ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 8/1 3-4 පි.
  • කාලවල් වෙනස් වී තිබේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කාලවල් වෙනස් වී තිබේ
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ප්‍රඥාවන්ත රජෙක්
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • ඔහුගෙන් ඉගෙනගත හැකි පාඩම්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිළිඳුකමේ සිරකරුවෝ
    1998 පිබිදෙව්!
  • දුගීකම නැති කිරීමට ගත් වෑයම්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 8/1 3-4 පි.

කාලවල් වෙනස් වී තිබේ

විශ්වාසවන්ත සාලමොන් රජුගේ තේජාන්විත පාලනය යටතේ පුරාණ ඉශ්‍රායෙල්හි විසීම මොනතරම් ප්‍රීතියක් වන්ට ඇද්ද! එය වූ කලි සාමය, සෞභාග්‍යය හා සන්තෝෂය සමන්විත වකවානුවක් විය. සාලමොන් සැබෑ නමස්කාරය සඳහා ස්ථිරව සිටි කාලය තුළදී, යෙහෝවඃවහන්සේ ජාතියට ඉමහත් ආශීර්වාද ගෙන දුන්සේක. දෙවියන්වහන්සේ සාලමොන් රජුට මහත් ධන සම්භාරයක් පමණක් නොව, නමුත් සාලමොන්ට ධර්මිෂ්ඨකමින් හා ප්‍රේමයෙන් පාලනය කිරීමට හැකි වන පරිද්දෙන් “ප්‍රඥාවන්ත ​නුවණැති ​සිතක්[ද]” දුන්සේක. (1 රාජාවලිය 3:12) බයිබලය මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ සාලමොන්ගේ සිතේ තබා තිබුණු ප්‍රඥාව අසන පිණිස පොළොවේ සියලු රජවරු ඔහු වෙතට ආවාහ.”—2 ලේකම් 9:23.

යෙහෝවඃවහන්සේ ජනයාහට සුරක්ෂිතභාවය, සාමය හා යහපත් දේවල් බහුල වශයෙන් දුන්සේක. දේවවචනය මෙසේ පවසයි: “යූදාවරුද ඉශ්‍රායෙල්වරුද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය, ඔව්හු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූහ.” වචනානුසාරයෙන්ම හා රූපිකව, ජනයා “සාලමොන්ගේ සියලු දවස්වල . . . එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.”—1 රාජාවලිය 4:20, 25.

කාලය වෙනස් වී ඇත. යටගිය දවස්වල සතුටින් පිරි කාලයට අදදින ජීවිතය හාත්පසින්ම වෙනස්ය. සාලමොන්ගේ කාලයට වෙනස්ව, අදදින දුගීකම ප්‍රධාන ගැටලුවකි. ධනවත් රටවල පවා, දුගීකම පවතී. උදාහරණයක් හැටියට, එක්සත් ජනපදවල හා යුරෝපීය සංගමයේ, ජනයාගෙන් සියයට 15ක ආසන්න ප්‍රමාණයක් දුගීකමින් පෙළෙන බව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහන් කරයි.

ලෝක ව්‍යාප්ත තත්වය සම්බන්ධයෙන්, යුනිසෙෆ් (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල) මගින් පළ කරන ලද වාර්තාවක් වන ද ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්’ස් චිල්ඩ්‍රන් 1994 නිරීක්ෂණය කරන්නේ, ලෝක ජනගහනයෙන් පහෙන් එකක් අන්ත දුගීකම තුළ පෙළෙන බවය, තවද ලෝකයේ දිළිඳු බොහෝදෙනෙකුට ජීවිතය “තව තවත් දුෂ්කර වෙමින් බලාපොරොත්තු විරහිත වෙමින් පවතින බව” එය තවදුරටත් සඳහන් කරයි.

සමහරක් රටවල ශීඝ්‍ර ලෙස ඉහළ නඟින උද්ධමනය, දුප්පතුන්ගේ දුෂ්කරතා ප්‍රගුණ කරයි. එක් අප්‍රිකානු රටක කාන්තාවක් මෙසේ පැවසුවාය: “වෙළඳපොළේ යමක් දකින විට, ‘හරි, මම ගෙදර ගිහිල්ලා සල්ලි අරගෙන එන්නං’ කියා ඔබ කියනවා. පැයකට පසුව ඔබ ආපසු එතැනට පැමිණෙන විට, මිල මේ දැන් වැඩි වී තිබෙන නිසා, ඔබට එය මිල දී ගත නොහැකි බව පවසනු ලැබේ. පුද්ගලයෙකුට කුමක් කළ හැකිද? එය සෑහෙන කලකිරීමකට හේතුවක් වෙයි.”

එහි තවත් කාන්තාවක් මෙසේ පැවසුවාය: ‘පැවැත්ම රැකගැනීමට, අපි අනික් අවශ්‍යතා අමතක කර දමනවා. අපේ මුළු අවධානය යොමු වී තිබෙන්නේ ආහාර උපයාගත හැකි මාර්ග සෙවීමටයි.’

එක්සත් ජාතීන්ට අනුව, අනාගතය ඉතා අඳුරු සහිත බව පෙනෙන්ට තිබේ. උදාහරණයක් වශයෙන්, වත්මන් ජනගහන ප්‍රවණතා දිගටම එසේ පැවතුණොත්, ලෝක ව්‍යාප්තව සිටින දුප්පත් ජනයා “එක් ජීවිත කාලයක් ඇතුළත” සිව් ගුණයකින් වැඩි වන බව යුනිසෙෆ් තක්සේරු කරයි.

එහෙත්, පිරිහෙමින් පවතින ආර්ථික හා සාමාජීය තත්වයන් මධ්‍යයෙහි, ඒකාන්තව සිටීමට දෙවියන්වහන්සේගේ සෙනඟහට හේතු තිබේ. වැඩිවන්නාවූ නිෂේධාත්මකභාවයකින් අනාගතය දෙස බලන අය අතර ඔවුන් ජීවත් වුවත්, දෙවියන්වහන්සේගේ සේවකයෝ අනාගතය දෙස ප්‍රීතියෙන් හා නිසැකභාවයෙන් ඕනෑකමින් බලති. ඊට හේතු මොනවාදැයි කියා ඊළඟ ලිපිය පරීක්ෂා කර බලයි.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

De Grunne/Sipa Press

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න