නිව් වර්ල්ඩ් ට්රාන්ස්ලේෂන් විශාරදයෙකුගේ සිත්ගනී
ශාස්ත්රීය ග්රීක් විශාරද ආචාර්ය රේඛල් කෙල් ටෙන් ඛාට පවසන පරිදි, ඕලන්ද බයිබල් පරිවර්තන යම් වචන නිවැරදි ලෙස ගෙනහැර පෑමට අසමත් වෙයි. නිදසුනක් වශයෙන්, යේසුස්වහන්සේගේ හැදී වැඩීමේ අනුප්රාප්තික අවස්ථා විස්තර කිරීමට වෙනස් ග්රීක් වචන තුනක් (බ්රෙʹෆොස්, පායි·ඩිʹයොන් සහ පායිස්) යොදාගෙන තිබෙනවා අපට හමුවේ. මේ එක් එක් වචනයට අදහසේ වෙනස් පැති තිබේ. කෙසේවුවද, බොහෝ බයිබල්වල මෙම වචනවලින් දෙකක් හෝ තුනම නොපැහැදිලි ලෙස පරිවර්තනය කර තිබෙන්නේ “ළමයා” ලෙසය. නිවැරදි පරිවර්තනය කුමක්ද?
දොළොස්වන පදයේ බ්රෙʹෆොස් යන ග්රීක් වචනයේ අදහස “අලුත උපන් කෙනෙක් හෝ ළදරුවෙක්” කියා ආචාර්ය ටෙන් ඛාට පැහැදිලි කරයි. විසි හත්වන පදයේ සඳහන් පායි·ඩිʹයොන් යන වචනයේ අදහස “කුඩා පිරිමි දරුවා හෝ ළමයා” වන අතර, ලූක් 2 43වන පදයේ සඳහන් පායිස් යන්නෙන් අදහස් කරන්නේ “පිරිමි ළමයා” යන්නයි. ආචාර්ය ටෙන් ඛාට, බාබෙල් එන් වාටෙන්ෂාප් ප්රකාශනයේ 1993 මාර්තු කලාපයේ මෙසේ ලීවේය: “මා දන්නා තරමට, ඕලන්ද පරිවර්තන එකක්වත් මෙම වචනය ප්රමාණවත් ලෙස පරිවර්තනය කර නැත, එනම් එය මූලාරම්භක පාඨයට සම්පූර්ණයෙන්ම අනුකූලව පරිවර්තනය කොට නැත.”
පසුව, ඕලන්ද භාෂාව ඇතුළු භාෂා 12කින් ලබාගත හැකි නිව් වර්ල්ඩ් ට්රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්රිප්චර්ස් නමැති බයිබල් පරිවර්තනය ආචාර්ය ටෙන් ඛාටහට පෙන්වන ලදි. ඔහුගේ ප්රතික්රියා කුමක් වීද? ඔහු මෙසේ පැවසීය, “ඇත්තෙන්ම මෙම බ්රෙʹෆොස්, පායි·ඩිʹයොන් සහ පායිස් නමැති වෙනස් ග්රීක් වචන තුන නිසි ලෙස සැලකිල්ලට ගෙන පරිවර්තනය කර ඇති ඕලන්ද පරිවර්තනයක් තිබීම ගැන මම පුදුම වෙනවා.” නිව් වර්ල්ඩ් ට්රාන්ස්ලේෂන් බයිබල් පරිවර්තනය, මූලාරම්භක ග්රීක් පාඨ සමඟ එකඟව මෙම පද පරිවර්තනය කරයිද? “සම්පූර්ණයෙන්ම එකඟයි,” ආචාර්ය ටෙන් ඛාට ප්රතිචාර දක්වයි.