රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
ග්‍රීන්ලන්තයේ හුදෙකලා ජනාවාස කරා ළඟාවීම
දශක ගණනාවක් මුළුල්ලේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ශුභාරංචිය දේශනා කිරීම සඳහා, මුරටැඹ හා පිබිදෙව්! සඟරා භාවිත කර ඇත්තාහ. යෙහෝවඃවහන්සේගේ වචනය වන බයිබලයේ ප්‍රකාශ කර තිබෙන පරිදි, මෙම සඟරා උන්වහන්සේගේ ප්‍රඥාව උසස් කොට දක්වයි. බයිබල් අනාවැකිවලට සම්බන්ධ වන ලෝක සිදුවීම් කෙරෙහි විමසිලිමත්ව සිටින මෙම සඟරා, අනතුරුව වත්මන් ගැටලුවලට බයිබලයේ සාධාරණ උපදෙස් අදාළ කරයි.—යාකොබ් 3:17.
වර්ෂ 1994දී, හැකි තරම් ජනකායකට මුරටැඹ හා පිබිදෙව්! ඉදිරිපත් කිරීමට ග්‍රීන්ලන්තයේ සාක්ෂිකරුවෝ විශේෂ ප්රයත්නයක යෙදුණාහ. ගිම්හානයේදී, ග්‍රීන්ලන්තයේ වඩාත්ම හුදෙකලා ජනාවාස සමහරක් බැහැදැකීමට ඔවුහු විධිවිධාන යෙදූහ. රාජ්‍යය ප්‍රකාශකරන්නන් කණ්ඩායමක් බෝට්ටුවෙන් කිලෝමීටර් 4,000කට වඩා බටහිර වෙරළ තීරය ඔස්සේ ග්රානාර්ග් (තූල්) දක්වා ගමන් කරමින්, පොළොවේ වඩාත්ම උතුරු ප්‍රජා සමහරක් කරා ළඟා වූහ. ඔවුන්ගේ ගමනට සති හතක් ගත විය. නැඟෙනහිර වෙරළේ, සාක්ෂිකාර යුවළක් ඉඩ්ඩොර්ග්රෝර්ඩෝමිට්හි ජනාවාසයක් කරා ළඟා වී, පළමු වතාවට, එය ශුභාරංචිය සමඟින් ක්‍රමානුකූලව ආවරණය කළෝය.
එම අවුරුද්දේ මීට කලින්, අප්‍රියෙල් මාසයේදී, ග්‍රීන්ලන්තයේ ජනයා සමඟ මුරටැඹ හා පිබිදෙව්! පිටපත් 7,513ක් තබන ලදි. ඉන් අදහස් කරන්නේ, සාමාන්‍යයක් වශයෙන් ගත් කල, රාජ්‍යය ප්‍රකාශකයන් 127දෙනා, සඟරා 59 බැගින් තබා ගිය බවය. සෑම වාසයකරන්නන් සත්දෙනෙකුට එක සඟරාවක් තබා යන ලදි. එම මාසයේදී, පිබිදෙව්! “පියයුරු පිළිකාව—සෑම ස්ත්‍රියකගේම බිය” යන මැයින් කවරයේ ලිපි පෙළක්ම කැපීපෙනෙන්ට සැලසුවේය. සඟරා 140ක් තබා ගිය එක් සාක්ෂිකාරියක්, එම පිබිදෙව්! සඟරාවේ පිටපත් රූපවාහිනී වාර්තාකාරියක සමඟ තබා ගියාය. දවස් කිහිපයකට පසු, පියයුරු පිළිකාව පිළිබඳ ලිපි රූපවාහිනී පුවත් වැඩසටහනක කැපීපෙනෙන්ට සලස්වන ලදි. රූපවාහිනී තිරය මත සඟරාවේ පිටු කිහිපයක් දර්ශනය කළාවූ එම වාර්තාකාරිය, ග්‍රීන්ලන්ත භාෂාවට පරිවර්තනයේ ගුණය ප්‍රශංසාවට ලක් කළාය. එමෙන්ම ඈ පිබිදෙව්! මගින් දෙන ලද ප්‍රායෝගික යෝජනා නිවාරණ සෞඛ්‍ය සාත්තුව වශයෙන් ඉස්මතු කොට දැක්වූවාය.
වාර්තාකාරිය සමඟ මුලින්ම සඟරා තබා ගිය සාක්ෂිකාරිය එම රූපවාහිනී වැඩසටහනේම සම්මුඛ සාකච්ඡාවකට භාජන වූවාය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන ප්‍රශ්න බොහොමයකට උත්තර සැපයූ ඈ, එම මාසයේදී සඟරාවල පුළුල් බෙදාහැරීම ගැන කතා කළාය. එමෙන්ම ඈ බයිබලයේ සොයාගත හැකි ප්‍රායෝගික ප්‍රඥාව ගැන අදහස් දැක්වූ අතර, එවන් සාධාරණ උපදෙස් අදදින ගැටලුවලට උරදීමට අපහට උපකාරවත් විය හැකි බව පෙන්නුම් කළාය.
ග්‍රීන්ලන්තයේ පිළිකා සමිතියේ සභාපති සමඟ සම්මුඛ සාකච්ඡාවකින් එම වැඩසටහන නිම විය. ඇගේ භාෂාවේ මෙතරම් කදිම හා දැනුවත් කරවනසුලු තොරතුරු ඇය කිසිදාක දැක නොතිබූ බව, ඈ සඳහන් කළාය. පියයුරු පිළිකාව පිළිබඳ විෂය ගැන උනන්දුවක් දැක්වූ සෑම කෙනෙකුටම එම පිබිදෙව්! ලිපි කියවීමට ඈ ආරාධනා කළාය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මුල පිරීම සම්බන්ධයෙන් ඔවුන් කෙරෙහි කෘතඥපූර්වක වීම සඳහා හොඳ හේතු තිබූ බව ඈ පැවසුවාය.
ග්‍රීන්ලන්තයෙහි මෙන්, ලොව පුරා වෙසෙන යෙහෝවඃ- වහන්සේගේ සාක්ෂිකරුවෝ දිගටම ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි” දේශනා කරති. (කොලොස්සි 1:23; ක්‍රියා 1:8) මුරටැඹ හා පිබිදෙව්! ඇතුළත්ව, බයිබල් පොත් පත් භාවිත කිරීම මගින්, සියලු ආකාර ජනයාහට වත්මන් ගැටලුවලට උරදීමටත්, ඔවුන්ට වඩාත් හොඳ අනාගතයක් සඳහා බලාපොරොත්තුවක් දීමටත්, ඔවුහු උපකාර පිරිනමති.
[8වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ග්රානාර්ග් (තූල්)
ඉඩ්ඩොර්ග්රෝර්ඩෝමිට්
නූක් (ගොට්හොබ්)