්‍රවේශන සඳහා විකල්ප උපයෝගි කෙරේ, මීට රෝගියාගේම රුධිරය යළි ප්‍රවේශ කිරීම ඇතුළත්ය—එය ඇතැම් තත්වයන් යටතේ සමහර සාක්ෂිකරුවන් විරෝධය නොපාන ශිල්ප ක්රමයකි.a රෝගියාගේ රුධිර නිෂ්පාදනය උත්තේජනය කරන ඖෂධ භාවිතය තවත් ප්‍රතිකාර ක්‍රමයකට ඇතුළත් වේ. මීට අමතරව ප්‍රවේශනය කරන ලද රුධිරය නොමැතිව ඔක්සිජන් සැපයීම වැඩි කිරීමට, කෘත්‍රිම රුධිර ආදේශකයක් උපයෝගි කරනු ලැබේ. “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට හොඳම වෛද්‍ය සාත්තුව අවශ්‍යය” කියා වෛද්‍ය ස්පෙන්ස් කියයි, “නමුත් ඔවුන්ට ප්රවේශනවලට විකල්ප ඕනෑය.”
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන්වලට ගරු කරන වෛද්‍යවරුන්ගෙන් ලද සහයෝගය හා උපකාරයට ඔවුහු ස්තුතිපූර්වක වෙති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුහු ඇත්තවශයෙන්ම, “හොඳම වෛද්‍ය සාත්තුව” ලබා ඇති අතර, යෙහෝවඃ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදු හෘදය සාක්ෂියක් පවත්වාගෙන ඇත්තාහ.—2 තිමෝති 1:3.
[පාදසටහන්වල]
a මෙම ක්‍රියාවලිය පිළිබඳවද, පෞද්ගලික, හෘදය සාක්ෂියට එකඟ තීරණයක් ගැනීමේදී සම්බන්ධව පවතින සාධක පිළිබඳවද, සවිස්තරාත්මක සාකච්ඡාවක් ද වොච්ටවර් 1989 මාර්තු 1, 30-1 පිටුවල දක්වා තිබේ.