දෙවියන්වහන්සේ ලෝකය පාලනය කරයිද?
එය ඉරිදා උදෑසනක්ය. බොහෝ ජනයා ඇඳෙන් නැඟිට, ඇඳ පැළඳ, උදෑසන ආහාරය අනුභව කොට, පල්ලිය වෙත දුව යන්නෝය. අධිකාරයෙන් අසමසමව සිටින දෙවියන්වහන්සේ, පොළොව කෙරෙහි අතිශ්රේෂ්ඨව පාලනය කරන අන්දම විස්තර කරන දේශනාවට ඔවුහු එහිදී සවන් දෙන්නෝය. උන්වහන්සේ ජනයාට ගැඹුරින් සැලකිල්ල දක්වන බව ඔවුන්ට පවසනු ලැබේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් යමක් සඳහන් කරනු ලැබේ. උන්වහන්සේ රජවරුන්ගේ රජ බවත්, සියලුදෙනාම උන්වහන්සේට කීකරුව දණ නමන බවත්, ඔවුන්ට ඇසිය හැක.
පල්ලියෙන් නැවතත් නිවසට පැමිණීමෙන් පසු, මෙම මිනිසුන් රූපවාහිනිය ක්‍රියාත්මක කොට පුවත් නැරඹිය හැක. දැන් සාගත, අපරාධ, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, දුගීකම ආදිය ගැන ඔවුන්ට අසන්ට ලැබේ. එමෙන්ම රෝග හා මරණයෙන් යුත් කනගාටුදායක දර්ශන ඔවුහු දකිති.
එවන් පුද්ගලයන් පල්ලියේදී අසන්ට ලැබූ දේවල්, විශේෂයෙන් කිසිදාක පැහැදිලි නොකරන දේවල් ගැන කල්පනා කිරීමට පටන්ගත හැක. දෙවියන්වහන්සේ ප්‍රේමනීය මෙන්ම සර්වබලධාරි කෙනෙකු නම්, මෙවන් බිහිසුණු දේවල් සිදුවන්නේ මන්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කුමක් කිව හැකිද? උන්වහන්සේට කීකරුව දණ නොනමන බොහෝදෙනෙකු සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.
[3වන පිටුවේ පින්තූරය]
දෙවියන්වහන්සේ ලෝකය පාලනය කරයි නම්, මෙතරම් දුකක් හා වියවුලක් පවතින්නේ මන්ද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover: NASA photo